Check out the new design

വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) * - വിവർത്തനങ്ങളുടെ സൂചിക


പരിഭാഷ ആയത്ത്: (31) അദ്ധ്യായം: മുദ്ദഥ്ഥിർ
وَمَا جَعَلْنَاۤ اَصْحٰبَ النَّارِ اِلَّا مَلٰٓىِٕكَةً ۪— وَّمَا جَعَلْنَا عِدَّتَهُمْ اِلَّا فِتْنَةً لِّلَّذِیْنَ كَفَرُوْا ۙ— لِیَسْتَیْقِنَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَیَزْدَادَ الَّذِیْنَ اٰمَنُوْۤا اِیْمَانًا وَّلَا یَرْتَابَ الَّذِیْنَ اُوْتُوا الْكِتٰبَ وَالْمُؤْمِنُوْنَ ۙ— وَلِیَقُوْلَ الَّذِیْنَ فِیْ قُلُوْبِهِمْ مَّرَضٌ وَّالْكٰفِرُوْنَ مَاذَاۤ اَرَادَ اللّٰهُ بِهٰذَا مَثَلًا ؕ— كَذٰلِكَ یُضِلُّ اللّٰهُ مَنْ یَّشَآءُ وَیَهْدِیْ مَنْ یَّشَآءُ ؕ— وَمَا یَعْلَمُ جُنُوْدَ رَبِّكَ اِلَّا هُوَ ؕ— وَمَا هِیَ اِلَّا ذِكْرٰی لِلْبَشَرِ ۟۠
නිරයේ භාරකරුවන් ලෙස මලක්වරුන් මිස වෙනත් කිසිවෙකු අපි පත් නො කළෙමු. එහෙයින් මිනිස් වර්ගයාට ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමට කිසිදු ශක්තියක් නැත. ඔවුන්ගේ සංඛ්යාව අල්ලාහ්ව ප්රතික්ෂේප කරන්නන් හට පරීක්ෂණයක් ලෙසින් මිස පත් නො කළෙමු. එය ඔවුන් පවසන දෑ පවසා ඒ හේතුවෙන් ඔවුන් මත දඬුවම ගුණ කර දෙනු ලබන පිණිසය. තවද තව්රාතය දෙනු ලැබූ යුදෙව්වන් හා ඉන්ජීලය දෙනු ලැබූ කිතුනුවන් ඔවුන්ගේ එම ග්රන්ථ තහවුරු කරමින් අල් කුර්ආනය පහළ වන අවස්ථාවේ ඔවුන් දැඩි සේ විශ්වාස කරනු පිණිසය. තවද දෙවියන් විශ්වාස කරන්නන් ආගම් ලත් ජනයා සමග අනුගත වන විට ඔවුන්ගේ විශ්වාසය වර්ධනය වී යුදෙව්වන් කිතුනුවන් හා දෙවියන් විශ්වාස කරන්නන් ඒ ගැන සැක ඇති කර නො ගනු පිණිසය. දේව විශ්වාසය තුළ දෙගිඩියාවෙන් පෙළෙන්නන් හා දෙවියන් ප්රතික්ෂේප කරන්නන්, ‘මෙම සුලබ සංඛයාවකින් අල්ලාහ් අපේක්ෂා කරනුයේ කුමක් ද?' යැයි විමසා සිටිනු පිණිසය. මෙම සංඛ්යාව පිටු දකින්නා නොමග යෑමත්, එය තහවුරු කරන්නාට මග ලැබීමත්, මෙහි උදාහරණ ලෙස දක්වා ඇත. අල්ලාහ් නොමග යැවීමට අභිමත කරන්නන් නොමග යන්නට ඉඩ හරිනු ඇත. එමෙන්ම යහමග පෙන්වීමට අපේක්ෂා කරන්නන් යහමග යොමු කරනු ඇත. ඔබේ පරමාධිපතිගේ සේනාවේ අධිකත්වය ඔහු හැර වෙනත් කිසිවෙකු නො දනී. නිරා ගින්න මිනිස් වර්ගයාට මෙනෙහි කිරීමක් මිස නැත. එමගින් ඔවුහු පාරිශුද්ධ වූ අල්ලාහ්ගේ බල මහිමය හඳුනා ගනු ඇත.
അറബി ഖുർആൻ വിവരണങ്ങൾ:
ഈ പേജിലെ ആയത്തുകളിൽ നിന്നുള്ള പാഠങ്ങൾ:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව.

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි.

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි.

 
പരിഭാഷ ആയത്ത്: (31) അദ്ധ്യായം: മുദ്ദഥ്ഥിർ
സൂറത്തുകളുടെ സൂചിക പേജ് നമ്പർ
 
വിശുദ്ധ ഖുർആൻ പരിഭാഷ - ഖുർആൻ സംക്ഷിപ്ത വിശദീകരണം - പരിഭാഷ (സിംഹള) - വിവർത്തനങ്ങളുടെ സൂചിക

മർക്കസ് തഫ്സീർ പ്രസിദ്ധീകരിച്ചത്.

അടക്കുക