Check out the new design

وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان * - پێڕستی وه‌رگێڕاوه‌كان

PDF XML CSV Excel API
Please review the Terms and Policies

وه‌رگێڕانی ماناكان سوره‌تی: المنافقون   ئایه‌تی:

අල් මුනාෆිකූන්

اِذَا جَآءَكَ الْمُنٰفِقُوْنَ قَالُوْا نَشْهَدُ اِنَّكَ لَرَسُوْلُ اللّٰهِ ۘ— وَاللّٰهُ یَعْلَمُ اِنَّكَ لَرَسُوْلُهٗ ؕ— وَاللّٰهُ یَشْهَدُ اِنَّ الْمُنٰفِقِیْنَ لَكٰذِبُوْنَ ۟ۚ
කුහකයෝ නුඹ වෙත පැමිණි විට “නියත වශයෙන් ම නුඹ අල්ලාහ්ගේ දූතයාණන් යැයි අපි සාක්ෂි දරන්නෙමු” යැයි ඔවුහු පවසති. තවද නියත වශයෙන් ම නුඹ ඔහුගේ ගැත්තා බව අල්ලාහ් දනී. තවද නියත වශයෙන් ම කුහකයෝ බොරුකාරයින් බව අල්ලාහ් සාක්ෂි දරයි.
تەفسیرە عەرەبیەکان:
اِتَّخَذُوْۤا اَیْمَانَهُمْ جُنَّةً فَصَدُّوْا عَنْ سَبِیْلِ اللّٰهِ ؕ— اِنَّهُمْ سَآءَ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුන්ගේ දිවුරීම් ඔවුන් පලිහක් ලෙස ගෙන අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
تەفسیرە عەرەبیەکان:
ذٰلِكَ بِاَنَّهُمْ اٰمَنُوْا ثُمَّ كَفَرُوْا فَطُبِعَ عَلٰی قُلُوْبِهِمْ فَهُمْ لَا یَفْقَهُوْنَ ۟
එය නියත වශයෙන් ම ඔවුන් විශ්වාස කොට පසුව ප්‍රතික්ෂේප කළ හේතුවෙනි. එවිට ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබනු ලැබී ය. එහෙයින් ඔවුහු වටහා නො ගනු ඇත.
تەفسیرە عەرەبیەکان:
وَاِذَا رَاَیْتَهُمْ تُعْجِبُكَ اَجْسَامُهُمْ ؕ— وَاِنْ یَّقُوْلُوْا تَسْمَعْ لِقَوْلِهِمْ ؕ— كَاَنَّهُمْ خُشُبٌ مُّسَنَّدَةٌ ؕ— یَحْسَبُوْنَ كُلَّ صَیْحَةٍ عَلَیْهِمْ ؕ— هُمُ الْعَدُوُّ فَاحْذَرْهُمْ ؕ— قَاتَلَهُمُ اللّٰهُ ؗ— اَنّٰی یُؤْفَكُوْنَ ۟
තවද නුඹ ඔවුන් දුටු විට ඔවුන්ගේ ශරීර(හැඩරුව) නුඹව විශ්මයට පත් කරනු ඇත. තවද ඔවුන් (යමක්) පවසන්නේ නම් ඔවුන්ගේ ප්‍රකාශයට නුඹ සවන් දෙනු ඇත. නියත වශයෙන් ම ඔවුන් හේත්තු කර තැබු ලී කොටයක් මෙනි. සෑම හඬක්ම තමන්ට එරෙහි වූවක් යැයි ඔවුහු සිතති. ඔවුහු මය සතුරෝ. එහෙයින් නුඹ ඔවුන්ගෙන් ප්‍රවේශම් වනු. අල්ලාහ් ඔවුන් විනාශ කරත්වා! ඔවුන් (සත්‍යයෙන්) වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?
تەفسیرە عەرەبیەکان:
 
وه‌رگێڕانی ماناكان سوره‌تی: المنافقون
پێڕستی سوره‌ته‌كان ژمارەی پەڕە
 
وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان - پێڕستی وه‌رگێڕاوه‌كان

وەرگێڕان: تیمی ناوەندی ڕواد بۆ وەرگێڕان بە هاوكاری كۆڕگەی بانگەوازی لە ڕەبەوە و كۆڕگەی خزمەتگوزای ناوەڕۆکە ئیسلامیەکان بە زمانەکان.

داخستن