Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (158) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
اِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَآىِٕرِ اللّٰهِ ۚ— فَمَنْ حَجَّ الْبَیْتَ اَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَیْهِ اَنْ یَّطَّوَّفَ بِهِمَا ؕ— وَمَنْ تَطَوَّعَ خَیْرًا ۙ— فَاِنَّ اللّٰهَ شَاكِرٌ عَلِیْمٌ ۟
මක්කාහ්වේ කඃබාව අසල පිහිටි සෆා හා මර්වා යන කදු දෙක සැවොම දන්නා ප්රසිද්ධ ආගමික සලකුණු වෙති. එහෙයින් කවරෙකු හජ් හෝ උම්රා වන්දනාව ඉටු කරන්නට අපේක්ෂා කරන්නේද ඒ දෙක අතර සක්මන් කිරීමට පාපයක් නැත. ‘සැබැවින්ම එය අඥාන කාලයේ පැවති කටයුත්තක්’ බව විශ්වාස කරමින් ඒ දෙක අතර සක්මන් කිරීමට පසුබට වූ මුස්ලිම්වරුන්ට දිරි ගැන්වීමක් විය. සැබැවින්ම එය හජ්හි පිළිවෙතක් බව අල්ලාහ් පැහැදිලි කළේය. කවරෙකු අවනත වෙමින් සතුටුදායක ක්රියාදාමයන් අමතර වශයෙන් අවංකව ඉටු කරන්නේද සැබැවින්ම අල්ලාහ් ඔහුට කෘතඥපූර්වකය. එය ඔහුගෙන් පිළිගෙන ඒ වෙනුවෙන් ඔහුට කුසල් පිරිනමයි. යහපත සිදු කරන්නන් කවුරුන්දැයිද කුසල් ලබන්නට සුදුස්සන් කවුරුන්දැයිද අල්ලාහ් මැනවින් දනී.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الابتلاء سُنَّة الله تعالى في عباده، وقد وعد الصابرين على ذلك بأعظم الجزاء وأكرم المنازل.
•පරීක්ෂණ යනු තම ගැත්තන් අතර ක්රියාත්මක කරවන අල්ලාහ්ගේ න්යායකි. එය ඉවසා දරාගන්නන් හට ඉමහත් ප්රතිඵල හා ගෞරවනීය වාසස්ථාන ඇති බව අල්ලාහ් ප්රතිඥා දී ඇත.

• مشروعية السعي بين الصفا والمروة لمن حج البيت أو اعتمر.
•හජ් හෝ උම්රා ඉටු කිරීමට අපේක්ෂාවෙන් යන වන්දනාකරුවන්හට සෆා හා මර්වා අතර සඃයු නම් සක්මන් කිරීම ආගමානුගත කර ඇත.

• من أعظم الآثام وأشدها عقوبة كتمان الحق الذي أنزله الله، والتلبيس على الناس، وإضلالهم عن الهدى الذي جاءت به الرسل.
•අල්ලාහ් පහළ කළ සත්යය වසන් කිරීමත් මිනිසුන් රැවටීමත් දහම් දූතවරු ගෙන ආ යහමගින් මිනිසා නොමග යැවීමත් අතිමහත් පාපයක් මෙන්ම දැඩි සේ දඬුවම් ලැබිය හැකි බරපතළ වරදකි.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (158) ជំពូក​: អាល់ហ្ពាក៏រ៉ោះ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ