Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ   ആയത്ത്:
اِنَّهٗ لَقُرْاٰنٌ كَرِیْمٌ ۟ۙ
නියත වශයෙන් ම එය ගෞරවනීය කුර්ආනයකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فِیْ كِتٰبٍ مَّكْنُوْنٍ ۟ۙ
ආරක්ෂා කරනු ලැබූ ලේඛනයෙහි තිබිණ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
لَّا یَمَسُّهٗۤ اِلَّا الْمُطَهَّرُوْنَ ۟ؕ
එය පිවිතුරු අය හැර වෙනත් කිසිවකු ස්පර්ශ නො කරති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تَنْزِیْلٌ مِّنْ رَّبِّ الْعٰلَمِیْنَ ۟
ලෝවැසියන්ගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَفَبِهٰذَا الْحَدِیْثِ اَنْتُمْ مُّدْهِنُوْنَ ۟ۙ
නුඹලා මෙම ප්‍රකාශය ගැන ද නො සලකා හරින්නන් ලෙස සිටිනුයේ?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَتَجْعَلُوْنَ رِزْقَكُمْ اَنَّكُمْ تُكَذِّبُوْنَ ۟
තවද නුඹලාගේ පෝෂණය සඳහා (කෘතගුණ සලකන්නක් වශයෙන්) නියත වශයෙන් ම නුඹලා බොරු කිරීම (තෝරා) ගන්නෙහු ද?
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَوْلَاۤ اِذَا بَلَغَتِ الْحُلْقُوْمَ ۟ۙ
(ප්‍රාණය) උගුරු දණ්ඩට ළඟා වූ විට;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَنْتُمْ حِیْنَىِٕذٍ تَنْظُرُوْنَ ۟ۙ
නුඹලා එම අවස්ථාවේ බලමින් සිටින්නෙහු ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَنَحْنُ اَقْرَبُ اِلَیْهِ مِنْكُمْ وَلٰكِنْ لَّا تُبْصِرُوْنَ ۟
තවද ඔහු වෙත අපි නුඹලාට වඩා සමීපයෙන් සිටිමු. එහෙත් නුඹලා නො දකිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَوْلَاۤ اِنْ كُنْتُمْ غَیْرَ مَدِیْنِیْنَ ۟ۙ
එහෙයින් නුඹලා නැවත නැගිටුවනු නො ලබන්නන්නෙහු යැයි (සිතන්නෙහු) නම්;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
تَرْجِعُوْنَهَاۤ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
නුඹලා සත්‍යවාදීන් නම් නුඹලා එය (ප්‍රාණය) නැවත ගෙන එනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُقَرَّبِیْنَ ۟ۙ
ඔහු (අල්ලාහ්ට) සමීපතයින් අතරින් වූයේ නම්;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَرَوْحٌ وَّرَیْحَانٌ ۙ۬— وَّجَنَّتُ نَعِیْمٍ ۟
සැනසුම ද ප්‍රණීත ආහාර ද සැපවත් (ස්වර්ග) උයන් ද (ඔහුට) ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَمَّاۤ اِنْ كَانَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟ۙ
තවද ඔහු දකුණු පස ජනයා අතරින් වූයේ නම්;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَسَلٰمٌ لَّكَ مِنْ اَصْحٰبِ الْیَمِیْنِ ۟
දකුණු පස ජනයා අතරින් වූ නුඹට ශාන්තියයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاَمَّاۤ اِنْ كَانَ مِنَ الْمُكَذِّبِیْنَ الضَّآلِّیْنَ ۟ۙ
ඔහු නොමග ගිය බොරු කරන්නන් අතරින් වූයේ නම්;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَنُزُلٌ مِّنْ حَمِیْمٍ ۟ۙ
එවිට ලෝ දියෙන් වූ නවාතැනක් (ඔහුට) ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَّتَصْلِیَةُ جَحِیْمٍ ۟
තවද නිරා ගින්නෙහි දැවීම ද (ඔහුට) ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ هٰذَا لَهُوَ حَقُّ الْیَقِیْنِ ۟ۚ
ස්ථීර සත්‍යය වනුයේ නියත වශයෙන් ම මෙය ම ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِیْمِ ۟۠
එහෙයින් නුඹගේ අතිමහත් වූ පරමාධිපතිගේ නාමයෙන් සුවිශුද්ධ කරනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: വാഖിഅഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്'വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തതാണ്.

അടക്കുക