Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (9) അദ്ധ്യായം: ഫുർഖാൻ
اُنْظُرْ كَیْفَ ضَرَبُوْا لَكَ الْاَمْثَالَ فَضَلُّوْا فَلَا یَسْتَطِیْعُوْنَ سَبِیْلًا ۟۠
අහෝ දූතය! නුඹ අවධානයෙන් බලනු. ව්යාජ වර්ණනා වලින් ඔවුන් නුඹ ව කෙසේ නම් වර්ණනය කර සිටින්නේදැයි නුඹ පුදුමයට පත් වනු ඇත. ඔවුහු විටෙක "හූනියම් කරුවෙකි" යැයි පවසති. විටෙක "හූනියම් කරනු ලැබූවෙකි" යැයි පවසති. තවත් විටෙක "උම්මත්තකයෙකු" යැයි පවසති. සත්යයෙන් පෙරළුණු ඒ හේතුවෙන් ඔවුහු මුළා වී ගියෝය. යහ මග වෙත වූ මාර්ගයේ ගමන් කිරීමට ඔවුනට හැකියාවක් නැත. නුඹේ අවංකකම හා නුඹේ විශ්වාසය තක්සේරු කිරීමට ද ඔවුනට හැකියාවක් නැත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• اتصاف الإله الحق بالخلق والنفع والإماتة والإحياء، وعجز الأصنام عن كل ذلك.
•මැවීම, සෙත සැලසීම, මරණයට පත් කිරීම, ජීවත් කරවීම යනාදී ගුණාංග තුළින් සත්ය දෙවිඳුන් ගැන වර්ණනාව. ඒ සියලු දෑ සිදු කිරීමට පිළිම වලට නොහැකි බව විස්තර කිරීම.

• إثبات صفتي المغفرة والرحمة لله.
•අල්ලාහ් සතු සමාව හා කරුණාව යන ගුණාංග දෙක ස්ථීර කිරීම.

• الرسالة لا تستلزم انتفاء البشرية عن الرسول.
•දූත මෙහෙවර දූතයාණන්ගෙන් මනුෂ්යත්වය නැති කර දැමීමට බල නොකරයි.

• تواضع النبي صلى الله عليه وسلم حيث يعيش كما يعيش الناس.
•සෙසු මිනිසුන් ජීවත් වන අයුරින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ද ජීවත් වී පෙන් වූ එතුමාගේ සරලභාවය.

 
പരിഭാഷ ആയത്ത്: (9) അദ്ധ്യായം: ഫുർഖാൻ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക