Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം * - വിവർത്തനങ്ങളുടെ സൂചിക

PDF XML CSV Excel API
Please review the Terms and Policies

പരിഭാഷ അദ്ധ്യായം: ഖലം   ആയത്ത്:

අල් කලම්

نٓ وَالْقَلَمِ وَمَا یَسْطُرُوْنَ ۟ۙ
නූන්, පෑන හා ඔවුන් ලියන දෑ මත දිවුරමින්,
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَاۤ اَنْتَ بِنِعْمَةِ رَبِّكَ بِمَجْنُوْنٍ ۟ۚ
නුඹේ පරමාධිපතිගේ පිහිටෙන් නුඹ උන්මත්තකයකු නො වේ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِنَّ لَكَ لَاَجْرًا غَیْرَ مَمْنُوْنٍ ۟ۚ
තවද සැබැවින් ම නුඹට නිමක් නොමැති ප්‍රතිඵලයක් ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَاِنَّكَ لَعَلٰی خُلُقٍ عَظِیْمٍ ۟
තවද නියත වශයෙන් ම නුඹ අතිඋතුම් ගතිගුණ මත සිටින්නෙහි ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَسَتُبْصِرُ وَیُبْصِرُوْنَ ۟ۙ
නුඹ මතු දකිනු ඇත. තවද ඔවුහු ද මතු දකිනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
بِاَیِّىكُمُ الْمَفْتُوْنُ ۟
නුඹලා අතරින් කවරෙකු උමතුවෙන් පෙළෙන්නේ දැ? යි (මතු දකිනු ඇත).
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ رَبَّكَ هُوَ اَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِیْلِهٖ ۪— وَهُوَ اَعْلَمُ بِالْمُهْتَدِیْنَ ۟
නියත වශයෙන් ම නුඹගේ පරමාධිපති වන ඔහු ඔහුගේ මාර්ගයෙන් මූළා වී ගිය අය පිළිබඳ මැනවින් දන්නා ය. තවද යහමග ලද්දවුන් පිළිබඳව ද මැනවින් දන්නා ය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
فَلَا تُطِعِ الْمُكَذِّبِیْنَ ۟
එහෙයින් නුඹ බොරු කළවුනට අවනත නො වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَدُّوْا لَوْ تُدْهِنُ فَیُدْهِنُوْنَ ۟
නුඹ නම්‍යශීලී වන්නෙහු නම් එවිට ඔවුහු ද නම්‍යශීලි වන්නට කැමති වෙති.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
وَلَا تُطِعْ كُلَّ حَلَّافٍ مَّهِیْنٍ ۟ۙ
තවද අධික වශයෙන් දිවුරා සිටින නීච සෑම කෙනෙකුට ම නුඹ අවනත නො වනු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
هَمَّازٍ مَّشَّآءٍ بِنَمِیْمٍ ۟ۙ
ඔහු දොස් නගන්නෙකි. කේලාම් කියමින් සැරිසරන්නෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
مَّنَّاعٍ لِّلْخَیْرِ مُعْتَدٍ اَثِیْمٍ ۟ۙ
යහපත වළක්වන්නෙකි. සීමාව ඉක්මවා කටයුතු කරන්නෙකි. පාපිෂ්ඨයෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
عُتُلٍّۢ بَعْدَ ذٰلِكَ زَنِیْمٍ ۟ۙ
හිතුවක්කාරයෙකි. ඊටත් වඩා ඔහු අවජාතකයෙකි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اَنْ كَانَ ذَا مَالٍ وَّبَنِیْنَ ۟ؕ
ඔහු වස්තුව හා දරුවන් සතුව සිටි කෙනෙකු වූ බැවින්;
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِذَا تُتْلٰی عَلَیْهِ اٰیٰتُنَا قَالَ اَسَاطِیْرُ الْاَوَّلِیْنَ ۟
ඔහු වෙත අපගේ වදන් පරායනය කරනු ලැබූ විට “මෙය පැරැන්නන්ගේ ප්‍රබන්ධ වේ" යැයි කියයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
سَنَسِمُهٗ عَلَی الْخُرْطُوْمِ ۟
නාසය මත අපි ඔහුට සලකුණු තබන්නෙමු.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
 
പരിഭാഷ അദ്ധ്യായം: ഖലം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - സിംഹള വിവർത്തനം - റുവ്വാദ് വിവർത്തന കേന്ദ്രം - വിവർത്തനങ്ങളുടെ സൂചിക

റബ്‌വ ഇസ്‌ലാമിക് ദഅ്വാ ആൻഡ് ഗൈഡൻസ് സെൻററിൻ്റെയും കോൺടെന്റ് ഇൻ ലാംഗ്വേജസ് സർവീസ് അസോസിയേഷൻ്റെയും സഹകരണത്തോടെ മർകസ് റുവാദ് തർജമ വിഭാഗം വിവർത്തനം ചെയ്തത്.

അടക്കുക