Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (102) Surah: al-Israa
قَالَ لَقَدْ عَلِمْتَ مَاۤ اَنْزَلَ هٰۤؤُلَآءِ اِلَّا رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ بَصَآىِٕرَ ۚ— وَاِنِّیْ لَاَظُنُّكَ یٰفِرْعَوْنُ مَثْبُوْرًا ۟
මූසා ඔහුට පිළිතුරු වශයෙන්, "අහෝ ෆිර්අවුන්! සැබැවින්ම මෙම ප්රාතිහාර්යයන් පහළ කළේ අහස්හි හා මහපොළොවේ පරමාධිපති වන අල්ලාහ් මිස වෙනත් කිසිවකු නොවන බව නුඹ තරයේම දන්නෙහිය. ඔහු ඒවා ඔහුගේ බලය හා ඔහුගේ දූතයාණන්ගේ සත්යතාව පෙන්වා දෙන සාධක ලෙස පහළ කර ඇත. එනමුත් නුඹ එය ප්රතික්ෂේප කරන්නෙහිය. අහෝ ෆිර්අවුන්! සැබැවින්ම නුඹ විනාශ වී යන පරාජිතයෙකු බව සැබැවින්ම මම දනිමි." යැයි පැවසීය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• الله تعالى هو المنفرد بالهداية والإضلال، فمن يهده فهو المهتدي على الحقيقة، ومن يضلله ويخذله فلا هادي له.
•මග පෙන්වන්නේත් නොමග යන්නට ඉඩ හරින්නේත් උත්තරීතර අල්ලාහ් පමණය. එහෙයින් ඔහු කවරෙකුට යහමඟ පෙන්වන්නේද ඔහු සැබෑ ලෙසින්ම යහමඟ ලැබූවෙකු වේ. කවරෙකු ඔහු නොමග යන්නට ඉඩ හැර අවමානයට පත් කරන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නැත.

• مأوى الكفار ومستقرهم ومقامهم جهنم، كلما سكنت نارها زادها الله نارًا تلتهب.
•දේව ප්රතික්ෂේපකයින් යොමු වන ස්ථානය, ඔවුන්ගේ නවාතැන, ඔවුන්ගේ වාසස්ථානය නිරයයි. එහි ගින්න නිවන සෑම කල්හිම දලු ලා ඇවිළෙන ගින්නක් බවට අල්ලාහ් එය වර්ධනය කරයි.

• وجوب الاعتصام بالله عند تهديد الطغاة والمُسْتَبدين.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන් විසින් සිදු කරන තර්ජන වලදී අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතීමේ අනිවාර්යභාවය.

• الطغاة والمُسْتَبدون يلجؤون إلى استخدام السلطة والقوة عندما يواجهون أهل الحق؛ لأنهم لا يستطيعون مواجهتهم بالحجة والبيان.
•අපරාධකරුවන් හා ඒකාධිපතියන්, සත්යවාදීන්හට මුහුණ දෙන විට බලය හා ශක්තිය යෙදවීමෙන් ඈත් ව සිටිති. ඊට හේතුව පැහැදිලි කිරීම් හා පැහැදිලි සාධක හේතුවෙන් ඔවුනට මුහුණ දීමට හැකියාවක් නොමැති වීම නිසාය.

 
Vertaling van de betekenissen Vers: (102) Surah: al-Israa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit