Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (7) അദ്ധ്യായം: ഗാഫിർ
اَلَّذِیْنَ یَحْمِلُوْنَ الْعَرْشَ وَمَنْ حَوْلَهٗ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ وَیُؤْمِنُوْنَ بِهٖ وَیَسْتَغْفِرُوْنَ لِلَّذِیْنَ اٰمَنُوْا ۚ— رَبَّنَا وَسِعْتَ كُلَّ شَیْءٍ رَّحْمَةً وَّعِلْمًا فَاغْفِرْ لِلَّذِیْنَ تَابُوْا وَاتَّبَعُوْا سَبِیْلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِیْمِ ۟
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ අර්ෂය හෙවත් රාජ්යය උසුලාගෙන සිටින මලක්වරුන් හා ඔහු අවට සිටින්නන් ඔවුන්ගේ පරමාධිපති වූ ඔහුට සුදුසු නොවන දැයින් පිවිතුරු කොට ගුණ ගායනා කරති. ඔහු ව විශ්වාස කරති. අල්ලාහ් ව විශ්වාස කළවුන් වෙනුවෙන් පාප ක්ෂමාව ඇයද සිටිමින් මෙසේ පවසති. ‘අපගේ පරමාධිපතියාණනි! ඔබේ දැනුම හා ඔබේ කරුණාව, සියලු දෑ මත පුළුල් ව පවතී. එහෙයින් තම පාපකම් සඳහා පසුතැවිලි වී ඔබේ දහම පිළිපදින්නන්හට ඔබ සමාව දෙනු මැනව! නිරය ඔවුන් ස්පර්ශ කිරීමෙන් නුඹ ඔවුන් ආරක්ෂා කරනු මැනව!'
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• الجمع بين الترغيب في رحمة الله، والترهيب من شدة عقابه: مسلك حسن.
•අල්ලාහ්ගේ කරුණාව ගැන කැමැත්ත ඇති කිරීම හා ඔහුගේ දඬුවමෙහි බිහිසුණුකම ගැන බිය වැද්දීම අතර ඒකාබද්ධ කිරීම යහපත් හසුරුවීමකි.

• الثناء على الله بتوحيده والتسبيح بحمده أدب من آداب الدعاء.
•අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ ප්රශංසාවන් තුළින් ගුණ ගායනය කිරීම ප්රාර්ථනාවෙහි විනයන් අතරින් එක් විනයකි.

• كرامة المؤمن عند الله؛ حيث سخر له الملائكة يستغفرون له.
•දේව විශ්වාසියාට මලක්වරුන් පවා පාප ක්ෂමාව ඇයද සිටින පරිදි අල්ලාහ් ඉදිරියේ ඔහු සතු ගෞරවය.

 
പരിഭാഷ ആയത്ത്: (7) അദ്ധ്യായം: ഗാഫിർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക