വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (140) അദ്ധ്യായം: സൂറത്തുന്നിസാഅ്
وَقَدْ نَزَّلَ عَلَیْكُمْ فِی الْكِتٰبِ اَنْ اِذَا سَمِعْتُمْ اٰیٰتِ اللّٰهِ یُكْفَرُ بِهَا وَیُسْتَهْزَاُ بِهَا فَلَا تَقْعُدُوْا مَعَهُمْ حَتّٰی یَخُوْضُوْا فِیْ حَدِیْثٍ غَیْرِهٖۤ ۖؗ— اِنَّكُمْ اِذًا مِّثْلُهُمْ ؕ— اِنَّ اللّٰهَ جَامِعُ الْمُنٰفِقِیْنَ وَالْكٰفِرِیْنَ فِیْ جَهَنَّمَ جَمِیْعَا ۟ۙ
අහෝ විශ්වාසී ජනයිනි, ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් නුඹලා වෙත මෙසේ පහළ කර ඇත: නියත වශයෙන්ම නුඹලා යම් සභාවක වාඩි වී, එහි අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කරන හා ඒවා අපහාසයට ලක් කරන කිසිවකුට නුඹලා සවන් දුන් විට, අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප නොකරන, ඒවා අපහාසයට පත් නොකරන දෑ ඔවුන් කතා කරන තෙක් ඔවුන් සමග වාඩි නොවනු. ඔවුන්ගේ සභාවෙන් ඉවත යෑම නුඹලා වෙත අනිවාර්යය වේ. අල්ලාහ්ගේ වදන් ප්රතික්ෂේප කොට ඒවා අපහාසයට ලක් කරන තත්තවයේ නුඹලා එයට සවන් දීමෙන් පසු, ඔවුන් සමග නුඹලා වාඩි වී සිටින විට, අල්ලාහ්ගේ නියෝගයට විරුද්ධවීමෙහි නුඹලා ද ඔවුනට සමාන වනු ඇත. ඔවුන්ගේ ප්රතික්ෂේපය තුළින් ඔවුහු අල්ලාහ්ට පිටුපෑවාක් මෙන් නුඹලාද ඔවුන් සමග වාඩි වී අල්ලාහ්ට පිටුපාන බැවිනි. ඉස්ලාමය මතුපිටින් පෙන්වා දේව ප්රතික්ෂේපය (සිතේ) අභ්යන්තරයේ සගවා ගෙන සිටින කුහකයින් දේව ප්රතික්ෂේපකයින් සමග මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නට එක් රැස් කරනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• وجوب العدل في القضاء بين الناس وعند أداء الشهادة، حتى لو كان الحق على النفس أو على أحد من القرابة.
ජනයා අතර තීන්දු ලබා දීමේදී හා සාක්ෂි දැරීමේදී යුක්තිය හා සාධාරණත්වය පිළිපැදීමේ අනිවාර්යභාවය. එය කෙතරම්ද යත් එය ඔබටම එරෙහි වුවද ඔබේ සමීප ඥාතීන් අතුරින් කෙනෙකු වුවද කම් නැත.

• على المؤمن أن يجتهد في فعل ما يزيد إيمانه من أعمال القلوب والجوارح، ويثبته في قلبه.
සිතින් හා ගතින් සිදු කරන ක්රියාවන් තුළින් තම දේව විශ්වාසය වර්ධනය කරන කටයුතුවල නිරත කරවීමත්, එය සිත තුළ ස්ථාවර කිරීමත් දේව විශ්වාසී මුස්ලිම්වරයා මත පැවරෙනු ඇත.

• عظم خطر المنافقين على الإسلام وأهله؛ ولهذا فقد توعدهم الله بأشد العقوبة في الآخرة.
ඉස්ලාමයට හා එය පිළිගත් උදවියට කුහකයින් කළ වරදේ තරම. එහෙයින් සැබැවින්ම මතුලොවෙහි දැඩි දඬුවම් ඇති බව අල්ලාහ් ඔවුනට ප්රතිඥා දී ඇත.

• إذا لم يستطع المؤمن الإنكار على من يتطاول على آيات الله وشرعه، فلا يجوز له الجلوس معه على هذه الحال.
අල්ලාහ්ගේ වදන් හා ඔහු ආගමානුගත කළ කරුණු උල්ලංඝනය කරන්නන් ව දෙවියන් මත විශ්වාසය තැබූ මුඃමින්වරයකු විසින් ප්රතික්ෂේප කළ නොහැකි නම් එවන් තත්ත්වයක ඔහු සමග වාඩි වී සිටීම ඔහුට සුදුසු නොවන්නේය.

 
പരിഭാഷ ആയത്ത്: (140) അദ്ധ്യായം: സൂറത്തുന്നിസാഅ്
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - വിവർത്തനങ്ങളുടെ സൂചിക

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

അടക്കുക