Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (24) ជំពូក​: យូនូស
اِنَّمَا مَثَلُ الْحَیٰوةِ الدُّنْیَا كَمَآءٍ اَنْزَلْنٰهُ مِنَ السَّمَآءِ فَاخْتَلَطَ بِهٖ نَبَاتُ الْاَرْضِ مِمَّا یَاْكُلُ النَّاسُ وَالْاَنْعَامُ ؕ— حَتّٰۤی اِذَاۤ اَخَذَتِ الْاَرْضُ زُخْرُفَهَا وَازَّیَّنَتْ وَظَنَّ اَهْلُهَاۤ اَنَّهُمْ قٰدِرُوْنَ عَلَیْهَاۤ ۙ— اَتٰىهَاۤ اَمْرُنَا لَیْلًا اَوْ نَهَارًا فَجَعَلْنٰهَا حَصِیْدًا كَاَنْ لَّمْ تَغْنَ بِالْاَمْسِ ؕ— كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّتَفَكَّرُوْنَ ۟
නුඹලා භුක්ති විඳින ඉතා ඉක්මණින් අවසන් වී යන මෙලොව ජීවිතයට උපමාව වනුයේ වර්ෂාවකි. එමගින් මහපොළොවේ, පැලෑටි මිනිසුන් අනුභව කරන ධාන්ය පළතුරු වැනි දෑ හා සතුන් අනුභව කරන තණකොළ හා වෙනත් දෑ සමග මිශ්ර වී මහපොළොව නිල්වන් බවට පත් වෙයි. හට ගන්නා පැළෑටි වර්ගවලින් මහපොළොව ආලංකාරමත් වෙයි. හට ගැනුනු අස්වැනු නෙලන්නට හා කඩන්නට තමන් ශක්තිය ඇත්තෝ වෙතැයි එහි වැසියන් සිතති. නමුත් එය විනාශ කර දැමීමේ අපගේ නියෝගය ඒ වෙත පැමිණෙයි. පසුව අපි ඉතා කෙටි කාලයක් තුළ එහි ගස් හා පැලෑටි නොවැඩුණාක් මෙන් නෙළන ලද භූමියක් බවට අපි එය පත් කරන්නෙමු. මෙලොව ජීවිතයේ තත්ත්වය හා එය ඉතා ඉක්මණින් අවසන් වීම ගැන අපි නුඹලාට පැහැදිළි කළාක් මෙන් ඒ බව සැලකිලිමත් වන හා මෙනෙහි කරන ජනයාට සාක්ෂි හා සාධක අපි පැහැදිලි කරන්නෙමු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الله أسرع مكرًا بمن مكر بعباده المؤمنين.
•අල්ලාහ් ව විශ්වාස කරන ඔහුගේ ගැත්තන්ට කුමන්ත්රණ කරන අයට උපාය මාර්ග යෙදීමෙන් අල්ලාහ් වේගවත්ය.

• بغي الإنسان عائد على نفسه ولا يضر إلا نفسه.
•මිනිසා සිදු කරන අපරාධ ඔහු වෙතම නැවත හැරී එනු ඇත. එය ඔහුවම මිස වෙනත් කිසිවකු විනාශ කරන්නේ නැත.

• بيان حقيقة الدنيا في سرعة انقضائها وزوالها، وما فيها من النعيم فهو فانٍ.
•මෙලොව ඉතා ඉක්මණින් නිමා වීමෙහි හා එය ඉකුත් ව යාමෙහි යථාර්ථය හා එහි ඇති විනාශ වී යන තාවකාලික සැප පහසුකම් පිළිබඳ පැහැදිලි කිරීම.

• الجنة هي مستقر المؤمن؛ لما فيها من النعيم والسلامة من المصائب والهموم.
•ස්වර්ග උයන දේව විශ්වාස කරන්නන්ගේ රැඳවුම් ස්ථානයයි. එය අභාග්යයන් හා දුක් කම්කටොලුවලින් ඈත් කරවා සැනසුම හා සුවපහසුකම් එහි තිබෙන බැවිණි.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (24) ជំពូក​: យូនូស
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ