Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (3) Surah: An-nisa
وَاِنْ خِفْتُمْ اَلَّا تُقْسِطُوْا فِی الْیَتٰمٰی فَانْكِحُوْا مَا طَابَ لَكُمْ مِّنَ النِّسَآءِ مَثْنٰی وَثُلٰثَ وَرُبٰعَ ۚ— فَاِنْ خِفْتُمْ اَلَّا تَعْدِلُوْا فَوَاحِدَةً اَوْ مَا مَلَكَتْ اَیْمَانُكُمْ ؕ— ذٰلِكَ اَدْنٰۤی اَلَّا تَعُوْلُوْا ۟ؕ
නුඹලාගේ භාරයේ සිටින අනාථ කාන්තාවන් විවාහ වූ විට ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකි යැයි නුඹලා බිය වන්නෙහු නම් ඔවුන් වෙත හිමි විය යුතු ඔවුන්ගේ විවාහ ත්යාගයෙහි අඩුවක් සිදු වේවි, එසේ නැතහොත් ඔවුන් සමග කටයුතු කිරීමේදී යම් අකටයුත්තක් සිදු වේවි යැයි නුඹලා බියවන්නෙහු නම් ඔවුන් අතහැර දමා දැහැමි කාන්තාවන් විවාහ කර ගැනීමට අපේක්ෂා කරන්නෙහු නම් දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු වශයෙන් විවාහ කර ගන්න. නමුත් ඔවුන් අතර සාධාරණ ව කටයුතු කළ නොහැකැයි බියවන්නෙහු නම් එක් කාන්තාවකට පමණක් සීමා කර ගන්න. එසේ නැතහොත් ඔබ යටතේ පසුවන වහලියන් සමග ඇසුරු කරන්න. එවිට බිරියන්හට අනිවාර්යය වන යුතුකම් මෙන් ඔවුනට ඉටු කිරීම අනිවාර්යය නොවනු ඇත. අනාථ කාන්තාවන් එක් අයකු පමණක් විවාහ වීමේ සීමාව හා පාපයට ලක් නොවීමට වඩාත් සමීප මාර්ගයක් ලෙස වහල් කාන්තාවන් සමග පහස විඳීම යනාදිය මෙම පාඨයේ සඳහන් ව ඇත.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• الأصل الذي يرجع إليه البشر واحد، فالواجب عليهم أن يتقوا ربهم الذي خلقهم، وأن يرحم بعضهم بعضًا.
•මිනිස් සම්භවයේ මූලාරම්භය එකම මිනිසෙකුගෙන් පැවත එන්නකි. ඒ සෑම කෙනෙකුම හැරී යන්නේ ඒකීය වූ අල්ලාහ් වෙත පමණය. එබැවින් ඔවුන් මැවූ ඔවුන්ගේ පරමාධිපතිට ඔවුන් බිය බැතියෙන් යුතු ව කටයුතු කිරීමත් ඔවුනොවුන් අතර කරුණාවෙන් යුතු ව කටයුතු කිරීමත් අනිවාර්යය වන්නේය.

• أوصى الله تعالى بالإحسان إلى الضعفة من النساء واليتامى، بأن تكون المعاملة معهم بين العدل والفضل.
•කාන්තාවන් හා අනාථයින් අතර සිටින අසරණයින් සමග යුක්තියෙන් හා ත්යාගශීලිත්වයෙන් යුතු ව ගනුදෙනු කරමින් ඔවුන්හට පිහිට වන මෙන් අල්ලාහ් උපදෙස් දෙයි.

• جواز تعدد الزوجات إلى أربع نساء، بشرط العدل بينهن، والقدرة على القيام بما يجب لهن.
•කාන්තාවන් අතර යුක්තිය ඉටු කිරීම හා ඔවුන් සතු වගකීම් නිසි ලෙස ඉටු කිරීමේ ශක්තිය තමන්හට තිබීම යන කොන්දේසිය මත කාන්තාවන් සිව් දෙනෙකු බහුභාර්යයන් ලෙස විවාහ වීමේ අනුමැතිය.

• مشروعية الحَجْر على السفيه الذي لا يحسن التصرف، لمصلحته، وحفظًا للمال الذي تقوم به مصالح الدنيا من الضياع.
•ගනු දෙනු නිසි අයුරින් සිදු කළ නොහැකි බුද්ධි හීනයන්ගේ යහපත වෙනුවෙන් හා මෙලොව කටයුතු වලදී තම ධනය නාස්ති කර ගැනීමෙන් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුනට ගනුදෙනු කිරීමට ඉඩ නොදීම ආගමානුගත කර ඇත.

 
Vertaling van de betekenissen Vers: (3) Surah: An-nisa
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit