Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: സ്വാദ്   ആയത്ത്:
وَوَهَبْنَا لَهٗۤ اَهْلَهٗ وَمِثْلَهُمْ مَّعَهُمْ رَحْمَةً مِّنَّا وَذِكْرٰی لِاُولِی الْاَلْبَابِ ۟
තවද ප්‍රබුද්ධිමත් අයට අපගෙන් වූ ආශිර්වාදයක් හා මෙනෙහි කිරීමක් වශයෙන් ඔහුට ඔහුගේ පවුල හා ඔවුන් සමඟ ඔවුන් හා සමාන අය ද අපි පිරිනැමුවෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَخُذْ بِیَدِكَ ضِغْثًا فَاضْرِبْ بِّهٖ وَلَا تَحْنَثْ ؕ— اِنَّا وَجَدْنٰهُ صَابِرًا ؕ— نِّعْمَ الْعَبْدُ ؕ— اِنَّهٗۤ اَوَّابٌ ۟
තවද නුඹ පිදුරු මිටියක් නුඹේ අතට ගෙන එමඟින් නුඹ ගසනු. තවද නුඹ ප්‍රතිඥා කඩ නො කරනු. නියත වශයෙන් ම අපි ඔහු ඉවසිලිවන්තයකු සේ දුටුවෙමු. එම ගැත්තා ඉතා යහපත් විය. නියත වශයෙන් ම ඔහු (අල්ලාහ් වෙත) ඉමහත් ලෙස නැඹුරු වන්නෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاذْكُرْ عِبٰدَنَاۤ اِبْرٰهِیْمَ وَاِسْحٰقَ وَیَعْقُوْبَ اُولِی الْاَیْدِیْ وَالْاَبْصَارِ ۟
තවද බලය හා මනා දෘෂ්ටීන්ගෙන් හෙබි අපගේ ගැත්තන් වන ඉබ්රාහීම් ඉස්හාක් හා යඃකූබ් පිළිබඳව ද (නබිවරය!) නුඹ මෙනෙහි කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّاۤ اَخْلَصْنٰهُمْ بِخَالِصَةٍ ذِكْرَی الدَّارِ ۟ۚ
මතු ලොව නිවහන මෙනෙහි කිරීමට නියත වශයෙන් ම අපි ඔවුන් විශේෂිත කළෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِنَّهُمْ عِنْدَنَا لَمِنَ الْمُصْطَفَیْنَ الْاَخْیَارِ ۟ؕ
තවද නියත වශයෙන් ම ඔවුන් අප අබියස විශිෂ්ටයින් ලෙස තෝරා ගනු ලැබූවන් අතරිනි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاذْكُرْ اِسْمٰعِیْلَ وَالْیَسَعَ وَذَا الْكِفْلِ ؕ— وَكُلٌّ مِّنَ الْاَخْیَارِ ۟ؕ
තවද ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳව ද මෙනෙහි කරනු. තවද (මේ) සියල්ලන් ම විශිෂ්ටයින් අතරිනි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا ذِكْرٌ ؕ— وَاِنَّ لِلْمُتَّقِیْنَ لَحُسْنَ مَاٰبٍ ۟ۙ
මෙය මෙනෙහි කිරීමකි. තවද නියත වශයෙන් ම බිය බැතිමතුන්හට අලංකාර නවාතැනක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
جَنّٰتِ عَدْنٍ مُّفَتَّحَةً لَّهُمُ الْاَبْوَابُ ۟ۚ
එය ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ සදාකාලික (ස්වර්ග) උයන් වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مُتَّكِـِٕیْنَ فِیْهَا یَدْعُوْنَ فِیْهَا بِفَاكِهَةٍ كَثِیْرَةٍ وَّشَرَابٍ ۟
එහි ඔවුන් හාන්සිව සිට බොහෝ පලතුරු හා පානයන් එහි ඔවුන් ඉල්ලා සිටිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَعِنْدَهُمْ قٰصِرٰتُ الطَّرْفِ اَتْرَابٌ ۟
තවද සම වයසැති දමිත බැල්ම හෙළන කාන්තාවෝ ඔවුන් අබියස සිටිති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا مَا تُوْعَدُوْنَ لِیَوْمِ الْحِسَابِ ۟
විනිශ්චය දිනය සඳහා නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ මෙයයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ هٰذَا لَرِزْقُنَا مَا لَهٗ مِنْ نَّفَادٍ ۟ۚۖ
නියත වශයෙන් ම මෙය ඊට අවසානයක් නැති අපගේ පෝෂණයයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا ؕ— وَاِنَّ لِلطّٰغِیْنَ لَشَرَّ مَاٰبٍ ۟ۙ
(බිය බැතිමතුන් සඳහා වූ දෑ) මෙයයි. තවද නියත වශයෙන් ම සීමාව ඉක්මවා ගියවුන්ට නපුරු නවාතැනක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
جَهَنَّمَ ۚ— یَصْلَوْنَهَا ۚ— فَبِئْسَ الْمِهَادُ ۟
එය ඔවුහු එහි පිවිස දැවෙන නිරයයි. එහෙයින් එම නවාතැන නපුරු විය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا ۙ— فَلْیَذُوْقُوْهُ حَمِیْمٌ وَّغَسَّاقٌ ۟ۙ
මෙය(සීමාව ඉක්මවූවන් සඳහා) ය. එහෙයින් ඔවුන් එය භුක්ති විඳිත්වා! (ඔවුනට) නටන ජලයයි. සැරව මුසු වූ රුධිරයයි (යැයි අල්ලාහ් පවසයි.)
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّاٰخَرُ مِنْ شَكْلِهٖۤ اَزْوَاجٌ ۟ؕ
ඒ ස්වරූපයෙන් යුත් වෙනත් (දඬුවම්) වර්ගද (ඔවුනට) ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هٰذَا فَوْجٌ مُّقْتَحِمٌ مَّعَكُمْ ۚ— لَا مَرْحَبًا بِهِمْ ؕ— اِنَّهُمْ صَالُوا النَّارِ ۟
මෙය නුඹලා සමඟ පිවිසුණු පිරිසකි. ඔවුනට කිසිදු පිළිගැනීමක් නැත. නියත වශයෙන් ම ඔවුහු නිරා (ගින්නට) පිවිස දැවෙන්නෝ වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوْا بَلْ اَنْتُمْ ۫— لَا مَرْحَبًا بِكُمْ ؕ— اَنْتُمْ قَدَّمْتُمُوْهُ لَنَا ۚ— فَبِئْسَ الْقَرَارُ ۟
එසේ නො ව, (අප නොමඟ යැවූ) නුඹලාට ද කිසිදු පිළිගැනීමක් නැත. අපහට එය ඉදිරිපත් කළේ නුඹලා ය. එහෙයින් එම වාසස්ථානය නපුරු විය යැයි ඔවුහු පවසති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
قَالُوْا رَبَّنَا مَنْ قَدَّمَ لَنَا هٰذَا فَزِدْهُ عَذَابًا ضِعْفًا فِی النَّارِ ۟
අපගේ පරමාධිපතියාණනි! අපහට කවරෙකු මෙය ඉදිරිපත් කළේ ද ඔහුට නිරයේ දඬුවම ගුණ කර දෙන්නැයි ඔවුහු පවසති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: സ്വാദ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്'വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തതാണ്.

അടക്കുക