Check out the new design

ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា * - សន្ទស្សន៍នៃការបកប្រែ


ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាច់រ៍   អាយ៉ាត់:
وَجِایْٓءَ یَوْمَىِٕذٍ بِجَهَنَّمَ ۙ۬— یَوْمَىِٕذٍ یَّتَذَكَّرُ الْاِنْسَانُ وَاَنّٰی لَهُ الذِّكْرٰی ۟ؕ
එදින නිරය සමීපයට ගෙන එනු ලබයි. එයට දංවැල් දහසක් ඇත. සෑම දංවැලක්ම හැත්තෑ දහසක් මලක්වරු අල්ලාගෙන එය ඇද ගෙන එනු ඇත. එදින මිනිසා අල්ලාහ් වෙත සමීප වීමට අතපසු වූ කරුණු ගැන මෙනෙහි කරනු ඇත. නමුත් එදිනදී එසේ මෙනෙහි කිරීම ඔහුට කෙසේ නම් ඵල දෙනු ඇත් ද? හේතුව එය ප්රතිඵල දෙන දිනයක් මිස යහකම් කිරීමේ දිනයක් නොවන බැවිනි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
یَقُوْلُ یٰلَیْتَنِیْ قَدَّمْتُ لِحَیَاتِیْ ۟ۚ
දැඩි කණස්සල්ලෙන් ඔහු (මිනිසා) “අහෝ මාගේ මේ සැබෑ මතුලොව ජීවිතය වෙනුවෙන් කල් ඇතිව යහකම් කරන්නට තිබුණා නොවේදැ”යි පවසා පසුතැවිලි වෙයි.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
فَیَوْمَىِٕذٍ لَّا یُعَذِّبُ عَذَابَهٗۤ اَحَدٌ ۟ۙ
එදින අල්ලාහ් දඬුවම් කරන්නාක් මෙන් කිසිවකු දඬුවම් නොකරයි. හේතුව අල්ලාහ්ගේ දඬුවම ඉතා දරුණුය. නොකඩවා පවතින්නක්ය.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَّلَا یُوْثِقُ وَثَاقَهٗۤ اَحَدٌ ۟ؕ
එහිදී දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ව දංවැල්වලින් බැඳ දමන්නාක් මෙන් කිසිවකු බැඳ නොදමනු ඇත.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
یٰۤاَیَّتُهَا النَّفْسُ الْمُطْمَىِٕنَّةُ ۟ۗۙ
දෙවියන් විශ්වාස කළ එනම්: මුඃමින්වරයකුගේ ආත්මය වනාහි, එය මරණයට පත් වන විට හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන විටදී ආහෝ දේව විශ්වාසය තුළට පිවිස යහකම්කොට සැනසුමට පත් ආත්මය!” යැයි ආමන්ත්රණය කරමින් මෙසේ පවසනු ලැබේ.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ارْجِعِیْۤ اِلٰی رَبِّكِ رَاضِیَةً مَّرْضِیَّةً ۟ۚ
ඔබ විසින් හිමි කර ගත් මහඟු තිළිණ සම්බන්ධයෙන් ඔබේ පරමාධිපති ගැන ඔබ තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ කළ යහකම් හේතුවෙන් සුවිශුද්ධ අල්ලාහ් ඔබ ගැන තෘප්තියට පත් වූ තත්ත්වයෙන් ද ඔබ ඔබේ පරමාධිපති වෙත හැරී යනු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
فَادْخُلِیْ فِیْ عِبٰدِیْ ۟ۙ
මාගේ දැහැමි ගැත්තන්ගේ කණ්ඩායමට ඔබත් ඇතුළු වනු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
وَادْخُلِیْ جَنَّتِیْ ۟۠
ඔවුනට මා විසින් සූදානම් කර ඇති මාගේ ස්වර්ගයට ඔබ ද පිවිසෙනු.
តាហ្វសៀរជាភាសា​អារ៉ាប់ជាច្រេីន:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• عتق الرقاب، وإطعام المحتاجين في وقت الشدة، والإيمان بالله، والتواصي بالصبر والرحمة: من أسباب دخول الجنة.
• වහලුන් නිදහක් කිරීම, දැඩි සාගින්නකින් පෙළෙන අවස්ථාවක අවශ්ය්තාවෙන් සිටින උදවියට ආහාර සැපයීම, අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීම, ඉවසීම හා කරුණාව පිළිබඳ අන්යෝන්ය ලෙස උපදෙස් දීම යනාදිය ස්වර්ගයට පිවිසීමට ඉවහල් වන වැදගත් කරුණු වන්නේය.

• من دلائل النبوة إخباره أن مكة ستكون حلالًا له ساعة من نهار.
• නබිත්වයේ සාධකයක් වනුයේ දහවල් කාලයේ පැයක කාලයක් මක්කාව තුළ තමන් කැමති පරිදි කටයුතු කරන්නට ඔහුට සම්පූර්ණ අනුමැතිය ඇති බව දන්වා සිටීමය.

• لما ضيق الله طرق الرق وسع طرق العتق، فجعل الإعتاق من القربات والكفارات.
• අල්ලාහ් වහල්බවේ මාර්ග පටු කරමින් නිදහස් බවේ මාර්ග පුළුල් කරන විට එම නිදහස් කිරීම ඔහු වෙත සමීප වීමටත්, කළ පාපයන් සඳහා ප්රතිකර්මයක් වීමටත් හේතුන් බවට එය පත් කරනු ඇත.

 
ការបកប្រែអត្ថន័យ ជំពូក​: អាល់ហ្វាច់រ៍
សន្ទស្សន៍នៃជំពូក លេខ​ទំព័រ
 
ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា - សន្ទស្សន៍នៃការបកប្រែ

ត្រូវបានចេញដោយមជ្ឈមណ្ឌល តាហ្វសៀរនៃការសិក្សាគម្ពីគួរអាន

បិទ