Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តឹកវៀរ   អាយ៉ាត់:

අත් තක්වීර්

គោល​បំណងនៃជំពូក:
كمال القرآن في تذكير الأنفس باختلال الكون عند البعث.
නැවත නැගිටුවනු ලබන අවස්ථාවේ විශ්වයේ ඇතිවන අසමතුලිත වෙනස්කම් මිනිස් ආත්මාවන්ට සිහි කැඳවීමෙහි අල් කුර්ආනයේ පූර්ණවත්භාවය.

اِذَا الشَّمْسُ كُوِّرَتْ ۟
හිරු එහි ස්කන්ධය සමග හැකිළී ගොස් එහි ආලෝකය පහ ව ගිය විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا النُّجُوْمُ انْكَدَرَتْ ۟
ග්රහ තාරකා කඩා හැළී ඒවායෙහි ආලෝකය ද මැකී ගිය විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْجِبَالُ سُیِّرَتْ ۟
කඳු තිබූ තැනින් වෙන් වී චලනය වූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْعِشَارُ عُطِّلَتْ ۟
ඔවුන්ගේ වටිනාම වූ සම්පතක් ලෙස සැලකූ ගැබ් ගත් ඔටුවන්ව එහි අයිතිකරුවන් විසින් නොසළකා අතහැර දමනු ලැබූ විට.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْوُحُوْشُ حُشِرَتْ ۟
එකම යායක වනසතුන් මිනිසුන් සමඟ එක්රැස් කරනු ලබන විට,
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْبِحَارُ سُجِّرَتْ ۟
මුහුදු ගිනියම් වන තත්වයට පත්වන තරමට එය අවුළුවනු ලැබූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا النُّفُوْسُ زُوِّجَتْ ۟
ආත්මාවන් ඒවාට සමාන අය සමඟ සම්බන්ධ කරනු ලැබූ විට... එනම් පාපිෂ්ටයා පාපිෂ්ටයා සමගද දැහැමියා දැහැමියා සමගද සම්බන්ධ කරනු ලබනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْمَوْءٗدَةُ سُىِٕلَتْ ۟
පණ පිටින් වළලනු ලැබූ දැරියන්ගෙන් අල්ලාහ් ප්රශ්න කරන විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
بِاَیِّ ذَنْۢبٍ قُتِلَتْ ۟ۚ
ඔබ ව ඝාතනය කළවුන් කවර වරදක් සඳහා ඝාතනය කළේ දැයි ප්රශ්ණ කරනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الصُّحُفُ نُشِرَتْ ۟
ගැත්තන් සෑම කෙනෙකුම ඔවුනොවුන් විසින් සිදු කළ ක්රියාවන් පිළිබඳ වාර්තා කියවනු පිණිස එම ක්රියා ලේඛන දිග හරිනු ලැබූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا السَّمَآءُ كُشِطَتْ ۟
එළුවකුගේ හම ගලවන්නාක් මෙන් අහස ඉවත් කරනු ලැබූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْجَحِیْمُ سُعِّرَتْ ۟
තවද නිරා ගින්න මොළවනු ලැබූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَاِذَا الْجَنَّةُ اُزْلِفَتْ ۟
ස්වර්ගය බියබැතිමතුන් හට සමීප කරවනු ලැබූ විට...
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
عَلِمَتْ نَفْسٌ مَّاۤ اَحْضَرَتْ ۟ؕ
මේ සියල්ල සිදුවන අවස්ථාවේ දී සෑම ආත්මයක්ම එදින වෙනුවෙන් තමන් පෙර කර තිබුණා වූ ක්රියාවන් පිළිබඳ දැනගනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
فَلَاۤ اُقْسِمُ بِالْخُنَّسِ ۟ۙ
රාත්රියෙහි එය උදාවන්නට පෙර සැඟවී පවතින තාරකා මත අල්ලාහ් දිවුරා පවසයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
الْجَوَارِ الْكُنَّسِ ۟ۙ
අලුයම උදාවන අවස්ථාවේදී සැඟවී යන ග්රහලෝක අතර ඒවා ගමන් කරනු ඇත. මුවෙකු තම වාසස්ථානයට ඇතුල්වීම ද උපමාවක් ලෙස ගත හැක.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَالَّیْلِ اِذَا عَسْعَسَ ۟ۙ
රාත්රියේ ආරම්භය උදාවන විට ඒ මත දිවුරා පවසයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَالصُّبْحِ اِذَا تَنَفَّسَ ۟ۙ
අලුයම් ආලෝකය උදාවන විට ඒ මත ද දිවුරා පවසයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
اِنَّهٗ لَقَوْلُ رَسُوْلٍ كَرِیْمٍ ۟ۙ
නියත වශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පහළ කරනු ලැබූ අල් කුර්ආනය අල්ලාහ්ගේ වදන් වේ. එය විශ්වාසනීය දේව දූත ජිබ්රීල් තුමා විසින් එතුමාණන්ට දැන්වීය. අල්ලාහ් එම කටයුත්ත එතුමාට භාර කළේය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ذِیْ قُوَّةٍ عِنْدَ ذِی الْعَرْشِ مَكِیْنٍ ۟ۙ
ඔහු ශක්තිමත් වූ අයෙකි. දේව රාජ්යයේ දෙවියන් අබියස ගෞරවනීය නිලයක් හිමි අයෙකි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
مُّطَاعٍ ثَمَّ اَمِیْنٍ ۟ؕ
අහස්වාසීහු ඔහුට අවනත වනු ඇත. වහී හෙවත් දේව පණිවිඩ දන්වා සිටීමේ වගකීම සම්බන්ධයෙන් ඔහු විශ්වාස කරනු ලැබූවෙකි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَمَا صَاحِبُكُمْ بِمَجْنُوْنٍ ۟ۚ
නුඹලා දන්නා හඳුනන මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ බුද්ධිය ඔහුගේ විශ්වාසනීයභාවය හා ඔහුගේ සත්යභාවය යනාදියෙන් නිරූපණය වනුයේ නුඹලා ගොතා පවසනු ලබන දේ මෙන් මුහම්මද් තුමාණන් උමතු වූවෙකු නොවන බවය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَلَقَدْ رَاٰهُ بِالْاُفُقِ الْمُبِیْنِ ۟ۚ
ඔබේ මිතුරා වන එතුමා ජිබ්රීල් තුමාව මැවූ සැබෑ ස්වරූපයෙන්ම පැහැදිලිව ක්ෂිතිජය තුළ දුටුවේය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَمَا هُوَ عَلَی الْغَیْبِ بِضَنِیْنٍ ۟ۚ
නුඹලා වෙත දන්වා සිටින්නට නියම කළ කිසිදු කරුණක් නුඹලා වෙත දන්වා සිටීමට එතුමා මසුරු නොවූහ. හූනියම් කරුවන් ගන්නාක් මෙන් කිසිදු කුලියක් හෝ එතුමා නොගන්නේය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَمَا هُوَ بِقَوْلِ شَیْطٰنٍ رَّجِیْمٍ ۟ۙ
මෙම අල් කුර්ආනය අල්ලාහ්ගේ කරුණාවෙන් මිස, පළවා හරින ලද ෂෙයිතාන්ගේ ප්රකාශයක් නොවේ.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
فَاَیْنَ تَذْهَبُوْنَ ۟ؕ
මෙම සාධක ඉදිරිපත් කිරීමෙන් පසුව අල් කුර්ආනය අල්ලාහ්ගෙන් පැමිණි එකක් බව ප්රතික්ෂේප කරන්නට නුඹලා ගමන් කරන මඟ කුමක්ද?
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟ۙ
අල් කුර්ආනය මිනිස් සංහතියට හා ජින් සංහතියට උපදෙසක් හා මෙනෙහි කිරීමක් මිස වෙනකක් නොවේ.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
لِمَنْ شَآءَ مِنْكُمْ اَنْ یَّسْتَقِیْمَ ۟ؕ
එය ඔබ අතර සිටින්නාවූ සත්ය මාර්ගයේ ඍජුව ගමන් කරන්නට ප්රිය කරන අය වෙනුවෙනි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَمَا تَشَآءُوْنَ اِلَّاۤ اَنْ یَّشَآءَ اللّٰهُ رَبُّ الْعٰلَمِیْنَ ۟۠
එසේ ඍජු මාර්ගයේ ගමන් කිරීමට හෝ වෙනත් කටයුත්තක් සිදු කිරීමට හෝ අල්ලාහ්ගේ අභිමතයෙන් මිස නුඹලාගේ අභිමතය පරිදි කළ නොහැක. ඔහු සියලු මැවීම්හි පරමාධිපතියාණන්ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• حَشْر المرء مع من يماثله في الخير أو الشرّ.
• යහපත් හෝ අයපත් කවර පුද්ගලයකු සමඟ කෙනෙකු සේන්දු වී සිටිත් ද ඔහු වැනි කෙනෙකු සමඟ ඔහු නැගිටුවනු ලබනු ඇත.

• إذا كانت الموءُودة تُسأل فما بالك بالوائد؟ وهذا دليل على عظم الموقف.
• වළලනු ලැබූ දැරියන් ඔබෙන් ප්රශ්න කරනු ලබන විට තත්ත්වය කෙසේ වනු ඇත්ද? මෙම සිදුවීම් එම නැවතුම් පොළෙහි භයානක කම පෙන්වා දෙන සාධකයකි.

• مشيئة العبد تابعة لمشيئة الله.
• මිනිසා අභිමත කරන දෑ සිදුවනුයේ අල්ලාහ්ගේ අභිමතයට අනුකූලවය.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាត់តឹកវៀរ
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ