Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (111) Surah: Soerat De bij (an-Nahl)
یَوْمَ تَاْتِیْ كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَّفْسِهَا وَتُوَفّٰی كُلُّ نَفْسٍ مَّا عَمِلَتْ وَهُمْ لَا یُظْلَمُوْنَ ۟
නවාතැනෙහි බිහිසුණු කම හේතුවෙන් අනෙක් අය ගැන වාද නොකර තමන් ගැන පමණක් වාද කරමින් සෑම මිනිසෙකුම පැමිණෙන දිනය ගැන අහෝ දූතය! මෙනෙහි කර බලනු. සෑම කෙනෙකුම සිදු කළ යහපත හා අයහපත වෙනුවෙන් වූ ප්රතිඵල ඔවුනොවුනට පිරිනමනු ලැබේ. ඔවුන්ගේ යහකම්වල කිසිවක් අඩු කිරීමෙන් හෝ අයහකම්වල කිසිවක් වැඩි කිරීමෙන් හෝ ඔවුනට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලබනු ඇත.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• الجزاء من جنس العمل؛ فإن أهل القرية لما بطروا النعمة بُدِّلوا بنقيضها، وهو مَحْقُها وسَلْبُها ووقعوا في شدة الجوع بعد الشبع، وفي الخوف والهلع بعد الأمن والاطمئنان، وفي قلة موارد العيش بعد الكفاية.
•ප්රතිඵල හිමි වනුයේ එම වර්ගයේම ක්රියාවකිනි. සැබැවින්ම ගම්වාසීන් ආශිර්වාද අතහැර දමා ඒවාට ප්රතිවිරුද්ධව වෙනස් කළ විට, එය අයුක්ති සහගත මෙන්ම කොල්ලකෑමක් විය. කුස පිරුණු පසු දැඩි සාගින්නෙහි ද, තැන්පත්භාවය හා ආරක්ෂාවෙන් පසු බිය හා කුතුහලයෙහි ද, ජීවන සම්පත් ප්රමාණවත් තරමට ලැබූ පසු ඒවා හිඟවීමෙහි ඔවුහු වැටුණහ.

• وجوب الإيمان بالله وبالرسل، وعبادة الله وحده، وشكره على نعمه وآلائه الكثيرة، وأن العذاب الإلهي لاحقٌ بكل من كفر بالله وعصاه، وجحد نعمة الله عليه.
•අල්ලාහ් හා දූතයාණන් විශ්වාස කිරීම, අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීම, අල්ලාහ්ගේ ආශිර්වාද හා දායාද බොහෝමයක් සඳහා කෘතඥවීම යනාදියෙහි අනිවාර්යභාවය. අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුට පිටුපා ඔහු පිරිනැමූ ආශිර්වාදයන්ට ගුණමකු වන සෑම කෙනෙකුටම සැබැවින්ම දේව දඬුවම සේන්දු වනු ඇත.

• الله تعالى لم يحرم علينا إلا الخبائث تفضلًا منه، وصيانة عن كل مُسْتَقْذَر.
•උත්තරීතර අල්ලාහ් අයහපත් දෑ තහනම් කර ඇත්තේ භාග්යයක් වශයෙන් හා සෑම කිලිටි දැයකින්ම ආරක්ශාවක් වශයෙන් මිස නැත.

 
Vertaling van de betekenissen Vers: (111) Surah: Soerat De bij (an-Nahl)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit