Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (5) അദ്ധ്യായം: ശ്ശൂറാ
تَكَادُ السَّمٰوٰتُ یَتَفَطَّرْنَ مِنْ فَوْقِهِنَّ وَالْمَلٰٓىِٕكَةُ یُسَبِّحُوْنَ بِحَمْدِ رَبِّهِمْ وَیَسْتَغْفِرُوْنَ لِمَنْ فِی الْاَرْضِ ؕ— اَلَاۤ اِنَّ اللّٰهَ هُوَ الْغَفُوْرُ الرَّحِیْمُ ۟
ශුද්ධවන්තයාණන්ගේ බලමහිමය හේතුවෙන්, අහස් ඒවා විශාලත්වයෙන් හා උසින් පිහිටා තිබීමත් සමග පොළෝවාසීන්ට ඉහළින් පැළෙන්නට බලති. මලක්වරුන් ඔවුන්ගේ පරමාධිපතිව පිවිතුරු කරති. යටත් වීමෙන් හා ගෞරව කිරීමෙන් ඔහුට ප්රශංසා කරමින් ඔහුට ගරුබුහුමන් දක්වති. මහපොළොවේ සිටින්නන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් සමාව ඉල්ලා සිටිති. දැනගනු! සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන් අතරින්, සමාව ඇයැද ඔහු වෙත හැරෙන්නන්හට අති ක්ෂමාශීලීය.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• عظمة الله ظاهرة في كل شيء.
•අල්ලාහ්ගේ බලය සියලු දෑහි විද්යාමානව පවතී.

• دعاء الملائكة لأهل الإيمان بالخير.
•දේව විශ්වාසය ඇත්තන් වෙනුවෙන් යහපත පතා මලක්වරු ප්රාර්ථනා කරති.

• القرآن والسُنَّة مرجعان للمؤمنين في شؤونهم كلها، وبخاصة عند الاختلاف.
•අල් කුර්ආනය හා සුන්නාව හෙවත් නබි පිළිවෙත දේවත්වය විශ්වාස කරන්නන්ගේ සියලුම කටයුතු වලදී, විශේෂයෙන් මතභේද ඇති වූ අවස්ථාවකදී ඔවුන් යොමු කරනු ලබන මූලාශ්ර දෙකකි.

• الاقتصار على إنذار أهل مكة ومن حولها؛ لأنهم مقصودون بالرد عليهم لإنكارهم رسالته صلى الله عليه وسلم وهو رسول للناس كافة كما قال تعالى: ﴿وَمَآ أَرسَلنُّكَ إلَّا كافةً لِّلنَّاس...﴾، (سبأ: 28).
•‘අපි නුඹව මුලු මිනිස් සංහතියට ධර්ම දූතයෙකු ලෙස මිස එවා නැත්තෙමු’ යැයි අල්ලාහ් පවසා සිටින පරිදි ඔහු මුලු මිනිස් සංහතියට ධර්ම දූතයකුව සිටියදී මක්කාවාසීන් හා ඒ අවට සිටින්නන්හට අවවාද කිරීම සීමා කර ඇත. ඊට හේතු ව සැබැවින්ම ඔවුන් ධර්ම දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ දූත පණිවිඩය හෙළා දුටුවෝය. එහෙයින් ප්රතිචාර දැක්වීම සඳහා ඉලක්කකර ගත් පිරිස ඔවුන් ය.

 
പരിഭാഷ ആയത്ത്: (5) അദ്ധ്യായം: ശ്ശൂറാ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക