Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: റൂം   ആയത്ത്:
وَمِنْ اٰیٰتِهٖۤ اَنْ تَقُوْمَ السَّمَآءُ وَالْاَرْضُ بِاَمْرِهٖ ؕ— ثُمَّ اِذَا دَعَاكُمْ دَعْوَةً ۖۗ— مِّنَ الْاَرْضِ اِذَاۤ اَنْتُمْ تَخْرُجُوْنَ ۟
තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلٌّ لَّهٗ قٰنِتُوْنَ ۟
තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතු ය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَهُوَ الَّذِیْ یَبْدَؤُا الْخَلْقَ ثُمَّ یُعِیْدُهٗ وَهُوَ اَهْوَنُ عَلَیْهِ ؕ— وَلَهُ الْمَثَلُ الْاَعْلٰى فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ۚ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
තවද මැවීම ප්‍රථමෝත්පාදනය කර පසුව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහු ය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ضَرَبَ لَكُمْ مَّثَلًا مِّنْ اَنْفُسِكُمْ ؕ— هَلْ لَّكُمْ مِّنْ مَّا مَلَكَتْ اَیْمَانُكُمْ مِّنْ شُرَكَآءَ فِیْ مَا رَزَقْنٰكُمْ فَاَنْتُمْ فِیْهِ سَوَآءٌ تَخَافُوْنَهُمْ كَخِیْفَتِكُمْ اَنْفُسَكُمْ ؕ— كَذٰلِكَ نُفَصِّلُ الْاٰیٰتِ لِقَوْمٍ یَّعْقِلُوْنَ ۟
නුඹලා අතරින් ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වී ය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමාන ද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහු ද? වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙස ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بَلِ اتَّبَعَ الَّذِیْنَ ظَلَمُوْۤا اَهْوَآءَهُمْ بِغَیْرِ عِلْمٍ ۚ— فَمَنْ یَّهْدِیْ مَنْ اَضَلَّ اللّٰهُ ؕ— وَمَا لَهُمْ مِّنْ نّٰصِرِیْنَ ۟
එහෙත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොරව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝ ය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග යන්නට ඉඩ හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවු ද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَقِمْ وَجْهَكَ لِلدِّیْنِ حَنِیْفًا ؕ— فِطْرَتَ اللّٰهِ الَّتِیْ فَطَرَ النَّاسَ عَلَیْهَا ؕ— لَا تَبْدِیْلَ لِخَلْقِ اللّٰهِ ؕ— ذٰلِكَ الدِّیْنُ الْقَیِّمُ ۙۗ— وَلٰكِنَّ اَكْثَرَ النَّاسِ لَا یَعْلَمُوْنَ ۟ۗۙ
එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංකව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ නිර්මාණයේ කිසිදු වෙනස්කිරීමක් නොමැත. එය ඍජු ධර්මයයි. එහෙත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නො දනිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مُنِیْبِیْنَ اِلَیْهِ وَاتَّقُوْهُ وَاَقِیْمُوا الصَّلٰوةَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُشْرِكِیْنَ ۟ۙ
ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතරින් නො වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مِنَ الَّذِیْنَ فَرَّقُوْا دِیْنَهُمْ وَكَانُوْا شِیَعًا ؕ— كُلُّ حِزْبٍ بِمَا لَدَیْهِمْ فَرِحُوْنَ ۟
(එම ආදේශ කරන්නන් වන) ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝ ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: റൂം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക