Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (18) ជំពូក​: ហ្គហ្វៀរ
وَاَنْذِرْهُمْ یَوْمَ الْاٰزِفَةِ اِذِ الْقُلُوْبُ لَدَی الْحَنَاجِرِ كٰظِمِیْنَ ؕ۬— مَا لِلظّٰلِمِیْنَ مِنْ حَمِیْمٍ وَّلَا شَفِیْعٍ یُّطَاعُ ۟ؕ
අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ගැන ඔවුනට අවවාද කරනු. සැබවින්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන එදින ඉතා සමීපය. එය පැමිණෙන්නක්මය. පැමිණෙන සෑම දෙයක්ම සමීපයෙන් පවතී. එදින පවතින දරුණු ව්යසනය හේතුවෙන් හදවත්, අදාළ පුද්ගලයින්ගේ උගුරු වෙත සේන්දු වන තරමට ඉහළට නැගී පවතී. මහා කරුණාන්විතයාණන් අවසර දුන් අය හැර ඔවුන් අතරින් කිසිවෙකු කතා කළ නොහැකි ගොළුවන් සේ සිටිති. දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් තමන්ට ම අපරාධ කර ගත් අපරාධකරුවන් හට කිසිදු මිතුරෙකු හෝ සමීපතයෙකු හෝ නොවනු ඇත. එමෙන්ම ඔහු වෙනුවෙන් මැදිහත් වන්නට නියම කරනු ලැබූ විට එයට අවනත වී මැදිහත් වන කිසිදු මැදිහත්කරුවකු ද නොමැත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• التذكير بيوم القيامة من أعظم الروادع عن المعاصي.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය සිහිපත් කිරීම, පාපයෙන් වැළකී සිටීමට මහඟු සාධකයකි.

• إحاطة علم الله بأعمال عباده؛ خَفِيَّة كانت أم ظاهرة.
•අල්ලාහ් තම ගැත්තන්ගේ අභ්යන්තර මෙන්ම බාහිර සියලු ක්රියාකාරකම් පිළිබඳ ඔහුගේ දැනුමෙන් ආවරණය කර සිටින්නාය.

• الأمر بالسير في الأرض للاتعاظ بحال المشركين الذين أهلكوا.
•විනාශ කරනු ලැබූ දේව ආදේශකයින්ගේ තත්ත්වය ගැන උපදෙස් ලබන්නට මහපොළොවේ සැරිසරන මෙන් වූ නියෝගය.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (18) ជំពូក​: ហ្គហ្វៀរ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ