Check out the new design

Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras * - Vertimų turinys

PDF XML CSV Excel API
Please review the Terms and Policies

Reikšmių vertimas Sūra: Al-Ahkaaf   Aja (Korano eilutė):
وَاِذَا حُشِرَ النَّاسُ كَانُوْا لَهُمْ اَعْدَآءً وَّكَانُوْا بِعِبَادَتِهِمْ كٰفِرِیْنَ ۟
තවද ජනයා එක්රැස් කරනු ලැබූ විට ඔවුහු මොවුනට සතුරු වනු ඇත. මොවුන්ගේ ඇදහීම පිළිබඳව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නන් වනු ඇත.
Tafsyrai arabų kalba:
وَاِذَا تُتْلٰی عَلَیْهِمْ اٰیٰتُنَا بَیِّنٰتٍ قَالَ الَّذِیْنَ كَفَرُوْا لِلْحَقِّ لَمَّا جَآءَهُمْ ۙ— هٰذَا سِحْرٌ مُّبِیْنٌ ۟ؕ
තවද අපගේ වදන් පැහැදිලිව ඔවුන් වෙත පාරායනය කරනු ලැබුවේ නම්, සත්‍යය ප්‍රතික්ෂේප කළ ඔවුන්, එය ඔවුන් වෙත පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක්” යැයි පැවසුවෝ ය.
Tafsyrai arabų kalba:
اَمْ یَقُوْلُوْنَ افْتَرٰىهُ ؕ— قُلْ اِنِ افْتَرَیْتُهٗ فَلَا تَمْلِكُوْنَ لِیْ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— هُوَ اَعْلَمُ بِمَا تُفِیْضُوْنَ فِیْهِ ؕ— كَفٰی بِهٖ شَهِیْدًا بَیْنِیْ وَبَیْنَكُمْ ؕ— وَهُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
එසේ නැතහොත් “ඔහු එය ගෙතුවේ යැයි පවසන්නෝ ද? මා එය ගෙතුවේ නම් අල්ලාහ්ගෙන් (වූ දඬුවමින්) මා වැළැක්වීමට නුඹලා ශක්තිය නො දරනු ඇත. නුඹලා කවර කරුණක ගිලී සිටින්නෙහු ද ඒ පිළිබඳව ඔහු මැනවින් දන්නා ය. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරුවෙකු වශයෙන් ඔහු ප්‍රමාණවත් ය. තවද ඔහු අතික්ෂමාශීලී ය; අසමසම කරුණාන්විතය” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsyrai arabų kalba:
قُلْ مَا كُنْتُ بِدْعًا مِّنَ الرُّسُلِ وَمَاۤ اَدْرِیْ مَا یُفْعَلُ بِیْ وَلَا بِكُمْ ؕ— اِنْ اَتَّبِعُ اِلَّا مَا یُوْحٰۤی اِلَیَّ وَمَاۤ اَنَا اِلَّا نَذِیْرٌ مُّبِیْنٌ ۟
“ධර්ම දූතවරුන් අතරින් මා නවකයෙකු නො වූයෙමි. තවද මට හෝ නුඹලාට කුමක් සිදු කරනු ලබන්නේ දැ? යි මම නො දනිමි. මා වෙත හෙළිදරව් කරනු ලබන දෑ හැර මම නො පිළිපදිමි. තවද මම පැහැදිලි අවවාද කරන්නෙකු මිස නැතැ”යි (නබිවරය!) නුඹ පවසනු.
Tafsyrai arabų kalba:
قُلْ اَرَءَیْتُمْ اِنْ كَانَ مِنْ عِنْدِ اللّٰهِ وَكَفَرْتُمْ بِهٖ وَشَهِدَ شَاهِدٌ مِّنْ بَنِیْۤ اِسْرَآءِیْلَ عَلٰی مِثْلِهٖ فَاٰمَنَ وَاسْتَكْبَرْتُمْ ؕ— اِنَّ اللّٰهَ لَا یَهْدِی الْقَوْمَ الظّٰلِمِیْنَ ۟۠
“එය අල්ලාහ් වෙතින් පැමිණ තිබියදීත්, ඉස්රාඊල් දරුවන් අතරින් සාක්ෂිකරුවකු එයට සමාන දෙයක් මත සාක්ෂිද දරා, පසුව ඔහු විශ්වාස කර සිටිය දී නුඹලා එය ප්‍රතික්ෂේප කොට උඩඟු වූයේ නම් (ඒ ගැන) නුඹලා කුමක් සිතන්නෙහු ද? නියත වශයෙන් ම අල්ලාහ් අපරාධකාරී ජනයාට මග පෙන්වන්නේ නැත.” යැයි (නබිවරය!) නුඹ පවසනු.
Tafsyrai arabų kalba:
وَقَالَ الَّذِیْنَ كَفَرُوْا لِلَّذِیْنَ اٰمَنُوْا لَوْ كَانَ خَیْرًا مَّا سَبَقُوْنَاۤ اِلَیْهِ ؕ— وَاِذْ لَمْ یَهْتَدُوْا بِهٖ فَسَیَقُوْلُوْنَ هٰذَاۤ اِفْكٌ قَدِیْمٌ ۟
“එය යහපතක් වී නම් ඒ කෙරෙහි ඔවුන් අප පසුකර නො යනු ඇත යැයි ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් හමුවේ පැවසුවෝ ය. තවද එමඟින් ඔවුහු යහමග නො ලැබූ විට ‘මෙය පුරාණ ප්‍රබන්ධයක්’ යැයි ඔවුහු පවසනු ඇත.
Tafsyrai arabų kalba:
وَمِنْ قَبْلِهٖ كِتٰبُ مُوْسٰۤی اِمَامًا وَّرَحْمَةً ؕ— وَهٰذَا كِتٰبٌ مُّصَدِّقٌ لِّسَانًا عَرَبِیًّا لِّیُنْذِرَ الَّذِیْنَ ظَلَمُوْا ۖۗ— وَبُشْرٰی لِلْمُحْسِنِیْنَ ۟
තවද එයට පෙර මෙහෙයවන්නක් හා ආශිර්වාදයක් වශයෙන් මූසාගේ ග්‍රන්ථය විය. මෙය අපරාධ කරන්නන්හට අවවාද කරනු පිණිස ද දැහැමියන්ට ශුභාරංචියක් ලෙස ද අරාබි බසින් වූ ග්‍රන්ථයකි. (එය හා මීට පෙර පහළ වූ ග්‍රන්ථ) තහවුරු කරන්නකි.
Tafsyrai arabų kalba:
اِنَّ الَّذِیْنَ قَالُوْا رَبُّنَا اللّٰهُ ثُمَّ اسْتَقَامُوْا فَلَا خَوْفٌ عَلَیْهِمْ وَلَا هُمْ یَحْزَنُوْنَ ۟ۚ
‘අපගේ පරමාධිපති අල්ලාහ්’ යැයි ප්‍රකාශ කොට පසුව (එහි) ස්ථාවරව සිටියවුන් වන ඔවුනට කිසිදු බියක් නැත. එමෙන් ම ඔවුහු දුකට පත්වන්නෝ ද නො වෙති.
Tafsyrai arabų kalba:
اُولٰٓىِٕكَ اَصْحٰبُ الْجَنَّةِ خٰلِدِیْنَ فِیْهَا ۚ— جَزَآءً بِمَا كَانُوْا یَعْمَلُوْنَ ۟
ඔවුහු ස්වර්ග වැසියෝ ය. එහි සදාතනිකයින් ය. (එය) ඔවුන් සිදු කරමින් සිටි දෑට ප්‍රතිඵලයක් වශයෙනි.
Tafsyrai arabų kalba:
 
Reikšmių vertimas Sūra: Al-Ahkaaf
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras - Vertimų turinys

Vertė Ruad vertimo centro komanda bendradarbiaujant su Religinės sklaidos ir orientavimo asociacija Rabwah bei Islamo turinio kalbos asociacija.

Uždaryti