Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Vertimų turinys


Reikšmių vertimas Aja (Korano eilutė): (29) Sūra: Sūra Al-Anfal
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوْۤا اِنْ تَتَّقُوا اللّٰهَ یَجْعَلْ لَّكُمْ فُرْقَانًا وَّیُكَفِّرْ عَنْكُمْ سَیِّاٰتِكُمْ وَیَغْفِرْ لَكُمْ ؕ— وَاللّٰهُ ذُو الْفَضْلِ الْعَظِیْمِ ۟
අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් ව පිළිපදින්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු වැළැක්වූ දැයින් වැළකෙමින් නුඹලා ඔහුට බැතිමත් ව කටයුතු කරන්නේ නම් සත්ය හා අසත්ය අතර වෙන් කර ගත හැකි මාර්ගය ඔහු නුඹලාට පාදා දෙනු ඇත. එවිට ඒ දෙක නුඹලාට පැටලවෙන්නේ නැත. නුඹලා සිදු කරමින් සිටි පාපකම් නුඹලාගෙන් ඉවත් කරනු ඇත. නුඹලාගේ පාපකම් වලට ඔහු සමාව දෙනු ඇත. අල්ලාහ් ඉමහත් භාග්ය සම්පන්නය. ඔහුගේ ඉමහත් භාග්යයන් අතුරින් එකක් වනුයේ බැතියෙන් යුතු ව කටයුතු කරන ඔහුගේ ගැත්තන්හට සූදානම් කර ඇති ස්වර්ග උයනයි.
Tafsyrai arabų kalba:
Šiame puslapyje pateiktų ajų nauda:
• الشكر نعمة عظيمة يزيد بها فضل الله تعالى، وينقص عند إغفالها.
•අති මහත් ආශිර්වාදයන් සඳහා කෘතඥ වීම, එමගින් අල්ලාහ්ගේ භාග්යයන් අධික වනු ඇත. එය නොසලකා හරින විට එය අඩු වී යන්නේය.

• للأمانة شأن عظيم في استقامة أحوال المسلمين، ما ثبتوا عليها وتخلقوا بها، وهي دليل نزاهة النفس واعتدال أعمالها.
•මුස්ලිම්වරුන්ගේ තත්ත්වයන් ස්ථාවර කිරීමේ දී අමානත් හෙවත් වගකීමට මහත් කාර්යය භාරයක් ඇත. ඔවුන් විසින් එය ස්ථාපිත කර නිර්මාණය කරන දේ, එය ආත්මයේ අඛණ්ඩතාව සහ එහි ක්රියාවන්හි මධ්යස්ථභාවය පිළිබඳ සාක්ෂියකි.

• ما عند الله من الأجر على كَفِّ النفس عن المنهيات، خير من المنافع الحاصلة عن اقتحام المناهي لأجل الأموال والأولاد.
•අල්ලාහ් අබියස ඇති කුසල් අතර, දරුවන් හා වස්තුව හේතුවෙන් තහනම් කරන ලද දෑ පාලනය කිරීමෙන් ලැබෙන ප්රයෝජනයට වඩා තහනම් කරන ලද දැයින් තම ආත්මය වළක්වා ගැනීම ශ්රේෂ්ඨය.

• في الآيات بيان سفه عقول المعرضين؛ لأنهم لم يقولوا: اللَّهُمَّ إن كان هذا هو الحق من عندك فاهدنا إليه.
• දේවත්වය පිටුපාන්නන්ගේ බුද්ධියේ මෝඩකම පිළිබඳ පැහැදිලි කිරීමක් මෙම පාඨ වල අන්තර්ගත වී ඇත. ඊට හේතුව සැබැවින්ම ඔවුන්, “යා අල්ලාහ්! මෙය ඔබ වෙතින් වූ සැබෑවක් නම් ඒ වෙත අපහට මග පෙන්වනු මැනව’ යැයි නොපැවසූ බැවිණි.

• في الآيات فضيلة الاستغفار وبركته، وأنه من موانع وقوع العذاب.
•පාප ක්ෂමාව අයැද සිටීමේ මහිමය හා එහි අභිවෘද්ධිය පිළිබඳ මෙම පාඨවල සඳහන් වී ඇත. සැබැවින්ම එය දඬුවම් ලැබීමෙන් වළක්වන කරුණු අතරින් එකකි.

 
Reikšmių vertimas Aja (Korano eilutė): (29) Sūra: Sūra Al-Anfal
Sūrų turinys Puslapio numeris
 
Kilniojo Korano reikšmių vertimas - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Vertimų turinys

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Uždaryti