Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (15) ជំពូក​: មូហាំម៉ាត់
مَثَلُ الْجَنَّةِ الَّتِیْ وُعِدَ الْمُتَّقُوْنَ ؕ— فِیْهَاۤ اَنْهٰرٌ مِّنْ مَّآءٍ غَیْرِ اٰسِنٍ ۚ— وَاَنْهٰرٌ مِّنْ لَّبَنٍ لَّمْ یَتَغَیَّرْ طَعْمُهٗ ۚ— وَاَنْهٰرٌ مِّنْ خَمْرٍ لَّذَّةٍ لِّلشّٰرِبِیْنَ ۚ۬— وَاَنْهٰرٌ مِّنْ عَسَلٍ مُّصَفًّی ؕ— وَلَهُمْ فِیْهَا مِنْ كُلِّ الثَّمَرٰتِ وَمَغْفِرَةٌ مِّنْ رَّبِّهِمْ ؕ— كَمَنْ هُوَ خَالِدٌ فِی النَّارِ وَسُقُوْا مَآءً حَمِیْمًا فَقَطَّعَ اَمْعَآءَهُمْ ۟
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිමින් ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කළවුන් වනාහි ඔවුන් ඇතුළත් කරන බවට අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන් ස්වර්ගයේ ස්වරූපය, ‘කල් ගත වීමෙන් සුවයේ හෝ ගන්ධයේ හෝ වෙනසක් ඇති නොවන ජල ගංගා එහි ඇත. එමෙන්ම සුවය වෙනස් නොවන කිරි ගංගා ද ඇත. පානය කරන්නන්හට මිහිර ගෙන දෙන මධු ගංගා ද ඇත. රොඩුවලින් පිරිසිදු කරන ලද මී පැණි ගංගා ද ඇත. ඔවුන් අභිමත කරන පරිදි සියලුම වර්ගයේ පළතුරු ද ඇත. ඒ සියල්ලටම ඉහළින් ඔවුන්ගේ පාපකම් සඳහා අල්ලාහ්ගෙන් සමාව ඇත. ඒ හේතුවෙන් අල්ලාහ් ඔවුන් වරදකරුවන් ලෙස ග්රහණය නොකරයි. මෙම ප්රතිඵල ඇති පුද්ගලයා ගැලවුමක් නැති නිරා ගින්නේ රැඳී සිටින, උණුසුම් ලෝ දිය පානයට දෙනු ලබන, එහි පවතින දැඩි උණුසුම හේතුවෙන් ඔවුන්ගේ බලවැල් ඉරා දමනු ලබන පුද්ගලයා සමග සමාන වන්නේ ද?
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• اقتصار همّ الكافر على التمتع في الدنيا بالمتع الزائلة.
•මෙලොවෙහි ඉතා පහත් වින්දනයන් තුළින් භුක්ති විඳීම මත පමණක් දේව ප්රතික්ෂේපකයාගේ අරමුණු සීමා වී තිබීම.

• المقابلة بين جزاء المؤمنين وجزاء الكافرين تبيّن الفرق الشاسع بينهما؛ ليختار العاقل أن يكون مؤمنًا، ويختار الأحمق أن يكون كافرًا.
•දේව විශ්වාසීන්ගේ ප්රතිඵල හා දේව ප්රතික්ෂේපකයින්ගේ ප්රතිඵල එකිනෙක ගෙන හැර පෑමෙන් ඔවුන් දෙවර්ගයේ පවතින විශාල වෙනස්කම පැහැදිලි කරයි. එය බුද්ධිමතා තමන් දේව විශ්වාසියකු වීම තෝරා ගැනීමටත් අඥානයා තමන් දේව ප්රතික්ෂේපයකු වීම තෝරා ගැනීමටත් ඉඩ සලසයි.

• بيان سوء أدب المنافقين مع رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා සමග පවත්වාගත් කුහකයින්ගේ නපුරු විනය පැහැදිලි කිරීම.

• العلم قبل القول والعمل.
•ප්රකාශයට හා ක්රියාවට පෙර දැනුම.

 
ការបកប្រែអត្ថន័យ អាយ៉ាត់: (15) ជំពូក​: មូហាំម៉ាត់
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ