Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (38) Surah: Al-Ankaboet
وَعَادًا وَّثَمُوْدَاۡ وَقَدْ تَّبَیَّنَ لَكُمْ مِّنْ مَّسٰكِنِهِمْ ۫— وَزَیَّنَ لَهُمُ الشَّیْطٰنُ اَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِیْلِ وَكَانُوْا مُسْتَبْصِرِیْنَ ۟ۙ
එලෙසම හූද්ගේ සමූහයා වන ආද් ජනයා හා සාලිහ්ගේ සමූහයා වන සමූද් ජනයා ද අපි විනාශ කළෙමු. අහෝ මක්කා වැසියනි! ඔවුන්ගේ විනාශය පිළිබඳ නුඹලාට පෙන්වා දෙන සාධක හළරමව්ත්හි පිහිටි අෂ් ෂිහිර් නම් ප්රදේශයන්හි සහ හිජ්ර් ප්රදේශයන්හි ඔවුන්ගේ වාසස්ථාන තුළින් නුඹලාට පැහැදිලි වනු ඇත. ඔවුන්ගේ නිවෙස් ගරා වැටී තිබීම එයට සාක්ෂියකි. දේව ප්රතික්ෂේපය හා අනෙකුත් පාපකම් මත නියැලී සිටි ඔවුන්ගේ ක්රියාවන් ෂෙයිතාන් ඔවුනට අලංකාරවත් කළේය. ඍජු මාර්ගයෙන් ඔහු ඔවුන් හැරෙව්වේය. ඔවුන්ගේ දූතවරුන් ඔවුනට ඉගැන් වූ සත්යය, මුළාව, යහමග හා අවලංගු දෑ යනාදිය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තන් වූවෝය. නමුත් ඔවුහු ආශාවන් පසුපස හඹා යමින් ආශාවන් පිළිපැදීම තෝරා ගත්තෝය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• قوله تعالى:﴿ وَقَد تَّبَيَّنَ..﴾ تدل على معرفة العرب بمساكنهم وأخبارهم.
•(කද් තබය්යන. -සැබැවින්ම පැහිදිළි විය-) යන අල්ලාහ්ගේ ප්රකාශය වනාහි ඔවුන්ගේ වාසස්ථාන හා ඔවුන්ගේ තොරතුරු පිළිබඳ අරාබිවරුන් දැන සිටි බව එය පෙන්වා දෙයි.

• العلائق البشرية لا تنفع إلا مع الإيمان.
•මිනිස් සම්බන්ධතා දේව විශ්වාසය සමග මිස ප්රයෝනජවත් වන්නේ නැත.

• الحرص على أمن الضيوف وسلامتهم من الاعتداء عليهم.
•ආගන්තුකයින් ආරක්ෂා කිරීමටත් සතුරන්ගෙන් ඔවුනට රැකවරණය සැලසීමටත් දිරිමත් වීම.

• منازل المُهْلَكين بالعذاب عبرة للمعتبرين.
•දඬුවමින් විනාශ කරනු ලැබූවන්ගේ වාසස්ථාන පාඩම් ලබන්නන්හට පාඩමකි.

• العلم بالحق لا ينفع مع اتباع الهوى وإيثاره على الهدى.
•ආශාවන් අනුගමනය කිරීම හා යහමගට වඩා එය තෝරා ගැනීම සමග, සත්යය පිළිබඳ දැනුම ප්රයෝනජවත් වන්නේ නැත.

 
Vertaling van de betekenissen Vers: (38) Surah: Al-Ankaboet
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit