വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (44) അദ്ധ്യായം: സൂറത്തുൽ അൻആം
فَلَمَّا نَسُوْا مَا ذُكِّرُوْا بِهٖ فَتَحْنَا عَلَیْهِمْ اَبْوَابَ كُلِّ شَیْءٍ ؕ— حَتّٰۤی اِذَا فَرِحُوْا بِمَاۤ اُوْتُوْۤا اَخَذْنٰهُمْ بَغْتَةً فَاِذَا هُمْ مُّبْلِسُوْنَ ۟
දැඩි සාගින්න, රෝගීභාවය වැනි කරුණු ඉදිරිපත් කරමින් උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුන් අතහැර දමා අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක නොකළ කල්හි ඔවුන් වෙත පෝෂණයේ දොරටු පියවරෙන් පියවර විවෘත කළෙමු. සාගින්නෙන් පසු ඔවුන් පොහොසතුන් බවට පත් කළෙමු. රෝගී තත්ත්වයෙන් පසු ඔවුන්ගේ ශරීරයට සුවය දුනිමු. ඔවුනට ඉහවහා ගිය පහසුකම් ඇති වන තෙක් එසේ සිදු කළෙමු. ඔවුන් භුක්ති විඳිමින් සිටි දෑ වෙනුවට පුදුම සහගත දෙයක් ඔවුන් ග්රහණය කළේය. අනපේක්ෂිත අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. එවිට ඔවුන් තමන් සිතමින් සිටි දෑ ගැන නිරායාසයට පත් ව කුතුහලයෙන් පෙළෙනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• تشبيه الكفار بالموتى؛ لأن الحياة الحقيقية هي حياة القلب بقَبوله الحق واتباعه طريق الهداية.
•දෙවියන් ප්රතික්ෂේප කළවුන් මළවුන් යැයි උපමා කිරීම. ඊට හේතුව සැබෑ යථාර්ථවාදී ජීවිතය වනුයේ සත්ය පිළිගනිමින් යහමග අනුගමනය කරමින් හදවත ජීවමාන කර ගත් ජීවිතයයි.

• من حكمة الله تعالى في الابتلاء: إنزال البلاء على المخالفين من أجل تليين قلوبهم وردِّهم إلى ربهم.
•පරීක්ෂණයට භාජනය කිරීමේ අල්ලාහ්ගේ ප්රඥාව. ඔහුට විරුද්ධ ව කටයුතු කරන්නන් හට පරීක්ෂණයන් පහළ කරනුයේ ඔවුන්ගේ හදවත් මෘදු බවට පත් ව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් යොමු කිරීමටය.

• وجود النعم والأموال بأيدي أهل الضلال لا يدل على محبة الله لهم، وإنما هو استدراج وابتلاء لهم ولغيرهم.
•නොමග ගියවුන්ගේ අතෙහි සැප සම්පත් පිහිටා තිබීම ඔවුන් වෙත අල්ලාහ්ගේ ආදරය පිහිටා ඇති බව පෙන්වා දෙන්නක් නොවේ. සැබැවින්ම ඔහු පියවරෙන් පියවර ඔවුන් මෙන්ම ඔහු සෙස්සන්වද පරීක්ෂාවට ලක් කරනු ඇත.

 
പരിഭാഷ ആയത്ത്: (44) അദ്ധ്യായം: സൂറത്തുൽ അൻആം
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - വിവർത്തനങ്ങളുടെ സൂചിക

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

അടക്കുക