Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (134) Surah: An-nisa
مَنْ كَانَ یُرِیْدُ ثَوَابَ الدُّنْیَا فَعِنْدَ اللّٰهِ ثَوَابُ الدُّنْیَا وَالْاٰخِرَةِ ؕ— وَكَانَ اللّٰهُ سَمِیْعًا بَصِیْرًا ۟۠
ජනයිනි, කවරෙකු තම ක්රියාවෙන් මෙලොව යහපත පමණක් අපේක්ෂා කරන්නේද සැබැවින්ම මෙලොව හා මතුලොව යහපත ඇත්තේ අල්ලාහ් අබියස බව ඔහු දැන ගත යුතුයි. ඒ දෙකෙහි යහපත ඔහුගෙන් පැතිය යුතුයි. අල්ලාහ් ඔබගේ ප්රකාශ වලට සවන් දෙන්නාය. ඔබගේ ක්රියාවන් නිරීක්ෂණය කරන්නාය. ඒ සඳහා ඔහු ඔබට ප්රතිඵල පිරිනමනු ඇත.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• استحباب المصالحة بين الزوجين عند المنازعة، وتغليب المصلحة بالتنازل عن بعض الحقوق إدامة لعقد الزوجية.
•ස්වාමි පුරුෂයා හා බිරිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන විට එය සමතය කිරීම සතුටුදායක කරුණකි. විවාහ ගිවිසුම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සඳහා ඇතැම් අයිතිවාසිකම් අත්හැරීම තුළින් බොහෝ විට යහපත ඇතිවන්නේය.

• أوجب الله تعالى العدل بين الزوجات خاصة في الأمور المادية التي هي في مقدور الأزواج، وتسامح الشرع حين يتعذر العدل في الأمور المعنوية، كالحب والميل القلبي.
•බිරියන් අතර සාධාරණත්වය පිළිපැදීම අල්ලාහ් අනිවාර්ය කළේය. විශේෂයෙන් බිරියන් අතර නිර්ණය කරන භෞතික කටයුතු වලදී එය පිළිපැදිය යුතුය. නමුත් ආදරය සිතෙහි ඇති වන නැඹුරු ව වැනි ආධ්යාත්මික කටයුතු වලදී සාධාරණත්වය ඉටු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ආගම අවසර දෙන්නේය.

• لا حرج على الزوجين في الفراق إذا تعذرت العِشْرة بينهما.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා අතර පවුල් ජීවිතයක් ගත කිරීමට නොහැකි තරමට බාධාවන් ඇති වූ විටෙක දෙදෙනා වෙන්වීමෙහි වරදක් නැත.

• الوصية الجامعة للخلق جميعًا أولهم وآخرهم هي الأمر بتقوى الله تعالى بامتثال الأوامر واجتناب النواهي.
•මුල සිට අවසානය දක්වා සිටින සියලු මැවීම් සඳහා වූ පූර්ණ උපදෙස වනුයේ අණ කළ දෑ පිළිපදිමින් හා තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් ජීවත් වීමේ නියෝගයයි.

 
Vertaling van de betekenissen Vers: (134) Surah: An-nisa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit