Check out the new design

Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras * - Vertimų turinys

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Reikšmių vertimas Sūra: An-Nachl   Aja (Korano eilutė):
وَلَا تَتَّخِذُوْۤا اَیْمَانَكُمْ دَخَلًا بَیْنَكُمْ فَتَزِلَّ قَدَمٌ بَعْدَ ثُبُوْتِهَا وَتَذُوْقُوا السُّوْٓءَ بِمَا صَدَدْتُّمْ عَنْ سَبِیْلِ اللّٰهِ ۚ— وَلَكُمْ عَذَابٌ عَظِیْمٌ ۟
තවද නුඹලාගේ දිවුරුම් (වංචා සහගත ලෙස) නුඹලා අතර ප්‍රවේශයක් වශයෙන් නුඹලා නො ගනු. එවිට නුඹලාගේ පාද එය ස්ථීරව තැබූ පසුව ලිස්සා යනු ඇත. තවද නුඹලා අල්ලාහ්ගේ මාර්ගයෙන් අවහිර කළ බැවින් නුඹලා නපුර භුක්ති විඳිනු ඇත. තවද නුඹලාට අතිමහත් දඬුවමක් ඇත.
Tafsyrai arabų kalba:
وَلَا تَشْتَرُوْا بِعَهْدِ اللّٰهِ ثَمَنًا قَلِیْلًا ؕ— اِنَّمَا عِنْدَ اللّٰهِ هُوَ خَیْرٌ لَّكُمْ اِنْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
තවද අල්ලාහ්ගේ ගිවිසුම අල්ප මිලකට නො විකුණනු. නුඹලා දැන සිටියෙහු නම් නියත වශයෙන් ම අල්ලාහ් සතුව ඇති දෙයමය නුඹලාට වඩාත් උතුම් වනුයේ.
Tafsyrai arabų kalba:
مَا عِنْدَكُمْ یَنْفَدُ وَمَا عِنْدَ اللّٰهِ بَاقٍ ؕ— وَلَنَجْزِیَنَّ الَّذِیْنَ صَبَرُوْۤا اَجْرَهُمْ بِاَحْسَنِ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
නුඹලා සතුව ඇති දෑ ශූන්‍ය වී යනු ඇත. එහෙත් අල්ලාහ් සතුව ඇති දෑ ඉතිරිව පවතින්නකි. ඉවසා දරා ගත් අයට ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි පිරිනමන්නෙමු.
Tafsyrai arabų kalba:
مَنْ عَمِلَ صَالِحًا مِّنْ ذَكَرٍ اَوْ اُ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْیِیَنَّهٗ حَیٰوةً طَیِّبَةً ۚ— وَلَنَجْزِیَنَّهُمْ اَجْرَهُمْ بِاَحْسَنِ مَا كَانُوْا یَعْمَلُوْنَ ۟
යම් පිරිමියකුගෙන් හෝ වේවා කාන්තාවකගෙන් හෝ වේවා දේවත්වය විශ්වාස කරන්නෙකු ලෙස සිට යමෙකු දැහැමි කටයුත්තක් කළේ ද එවිට යහපත් ජීවිතයක් අපි ඔහුට උදා කරන්නෙමු. තවද ඔවුන් සිදු කරමින් සිටි දෑට ඉතා යහපත් අයුරින් ඔවුන්ගේ ප්‍රතිඵල අපි ඔවුනට පිරිනමන්නෙමු.
Tafsyrai arabų kalba:
فَاِذَا قَرَاْتَ الْقُرْاٰنَ فَاسْتَعِذْ بِاللّٰهِ مِنَ الشَّیْطٰنِ الرَّجِیْمِ ۟
එහෙයින් නුඹ අල් කුර්ආනය පාරායනා කළ විට පලවා හරින ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතනු.
Tafsyrai arabų kalba:
اِنَّهٗ لَیْسَ لَهٗ سُلْطٰنٌ عَلَی الَّذِیْنَ اٰمَنُوْا وَعَلٰی رَبِّهِمْ یَتَوَكَّلُوْنَ ۟
නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කොට තම පරමාධිපති කෙරෙහි (සියල්ල) භාර කරන්නන්හට බලපෑමක් කිරීමට ඔහුට හැකියාවක් නොමැත.
Tafsyrai arabų kalba:
اِنَّمَا سُلْطٰنُهٗ عَلَی الَّذِیْنَ یَتَوَلَّوْنَهٗ وَالَّذِیْنَ هُمْ بِهٖ مُشْرِكُوْنَ ۟۠
ඔහුගේ බලය බල පවත්වනුයේ ඔහුව භාරකරු බවට පත් කර ගත් අය කෙරෙහි හා ඔවුහු ඔහු (අල්ලාහ්)ට සමානයන් තබන්නන් කෙරෙහි ය.
Tafsyrai arabų kalba:
وَاِذَا بَدَّلْنَاۤ اٰیَةً مَّكَانَ اٰیَةٍ ۙ— وَّاللّٰهُ اَعْلَمُ بِمَا یُنَزِّلُ قَالُوْۤا اِنَّمَاۤ اَنْتَ مُفْتَرٍ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟
තවද එක් වදනක් වෙනුවට තවත් වදනක් අපි වෙනස් කළ විට; පහළ කළ යුත්තේ කුමක් ද? පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. නියත වශයෙන් ම නුඹ ගොතා පවසන්නෙක් යැයි ඔවුහු පැවසූහ. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (සත්‍යය) නො දනිති.
Tafsyrai arabų kalba:
قُلْ نَزَّلَهٗ رُوْحُ الْقُدُسِ مِنْ رَّبِّكَ بِالْحَقِّ لِیُثَبِّتَ الَّذِیْنَ اٰمَنُوْا وَهُدًی وَّبُشْرٰی لِلْمُسْلِمِیْنَ ۟
දේවත්වය විශ්වාස කළවුන් ස්ථාවර කරනු වස් ද මුස්ලිම්වරුන්ට මග පෙන්වීමක් හා ශුභාරංචියක් වශයෙන් ද නුඹගේ පරමාධිපති වෙතින් පාරිශුද්ධ ආත්මය එය සත්‍යයෙන් යුතුව පහළ කළේ යැයි නුඹ පවසනු.
Tafsyrai arabų kalba:
 
Reikšmių vertimas Sūra: An-Nachl
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras - Vertimų turinys

Vertė Ruad vertimo centro komanda bendradarbiaujant su Religinės sklaidos ir orientavimo asociacija Rabwah bei Islamo turinio kalbos asociacija.

Uždaryti