Check out the new design

وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان * - پێڕستی وه‌رگێڕاوه‌كان

PDF XML CSV Excel API
Please review the Terms and Policies

وه‌رگێڕانی ماناكان سوره‌تی: التوبة   ئایه‌تی:
اِسْتَغْفِرْ لَهُمْ اَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ ؕ— اِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِیْنَ مَرَّةً فَلَنْ یَّغْفِرَ اللّٰهُ لَهُمْ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ ؕ— وَاللّٰهُ لَا یَهْدِی الْقَوْمَ الْفٰسِقِیْنَ ۟۠
(නබිවරය!) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නො සිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නො දෙන්නේ ම ය. හේතුව සැබැවින් ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ පෙන්වන්නේ නැත.
تەفسیرە عەرەبیەکان:
فَرِحَ الْمُخَلَّفُوْنَ بِمَقْعَدِهِمْ خِلٰفَ رَسُوْلِ اللّٰهِ وَكَرِهُوْۤا اَنْ یُّجَاهِدُوْا بِاَمْوَالِهِمْ وَاَنْفُسِهِمْ فِیْ سَبِیْلِ اللّٰهِ وَقَالُوْا لَا تَنْفِرُوْا فِی الْحَرِّ ؕ— قُلْ نَارُ جَهَنَّمَ اَشَدُّ حَرًّا ؕ— لَوْ كَانُوْا یَفْقَهُوْنَ ۟
අල්ලාහ්ගේ දූතයාණන්ට විරුද්ධව (තබූක් මෙහෙයුමට නො ගොස්) තම ස්ථානයන්හිම පසු බැස (රැඳී) සිටින්නෝ සතුටු වූහ. තවද තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝ ය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත්ව නො යනු යැයි ඔවුහු පැවසුවෝ ය. ඔවුහු අවබෝධ කර ගන්නේ නම්, නිරා ගින්න උෂ්ණත්වයෙන් ඊට වඩා අධික යැයි (නබිවරය!) නුඹ පවසනු.
تەفسیرە عەرەبیەکان:
فَلْیَضْحَكُوْا قَلِیْلًا وَّلْیَبْكُوْا كَثِیْرًا ۚ— جَزَآءً بِمَا كَانُوْا یَكْسِبُوْنَ ۟
ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා! අධිකව අඬත්වා!
تەفسیرە عەرەبیەکان:
فَاِنْ رَّجَعَكَ اللّٰهُ اِلٰی طَآىِٕفَةٍ مِّنْهُمْ فَاسْتَاْذَنُوْكَ لِلْخُرُوْجِ فَقُلْ لَّنْ تَخْرُجُوْا مَعِیَ اَبَدًا وَّلَنْ تُقَاتِلُوْا مَعِیَ عَدُوًّا ؕ— اِنَّكُمْ رَضِیْتُمْ بِالْقُعُوْدِ اَوَّلَ مَرَّةٍ فَاقْعُدُوْا مَعَ الْخٰلِفِیْنَ ۟
එහෙයින් (නබිවරය!) ඔවුන් අතරින් පිරිසක් වෙත අල්ලාහ් නුඹව නැවත හැරී එන්නට සැලස් වූයේ නම් එවිට (වෙනත් යුද මෙහෙයුම් සඳහා) පිටත්ව යන්නට ඔබෙන් ඔවුහු අවසර පතති. ‘නුඹලා කිසි කලෙක මා සමඟ පිටත්ව නො යන්නෙහු ම ය. තවද නුඹලා මා සමඟ සතුරන්ට එරෙහිව සටන් නො කරන්නෙහු ම ය. නියත වශයෙන් ම නුඹලා මුල් වාරයේ රැඳී සිටීමට ප්‍රිය කළෙහු ය. එහෙයින් නුඹලා පසුබැස්සවුන් සමඟ ම රැඳී සිටිනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
تەفسیرە عەرەبیەکان:
وَلَا تُصَلِّ عَلٰۤی اَحَدٍ مِّنْهُمْ مَّاتَ اَبَدًا وَّلَا تَقُمْ عَلٰی قَبْرِهٖ ؕ— اِنَّهُمْ كَفَرُوْا بِاللّٰهِ وَرَسُوْلِهٖ وَمَاتُوْا وَهُمْ فٰسِقُوْنَ ۟
ඔවුන් අතරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නො වනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නො සිටිනු. නියත වශයෙන් ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්‍රතික්ෂේප කළෝ ය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝ ය.
تەفسیرە عەرەبیەکان:
وَلَا تُعْجِبْكَ اَمْوَالُهُمْ وَاَوْلَادُهُمْ ؕ— اِنَّمَا یُرِیْدُ اللّٰهُ اَنْ یُّعَذِّبَهُمْ بِهَا فِی الدُّنْیَا وَتَزْهَقَ اَنْفُسُهُمْ وَهُمْ كٰفِرُوْنَ ۟
ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹව මවිතයට පත් නො කළ යුතු ය. අල්ලාහ් එමඟින් අපේක්ෂා කරනුයේ ඔවුනට මෙලොවෙහි දඬුවම් කිරීමට ය. තවද ඔවුන් දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් ලෙස සිටි තත්ත්වයේම ඔවුන්ගේ ප්‍රාණය නැසී යාමට ය.
تەفسیرە عەرەبیەکان:
وَاِذَاۤ اُنْزِلَتْ سُوْرَةٌ اَنْ اٰمِنُوْا بِاللّٰهِ وَجَاهِدُوْا مَعَ رَسُوْلِهِ اسْتَاْذَنَكَ اُولُوا الطَّوْلِ مِنْهُمْ وَقَالُوْا ذَرْنَا نَكُنْ مَّعَ الْقٰعِدِیْنَ ۟
නුඹලා අල්ලාහ්ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක්ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට ඔවුන් අතරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති.
تەفسیرە عەرەبیەکان:
 
وه‌رگێڕانی ماناكان سوره‌تی: التوبة
پێڕستی سوره‌ته‌كان ژمارەی پەڕە
 
وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان - پێڕستی وه‌رگێڕاوه‌كان

وەرگێڕان: تیمی ناوەندی ڕواد بۆ وەرگێڕان بە هاوكاری كۆڕگەی بانگەوازی لە ڕەبەوە و كۆڕگەی خزمەتگوزای ناوەڕۆکە ئیسلامیەکان بە زمانەکان.

داخستن