Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ   ആയത്ത്:
كُتِبَ عَلَیْكُمُ الْقِتَالُ وَهُوَ كُرْهٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تَكْرَهُوْا شَیْـًٔا وَّهُوَ خَیْرٌ لَّكُمْ ۚ— وَعَسٰۤی اَنْ تُحِبُّوْا شَیْـًٔا وَّهُوَ شَرٌّ لَّكُمْ ؕ— وَاللّٰهُ یَعْلَمُ وَاَنْتُمْ لَا تَعْلَمُوْنَ ۟۠
අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සහජයෙන්ම නුඹලා පිළිකුල් කළ ද ධනය හා ජීවිත පරිත්යාගයක් එහි ඇති බැවින් නුඹලා වෙත අල්ලාහ් එය අනිවාර්යය කොට ඇත. නුඹලා යමක් පිළිකුල් කළ හැකිය. එය සිදුවීම නුඹලාට යහපත් මෙන්ම ප්රයෝජනවත් වන්නට පුළුවනි. අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම එයට උපමාවකි. එහි ඇති කුසලෙහි මහඟුතාව සමගම සතුරන්ට එරෙහි ව ජයත් ඇත. එමෙන්ම එය අල්ලාහ්ගේ වදන උසස් කරවයි. එමෙන්ම නුඹලා යමක් ප්රිය කළ හැක. එය නුඹලාට අයහපත් මෙන්ම නුඹලාට විනාශය ගෙන දෙන්නක් වන්නට පුළුවනි. දිවිපුදමින් සටන් නොකර පසුබෑම මෙනි. හේතුව එහි පරාජය ඇති සේම සතුරන්ගේ යටත් විජිතයින් බවට පත් වීම ද ඇත. සියලු කටයුතු වල යහපත හා අයහපත පිළිබඳ අල්ලාහ් පූර්ණ දැනුමෙන් පසුවන්නේය. නමුත් නුඹලා ඒ ගැන නොදන්නෙහුය. එහෙයින් ඔහුගේ අණට පිළිතුරු දෙනු. එහි නුඹලාට යහපත ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَسْـَٔلُوْنَكَ عَنِ الشَّهْرِ الْحَرَامِ قِتَالٍ فِیْهِ ؕ— قُلْ قِتَالٌ فِیْهِ كَبِیْرٌ ؕ— وَصَدٌّ عَنْ سَبِیْلِ اللّٰهِ وَكُفْرٌ بِهٖ وَالْمَسْجِدِ الْحَرَامِ ۗ— وَاِخْرَاجُ اَهْلِهٖ مِنْهُ اَكْبَرُ عِنْدَ اللّٰهِ ۚ— وَالْفِتْنَةُ اَكْبَرُ مِنَ الْقَتْلِ ؕ— وَلَا یَزَالُوْنَ یُقَاتِلُوْنَكُمْ حَتّٰی یَرُدُّوْكُمْ عَنْ دِیْنِكُمْ اِنِ اسْتَطَاعُوْا ؕ— وَمَنْ یَّرْتَدِدْ مِنْكُمْ عَنْ دِیْنِهٖ فَیَمُتْ وَهُوَ كَافِرٌ فَاُولٰٓىِٕكَ حَبِطَتْ اَعْمَالُهُمْ فِی الدُّنْیَا وَالْاٰخِرَةِ ۚ— وَاُولٰٓىِٕكَ اَصْحٰبُ النَّارِ ۚ— هُمْ فِیْهَا خٰلِدُوْنَ ۟
අහෝ! නබිවරය, දුල් කඃදා, දුල් හිජ්ජා, අල් මුහර්රම් හා රජබ් යන ගෞරවනීය ශුද්ධ මාසවල යුද මෙහෙයවීමේ නීතිය පිළිබඳ මිනිසුන් නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන් ඔබ මෙසේ පවසන්න. මෙම මාසවල යුද මෙහෙයවීම අල්ලාහ් අබියස බැරෑරුම් සග පිළිකුල් කටයුත්තකි. එය අල්ලාහ්ගේ මාර්ගයෙන් ජනයා වළක්වන්නට දෙවියන්ට ආදේශ තැබුුවන් ගත් ක්රියාමාර්ග අප්රසන්න කටයුත්තක් වීමත් එලෙසමය. ශුද්ධ මස්ජිදය වන මස්ජිදුල් හරාමයෙන් දෙවියන් විශ්වාස කරන්නන් වැළැක්වීමත් එහි වැසියන් ඒයින් බැහැර කිරීමත් එම ශුද්ධ මාසවල යුද මෙහෙයවීමට වඩා අල්ලාහ් අබියස බරපතල කරුණක් වේ. අහෝ! දෙවියන් විශ්වාස කරන්නනි, දෙවියන්ට ආදේශ තබන්නන් නුඹලාගේ සත්යය දහමින් පෙරළා ඔවුන්ගේ වැරදි දහම වෙත නුඹලා නැවත හරවන තෙක් ඒ සඳහා හැකියාව ඔවුනට ඇත්තේ නම් එසේ සිදුකරමින්ම සිටිති. නුඹලා අතුරින් කවරෙකු ඔහුගේ දහමින් හැරී අල්ලාහ් ප්රතික්ෂේප කරන තත්ත්වය මත සිටම මරණයට පත් වන්නේද සැබැවින්ම ඔහු ඔහුගේ දැහැමි ක්රියාවන් නිෂ්ඵල කර ගත්තේය. මතු ලොවෙහි ඔහු පිවිසෙනුයේ නිරය වෙතය. එය ඔහුගේ සදාතනික නිවහන බවට පත් වන්නේය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
اِنَّ الَّذِیْنَ اٰمَنُوْا وَالَّذِیْنَ هَاجَرُوْا وَجٰهَدُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ۙ— اُولٰٓىِٕكَ یَرْجُوْنَ رَحْمَتَ اللّٰهِ ؕ— وَاللّٰهُ غَفُوْرٌ رَّحِیْمٌ ۟
සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් විශ්වාස කරන්නන් හා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් තම දේශය අතහැර දේශාවතරණය කළවුන් අල්ලාහ්ගේ වදන සියල්ලට ඉහළින් වැජඹෙන්නට අරගල කළවුන් වන මොවූහු අල්ලාහ්ගේ කරුණාවෙහි හා ඔහුගේ සමාවෙහි භුක්ති විඳිනු ඇත. තවද අල්ලාහ්් තම ගැත්තන්ගේ පාපයන්ට සමාව දානය කරන්නාය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
یَسْـَٔلُوْنَكَ عَنِ الْخَمْرِ وَالْمَیْسِرِ ؕ— قُلْ فِیْهِمَاۤ اِثْمٌ كَبِیْرٌ وَّمَنَافِعُ لِلنَّاسِ ؗ— وَاِثْمُهُمَاۤ اَكْبَرُ مِنْ نَّفْعِهِمَا ؕ— وَیَسْـَٔلُوْنَكَ مَاذَا یُنْفِقُوْنَ ؕ۬— قُلِ الْعَفْوَؕ— كَذٰلِكَ یُبَیِّنُ اللّٰهُ لَكُمُ الْاٰیٰتِ لَعَلَّكُمْ تَتَفَكَّرُوْنَ ۟ۙ
අහෝ! නබිවරය, සිහි බුද්ධිය විකල් කරවන මත්ද්රව්ය පිළිබඳ නීතිය නුඹේ මිතුරන් නුඹගෙන් විමසා සිටිති. එය පානය කිරීම එය විකිණීම එය මිලට ගැනීම යනාදීයෙහි නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එමෙන්ම සූදු කෙළීම පිළිබඳ නීතිය ද ඔවුහු නුඹගෙන් විමසා සිටිති. එනම් තරගයකට සහභාගී වන දෙපාර්ශවය යම් මුදලක් යොදා ඉන් ජය ලැබූ පිරිස එම ධනය තමන් සතු කර ගැනීමය. නුඹ පිළිතුරු වශයෙන් ඔවුනට මෙසේ පවසනු. ඒ දෙකෙහිම විපාක ඇත. ආගමික වශයෙන් හා ලෞකික වශයෙන් එහි හානිය බහුලය. සිහිබුද්ධිය විකල්වීම ධනය නාස්ති වීම සතුරුකම හා ක්රෝධය ඇති වීම වැනි හානිදායක දෑ ඇති සේම මුදල්මය වශයෙන් යමක් ඉපැයීම වැනි අල්ප ප්රයෝජනද ඇත. නමුත් ඒ දෙකෙහි හානිය හා ඒ දෙකින් ඇති වන පාපය ඒ දෙකෙහි ප්රයෝජනයට වඩා බරපතලය. එහි යහපතට වඩා අධික ව ඇත්තේ හානියයි. එහෙයින් බුද්ධිමතා එයින් වැළකී සිටියි. අල්ලාහ්ගෙන් පැමිණි මෙම උපදෙස මත්ද්රව්ය තහනම් කිරීමේ ආරම්භක අදියර විය. අහෝ නබිවරය! නුඹේ මිතුරන් අමතර හා අතිරේක වශයෙන් තම ධනයෙන් තමන් වියදම් කළ යුතු ප්රමාණය නුඹගෙන් විමසා සිටිති. ඔවුනට පිළිතුරු වශයෙන්, නුඹලාගේ අවශ්යතාවන්ට අමතර ව ඇති නුඹලාගේ ධනයෙන් නුඹලා වියදම් කරනු යැයි පවසනු. (මෙය ආරම්භක නියෝගය විය. පසු ව අල්ලාහ් නියමිත ධනයෙන් නියමිත කොටසක් නිකුත් කිරීමේ අනිවාර්යය සකාත් පිළිවෙත ආගමානුගත කළේය.) සැකයකට ඉඩ නැති මෙවැනි විස්තර පැහැදිලි කර ඇත්තාක් මෙන්ම නුඹලා වටහා ගනු පිණිස ආගමික නීති රීති ද අල්ලාහ් නුඹලාට පැහැදිලි කරයි.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الجهل بعواقب الأمور قد يجعل المرء يكره ما ينفعه ويحب ما يضره، وعلى المرء أن يسأل الله الهداية للرشاد.
•කරුණුවල අවසානය පිළිබඳ නොදැනුවත්කම පුද්ගලයකු ප්රයෝජනවත් දෑ පිළිකුල් කරන්නටත්, හානිදායක දෑ ප්රිය කරන්නටත් සලස්වයි. එම පුද්ගලයා ඍජු මාර්ගය වෙත මග පෙන්වන මෙන් අල්ලාහ්ගෙන් අයැද සිටිය යුතුයි.

• جاء الإسلام بتعظيم الحرمات والنهي عن الاعتداء عليها، ومن أعظمها صد الناس عن سبيل الله تعالى.
•ගෞරවනීය ස්ථාන ගරුබුහුමන් කරමින්ද ඒවායෙහි ඉක්මවා කටයුතු කිරීම වළක්වාලමින් ද ඉස්ලාමය පැමිණ ඇත. ඒවායින් බරපතළම කරුණ වනුයේ අල්ලාහ්ගේ මාර්ගයෙන් මිනිසුන් වැළැක්වීමය.

• لا يزال الكفار أبدًا حربًا على الإسلام وأهله حتَّى يخرجوهم من دينهم إن استطاعوا، والله موهن كيد الكافرين.
•ඉස්ලාමයට එරෙහි ව හා එය පිළිගත් ජනයාට එරෙහි ව ඔවුන් පිළිගත් ඔවුන්ගේ දහමින් ඔවුන් බැහැරට යන තෙක්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නෝ සටන් වදිමින් ම සිටිති. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ කුමන්ත්රණ අල්ලාහ් වෙනස් කරන්නාය.

• الإيمان بالله تعالى، والهجرة إليه، والجهاد في سبيله؛ أعظم الوسائل التي ينال بها المرء رحمة الله ومغفرته.
•අල්ලාහ් කෙරෙහි විශ්වාසය තැබීමත් ඔහු වෙනුවෙන් හිජ්රත් යෑමත් ඔහුගේ මාර්ගයේ දිවි පිදීමත් පුද්ගලයකු අල්ලාහ්ගේ කරුණාව හා සමාව ලබන්නට ඇති අතිවැදගත් මාධ්යයන් වෙයි.

• حرّمت الشريعة كل ما فيه ضرر غالب وإن كان فيه بعض المنافع؛ مراعاة لمصلحة العباد.
•ඇතැම් ප්රයෝජන තිබුණ ද බහුල ලෙස හානි පමුණුවන සියලු දෑ ෂරීආව තහනම් කර ඇත. එය ගැත්තන්ගේ යහපත අවදානයට ගනිමිනි.

 
പരിഭാഷ അദ്ധ്യായം: ബഖറഃ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക