Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (78) അദ്ധ്യായം: ഗാഫിർ
وَلَقَدْ اَرْسَلْنَا رُسُلًا مِّنْ قَبْلِكَ مِنْهُمْ مَّنْ قَصَصْنَا عَلَیْكَ وَمِنْهُمْ مَّنْ لَّمْ نَقْصُصْ عَلَیْكَ ؕ— وَمَا كَانَ لِرَسُوْلٍ اَنْ یَّاْتِیَ بِاٰیَةٍ اِلَّا بِاِذْنِ اللّٰهِ ۚ— فَاِذَا جَآءَ اَمْرُ اللّٰهِ قُضِیَ بِالْحَقِّ وَخَسِرَ هُنَالِكَ الْمُبْطِلُوْنَ ۟۠
අහෝ දූතය! නුඹට පෙර විසූ සමූහයන් වෙත බොහෝ සෙයින් අපි ධර්ම දූතවරුන් එව්වෙමු. නමුත් ඔවුහු ඔවුන් බොරු කළෝය. ඔවුනට හිංසා කළෝය. එවිට ඔවුන්ගේ බොරු කිරීම හා හිංසා කිරීම ඔවුහු ඉවසා දරා ගත්හ. එම ධර්ම දූතවරුන්ගෙන් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹට පවසා ඇත්තෙමු. තවත් ඇතැමෙකුගේ තොරතුරු අපි නුඹලාට නොපැවසුවෙමු. ධර්ම දූතයකු තම සමූහයා වෙත ඔහුගේ පරමාධිපතිගෙන් වූ යම් වදනක් ගෙන ආවේ නම් එය සුවිශුද්ධයාණන්ගේ අභිමතය අනුව මිස සිදුවීම නිවැරැදි වන්නේ නැත. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් එවන් වදන් ගෙන එන මෙන් ඔවුන්ගේ ධර්ම දූතවරුන්හට යෝජනා කිරීම අපරාධයකි. ජයග්රහණය හෝ ධර්ම දූතවරුන් හා ඔවුන්ගේ සමූහයන් අතර තීන්දුව පැමිණි විට ඔවුන් අතර ඔහු සාධාරණනීය ලෙස තීන්දු කළේය. ඒ අනුව දේව ප්රතික්ෂේපකයින් විනාශයට ලක් වී දූතවරුන් මුදවා ගනු ලැබීය. දේව ප්රතික්ෂේපය සිදු කොට තම ආත්මාවන් විනාශ මුඛයට ගෙන ආ හේතුවෙන් - ගැත්තන් අතර තීන්දු ලබා දෙන අවස්ථාවේ- ව්යාජ ජනයා තමන්ටම පරාජය අත් පත් කර ගත්හ.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• لله رسل غير الذين ذكرهم الله في القرآن الكريم نؤمن بهم إجمالًا.
•අල් කුර්ආනයේ අල්ලාහ් සඳහන් නොකළා වූ දූතවරුන් ද අල්ලාහ් සතු විය. සමස්තයක් වශයෙන් අපි ඒ සියලු දෙනා විශ්වාස කරමු.

• من نعم الله تبيينه الآيات الدالة على توحيده.
•අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සංඥා ඔහු විසින් පැහැදිලි කර තිබීම ඔහුගේ ආශිර්වාදයකි.

• خطر الفرح بالباطل وسوء عاقبته على صاحبه.
•ව්යාජ දෑ පිළිබඳ සතුටු වීමේ වරද හා අදාළ පුද්ගලයාට එහි අත් වන අවසාන ප්රතිඵලයේ නපුර.

• بطلان الإيمان عند معاينة العذاب المهلك.
•විනාශකාරී දඬුවම දෑසින් දකින අවස්ථාවේ විශ්වාස කිරීමේ අවලංගුතාව.

 
പരിഭാഷ ആയത്ത്: (78) അദ്ധ്യായം: ഗാഫിർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക