ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (14) ߝߐߘߊ ߘߏ߫: ߌߡߎ߬ߙߊ߲߬ ߞߐߙߍ ߝߐߘߊ
زُیِّنَ لِلنَّاسِ حُبُّ الشَّهَوٰتِ مِنَ النِّسَآءِ وَالْبَنِیْنَ وَالْقَنَاطِیْرِ الْمُقَنْطَرَةِ مِنَ الذَّهَبِ وَالْفِضَّةِ وَالْخَیْلِ الْمُسَوَّمَةِ وَالْاَنْعَامِ وَالْحَرْثِ ؕ— ذٰلِكَ مَتَاعُ الْحَیٰوةِ الدُّنْیَا ۚ— وَاللّٰهُ عِنْدَهٗ حُسْنُ الْمَاٰبِ ۟
සැබැවින්ම මිනිසුන් පරීක්ෂාවට භාජනය කරනු පිණිස කාන්තාවන් දරුවන් රන් හා රිදියෙන් ගොඩ ගසා ගත් ධනය සලකුණු තබන ලද අශ්වයින් ඔටු එළු හා ගවයින් යන ගොවිපළ සතුන් මහපොළොවේ වගාවන් යනාදියෙන් ලෞකික ආශාවන් අල්ලාහ් ඔවුන්හට අලංකාරවත් කර ඇත. ඒවා කෙටි කලක් භුක්ති විද පසුව නැති වී යන ලෞකික ජීවිතයේ භුක්ති විදින වස්තු වෙති. එහි එල්ලී සිටීම දෙවියන් විශ්වාස කරන මුඃමින්වරයකුට සුදුසු නොවන්නේය. නැවත යොමු වන යහපත් ස්ථානය ඇත්තේ අල්ලාහ් අබියස පමණය. එය අහස් හා පොළොව තරම් වූ උදාර ස්වර්ගයයි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أن غرور الكفار بأموالهم وأولادهم لن يغنيهم يوم القيامة من عذاب الله تعالى إذا نزل بهم.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන් තම වස්තුවට හා දරුවන්ට වහල් වී රැවටී සිටිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ දඬුවම ඔවුන් මත පහළ වන විට ඉන් ආරක්ෂා වන්නට ඒ කිසිවක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

• النصر حقيقة لا يتعلق بمجرد العدد والعُدة، وانما بتأييد الله تعالى وعونه.
•ජයග්රහණය යනු යථාර්ථයයි. සංඛ්යාව හෝ කාලය පදනම් කර ගනිමින් එය සිදුවන්නේ නැත. එය අල්ලාහ් තහවුරු කිරීමෙන් හා ඔහුගේ උදව්වෙන් පමණක් සිදුවන්නකි.

• زَيَّن الله تعالى للناس أنواعًا من شهوات الدنيا ليبتليهم، وليعلم تعالى من يقف عند حدوده ممن يتعداها.
•අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොගොස් ඒ තුළ රැඳි සිටිනුයේ කවුරුන්දැයි හඳුනා ගැනීම සඳහාත් මිනිසා පරීක්ෂණයට ලක් කිරීම සඳහාත් මෙලොව විවිධ ආශාවන් අල්ලාහ් ඔවුනට අලංකාරවත් කර දී ඇත.

• كل نعيم الدنيا ولذاتها قليل زائل، لا يقاس بما في الآخرة من النعيم العظيم الذي لا يزول.
•මෙලොව ඇති සියලු සැප සම්පත් ඉතා අල්පය, පහත්ය. මතු ලොවෙහි සදා පවතින සැප සම්පත් සමඟ ඒවා සසදා බැලිය නොහැකිය.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (14) ߝߐߘߊ ߘߏ߫: ߌߡߎ߬ߙߊ߲߬ ߞߐߙߍ ߝߐߘߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ߘߊߕߎ߲߯ߠߌ߲