Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Vertimų turinys


Reikšmių vertimas Aja (Korano eilutė): (108) Sūra: Sūra An-Nachl
اُولٰٓىِٕكَ الَّذِیْنَ طَبَعَ اللّٰهُ عَلٰی قُلُوْبِهِمْ وَسَمْعِهِمْ وَاَبْصَارِهِمْ ۚ— وَاُولٰٓىِٕكَ هُمُ الْغٰفِلُوْنَ ۟
දේව විශ්වාසයෙන් පසු ව එය අතහැර ගියවුන් බව වර්ණනා කරනු ලැබුවන් වනාහි අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්රා තැබීය. එහෙයින් එම උපදෙස් ඔවුනට වැටහෙන්නේ නැත. ඔවුන්ගේ සවන් මත ද මුද්රා තැබීය. එහෙයින් ප්රයෝජනවත් වන සේ එමගින් ඔවුන් සවන් දෙන්නේ නැත. ඔවුන්ගේ බැල්ම මත ද මුද්රා තැබීය. එහෙයින් දේව විශ්වාසය පෙන්වා දෙන සාධක ඔවුන් බලන්නේ නැත. භාග්යයේ හා අභාග්යයේ කරුණු පිළිබඳවත්, ඔවුනට සූදානම් කර ඇති දඬුවම පිළිබඳවත් අනවධානයෙන් පසුවූවෝ ඔවුහුමය.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• الترخيص للمُكرَه بالنطق بالكفر ظاهرًا مع اطمئنان القلب بالإيمان.
හදවත දේව විශ්වාසයෙන් තැන්පත් වීමත් සමඟ බල කිරීම හේතුවෙන් මතුපිටින් දේව ප්රතික්ෂේපයේ වදන පවසා සිටීම සඳහා එසේ බල කරනු ලබන්නාට හිමි අනුමැතිය.

• المرتدون استوجبوا غضب الله وعذابه؛ لأنهم استحبوا الحياة الدنيا على الآخرة، وحرموا من هداية الله، وطبع الله على قلوبهم وسمعهم وأبصارهم، وجعلوا من الغافلين عما يراد بهم من العذاب الشديد يوم القيامة.
දහමින් පිටත හැරී යන්නා අල්ලාහ්ගේ කෝපය හා ඔහුගේ දඬුවම අනිවාර්යයෙන් උපයා ගෙන ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන් මතුලොවට වඩා මෙලොව ජීවිතයට ඇලුම් කොට අල්ලාහ්ගේ මඟ පෙන්වීමෙන් ඔවුන් වැළකී සිටි බැවිනි. අල්ලාහ් ඔවුන්ගේ හදවත් ඔවුන්ගේ සවන් හා ඔවුන්ගේ බැල්ම මත මුද්රා තැබීය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බරපතල දඬුවම් ඔවුනට අත්වීම ගැන නොසැලකිලිමත් වූවන් අතරට ඔවුහු පත්වූහ.

• كَتَبَ الله المغفرة والرحمة للذين آمنوا، وهاجروا من بعد ما فتنوا، وصبروا على الجهاد.
අල්ලාහ්ව විශ්වාස කොට, පරීක්ෂාවට භාජනය වීමෙන් පසු හිජ්රත් හෙවත් මක්කාවෙන් මදීනාව වෙත නික්ම ගොස් ජිහාද් හෙවත් සාධාරණත්ව මත වෙහෙසීම ඉවසීමෙන් දරාගත් අයහට අල්ලාහ් සමාව හා කරුණාව නියම කළේය.

 
Reikšmių vertimas Aja (Korano eilutė): (108) Sūra: Sūra An-Nachl
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Vertimų turinys

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uždaryti