ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (113) ߝߐߘߊ ߘߏ߫: ߌߡߎ߬ߙߊ߲߬ ߞߐߙߍ ߝߐߘߊ
لَیْسُوْا سَوَآءً ؕ— مِنْ اَهْلِ الْكِتٰبِ اُمَّةٌ قَآىِٕمَةٌ یَّتْلُوْنَ اٰیٰتِ اللّٰهِ اٰنَآءَ الَّیْلِ وَهُمْ یَسْجُدُوْنَ ۟
ආගම්ලත් ජනයාගේ තත්ත්වයන් එකිනෙකාට සමාන නොවීය. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ දහම මත ස්ථාවර ව සිටියහ. අල්ලාහ්ගේ නියෝග පිළිපැද්දාහ. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටියහ. රාත්රී කාලයේ අල්ලාහ්ට සලාත් නැමදුම් ඉටු කරමින් ඔහුගේ වදන් පාරායනය කළහ. මුහම්මද් නබි තුමාණන්ගේ පැමිණීමට පෙර මෙසේ කටයුතු කළ පිරිස එතුමාණන්ගේ පණිවිඩය ලැබුණු විට එය පිළිගෙන ඉස්ලාම ය වැලඳ ගත්හ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أعظم ما يميز هذه الأمة وبه كانت خيريتها - بعد الإيمان بالله - الأمر بالمعروف والنهي عن المنكر.
•අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් පසු ව මෙම සමාජයේ යහපත හා එය අනෙකුත් සමාජ අතර වෙන් කර පෙන්වන මහත් සාධකය වනුයේ යහපත විධානය කොට අයහපතින් වැළැක්වීමයි.

• قضى الله تعالى بالذل على أهل الكتاب لفسقهم وإعراضهم عن دين الله، وعدم وفائهم بما أُخذ عليهم من العهد.
•ආගම් ලත් ජනයා අල්ලාහ්ගේ දහම ප්රතික්ෂේප කළ බැවින් ද නපුරුකම් කළ බැවින් ද ඔවුන් සමග ඇති කරගත් ගිවිසුම ඔවුන් ඉටු නොකළ බැවින් ද අල්ලාහ් ඔවුනට අවමානය තීන්දු කළේය.

• أهل الكتاب ليسوا على حال واحدة؛ فمنهم القائم بأمر الله، المتبع لدينه، الواقف عند حدوده، وهؤلاء لهم أعظم الأجر والثواب. وهذا قبل بعثة النبي محمد صلى الله عليه وسلم.
•ආගම් ලත් ජනයා එකම තත්ත්වයක පසු නොවූහ. ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ගේ නියෝග ඉටු කළෝය. ඔහුගේ දහම පිළිපැද්දෝය. ඔහු පැන වූ සීමාවන් තුළ සිටියහ. ඔවුනට අතිමහත් ප්රතිඵල හා කුසල් හිමි වන්නේය. මෙය දේව දූත මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා පැමිණීමට පෙර වූ ස්ථාවරයයි.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (113) ߝߐߘߊ ߘߏ߫: ߌߡߎ߬ߙߊ߲߬ ߞߐߙߍ ߝߐߘߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ߘߊߕߎ߲߯ߠߌ߲