ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (17) ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲ߛߐ߲ ߠߎ߬ ߝߐߘߊ
فَلَمْ تَقْتُلُوْهُمْ وَلٰكِنَّ اللّٰهَ قَتَلَهُمْ ۪— وَمَا رَمَیْتَ اِذْ رَمَیْتَ وَلٰكِنَّ اللّٰهَ رَمٰی ۚ— وَلِیُبْلِیَ الْمُؤْمِنِیْنَ مِنْهُ بَلَآءً حَسَنًا ؕ— اِنَّ اللّٰهَ سَمِیْعٌ عَلِیْمٌ ۟
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා බද්ර් දිනයේ දෙවියන්ට ආදේශ කරන්නන් සමග සටන් කළේ, නුඹලාගේ හැකියාවෙන් හෝ නුඹලාගේ ශක්තියෙන් නොවේ. ඒ සඳහා නුඹලාට උපකාර කළේ අල්ලාහ්ය. අහෝ නබි වරය! දෙවියන්ට ආදේශ කරන්නන්හට නුඹ විසි කළ ද එය ඔවුන් වෙත එල්ලවීමට සැලැස්සුවේ අල්ලාහ්ය. ඔබ පිරිසෙන් අඩු සංඛ්යාවක් සහිත ව සිටියදී සතුරන්ට නිරාවරණය කරවා ඔහු ඔවුනට ආශිර්වාද කිරීම තුළින් දෙවියන් විශ්වාස කරන්නන් පරීක්ෂාවට ලක් කළේ ඔවුහු, ඔහුට කෘතඥ වනු පිණිසය. සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ප්රාර්ථනාවන් හා නුඹලාගේ ප්රකාශයන්ට සවන් දෙන්නාය. අල්ලාහ් නුඹලාගේ ක්රියාවන් හා නුඹලාට එහි ඇති යහපත පිළිබඳ මැනවින් දන්නාය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• من كان الله معه فهو المنصور وإن كان ضعيفًا قليلًا عدده، وهذه المعية تكون بحسب ما قام به المؤمنون من أعمال الإيمان.
•අල්ලාහ් කවුරුන් සමග සිටින්නේ ද ඔහු දුර්වල වුව ද සංඛ්යාවෙන් අඩු වුව ද, උදව් කරනු ලබන්නෙකි. මෙම සම්බන්ධතාව ඇති වනුයේ මුඃමින්වරුන් ඉටු කරන ඊමානයේ - දේව විශ්වාසයේ ක්රියාවන් අනුවය.

• المؤمن مطالب بالأخذ بالأسباب المادية، والقيام بالتكليف الذي كلفه الله، ثم يتوكل على الله، ويفوض الأمر إليه، أما تحقيق النتائج والأهداف فهو متروك لله عز وجل.
•භෞතික සාධක සූදානම් කර ගැනීමට හා අල්ලාහ් පැවරූ භාරකාරත්වයන් ඉටු කිරීමට දේව විශ්වාස කරන්නා පතනු ලැබේ. පසු ව ඔහු අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කළ යුතුයි. සියලු කටයුතු ඔහු වෙත පැවරිය යුතුය. ප්රතිඵල හා අරමුණු තහවුරු කිරීම වනාහි එය අල්ලාහ් මත අතහැර දමනු ලැබිය යුත්තකි.

• في الآيات دليل على أن الله تعالى لا يمنع الإيمان والخير إلا عمَّن لا خير فيه، وهو الذي لا يزكو لديه هذا الإيمان ولا يثمر عنده.
•කවර අයකු තුළ යහපතක් නොමැත්තේ ද එවැන්නෙකුගෙන් මිස දේව විශ්වාසය හා යහපත වළක්වන්නේ නැත. එමෙන්ම එම දේව විශ්වාසය ඔහු පිවිතුරු කරන්නේ ද නැත. ඔහු අබියස එය ඵල දෙන්නේ ද නැත යැයි මෙම පාඨවල පෙන්වා දී ඇත.

• على العبد أن يكثر من الدعاء: يا مقلب القلوب ثبِّت قلبي على دينك، يا مُصرِّف القلوب اصرف قلبي إلى طاعتك.
•‘යා මුකල්ලිබල් කුලූබි, සබ්බිත් කල්බී අලා දීනික, යා මුසර්රිෆල් කුලූබි, ඉස්රිෆ් කල්බී ඉලා තාඅතික’ (අහෝ හදවත් වෙනස් කරන්නාණනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවර ව තබත්වා! අහෝ හදවත් පෙරළා දමන්නනි! මාගේ හදවත ඔබට අවනත වීම සඳහා හරවනු මැනව!) යනුවෙන් අධික ලෙස ගැත්තා ප්රාර්ථනා කළ යුතු වන්නේය.

• أَمَرَ الله المؤمنين ألا يُقِرُّوا المنكر بين أظهرهم فيعُمَّهم العذاب.
•ඔවුන් අතරින් මතුවන පිළිකුල් සහගත දෑ පිළි නොගන්නා මෙන් දේව විශ්වාසීන්හට අල්ලාහ් නියෝග කර ඇත. එවිට දඬුවම ඔවුන් සියල්ලටම පොදු වනු ඇත.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߟߝߊߙߌ ߘߏ߫: (17) ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲ߛߐ߲ ߠߎ߬ ߝߐߘߊ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

ߘߊߕߎ߲߯ߠߌ߲