Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ന്നഹ്ൽ   ആയത്ത്:
وَیَعْبُدُوْنَ مِنْ دُوْنِ اللّٰهِ مَا لَا یَمْلِكُ لَهُمْ رِزْقًا مِّنَ السَّمٰوٰتِ وَالْاَرْضِ شَیْـًٔا وَّلَا یَسْتَطِیْعُوْنَ ۟ۚ
තවද අල්ලාහ් හැර දමා, අහස්වලින් හෝ මහපොළොවෙන් හෝ කිසිදු පෝෂණයකට හිමිකම් නොමැති එමෙන් ම (කිසිදු) හැකියාවක් නොමැති දෑට ඔවුහු නැමදුම් කරන්නෝ ද.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَا تَضْرِبُوْا لِلّٰهِ الْاَمْثَالَ ؕ— اِنَّ اللّٰهَ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟
එහෙයින් නුඹලා අල්ලාහ්ට උපමාවන් ගෙන හැර නො දක්වනු. නියත වශයෙන් ම අල්ලාහ් දනී. එහෙත් නුඹලා නො දන්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ضَرَبَ اللّٰهُ مَثَلًا عَبْدًا مَّمْلُوْكًا لَّا یَقْدِرُ عَلٰی شَیْءٍ وَّمَنْ رَّزَقْنٰهُ مِنَّا رِزْقًا حَسَنًا فَهُوَ یُنْفِقُ مِنْهُ سِرًّا وَّجَهْرًا ؕ— هَلْ یَسْتَوٗنَ ؕ— اَلْحَمْدُ لِلّٰهِ ؕ— بَلْ اَكْثَرُهُمْ لَا یَعْلَمُوْنَ ۟
කිසිවක් මත ශක්තිය නොදරන වෙනත් කෙනෙකුට සතු වූ වහලෙකු හා අපගෙන් වූ යහපත් පෝෂණයෙන් අප ඔහුට පිරිනමා එයින් රහසිගතව හා ප්‍රසිද්ධියේ වියපැහැදම් කරන්නෙකු (යන දෙදෙනා) අල්ලාහ් උපමා ගෙන හැර දැක් වීය. ඔවුන් (දෙදෙනා) එක හා සමාන වන්නෝ ද? සියලු ප්‍රශංසා අල්ලාහ්ට ය. එහෙත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා (ඒ බව) නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَضَرَبَ اللّٰهُ مَثَلًا رَّجُلَیْنِ اَحَدُهُمَاۤ اَبْكَمُ لَا یَقْدِرُ عَلٰی شَیْءٍ وَّهُوَ كَلٌّ عَلٰی مَوْلٰىهُ ۙ— اَیْنَمَا یُوَجِّهْهُّ لَا یَاْتِ بِخَیْرٍ ؕ— هَلْ یَسْتَوِیْ هُوَ ۙ— وَمَنْ یَّاْمُرُ بِالْعَدْلِ ۙ— وَهُوَ عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟۠
තවද අල්ලාහ් මිනිසුන් දෙදෙනෙකු උදාහරණයක් වශයෙන් ගෙන හැර දැක් වීය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු කිසිවක් මත ශක්තිය නොදරන ගොළුවෙකි. ඔහුගේ ස්වාමියාට ඔහු බරකි. ඔහු ඔහුව කොතැනකට යොමු කළ ද ඔහු යහපතක් ගෙන එන්නේ නැත. එවන් ඔහු හා ඍජු මාර්ගය මත වී යුක්තිය අනුව නියෝග කරන්නා (යන දෙදෙනා) එක සමාන වේවි ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلِلّٰهِ غَیْبُ السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَمَاۤ اَمْرُ السَّاعَةِ اِلَّا كَلَمْحِ الْبَصَرِ اَوْ هُوَ اَقْرَبُ ؕ— اِنَّ اللّٰهَ عَلٰی كُلِّ شَیْءٍ قَدِیْرٌ ۟
තවද අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතු ය. තවද අවසන් හෝරාවේ කරුණ ඇසිපිය හෙළන්නාක් මෙන් මිස නොමැත. එසේ නැතහොත් ඊටත් වඩා එය සමීප ය. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි මහා ශක්තිවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاللّٰهُ اَخْرَجَكُمْ مِّنْ بُطُوْنِ اُمَّهٰتِكُمْ لَا تَعْلَمُوْنَ شَیْـًٔا ۙ— وَّجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ۙ— لَعَلَّكُمْ تَشْكُرُوْنَ ۟
තවද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළින් නුඹලා කිසිවක් නොදැන සිටි තත්ත්වයේ නුඹලාව බැහැර කළේ අල්ලාහ් ය. තවද ඔහු නුඹලාට ශ්‍රවණය ද, බැල්ම ද, හදවත් ද ඇති කළේ ය. නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ مُسَخَّرٰتٍ فِیْ جَوِّ السَّمَآءِ ؕ— مَا یُمْسِكُهُنَّ اِلَّا اللّٰهُ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیٰتٍ لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
අහස් ගැබෙහි වසඟ කරනු ලැබූ පක්ෂීන් දෙස ඔවුහු නො බැලුවෝ ද? අල්ලාහ් හැර වෙනත් කිසිවකු උන් රඳවා තබන්නේ නැත. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන ජනයාට එහි සංඥා ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ന്നഹ്ൽ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്'വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തതാണ്.

അടക്കുക