Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (19) Surah: Al-Djaasi'jah
اِنَّهُمْ لَنْ یُّغْنُوْا عَنْكَ مِنَ اللّٰهِ شَیْـًٔا ؕ— وَاِنَّ الظّٰلِمِیْنَ بَعْضُهُمْ اَوْلِیَآءُ بَعْضٍ ۚ— وَاللّٰهُ وَلِیُّ الْمُتَّقِیْنَ ۟
සැබැවින්ම සත්යය නොදන්නා අය වනාහි, නුඹ ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළෙහි නම් අල්ලාහ්ගෙන් ඇතිවන දඬුවමින් ඔවුන් නුඹව කිසිවිටෙක වළක්වා ගන්නේ නැත. සියලු ආගම් අතර සිටින අපරාධකරුවන් ඔවුන් එකිනෙකාට උදව් කරන්නන් වෙති. දේව විශ්වාසීන්ට එරෙහිව එකිනෙකාට ආධාර කරන්නන් වෙති. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට බැතිමත්ව කටයුතු කරන්නන්ගේ උදව්කරු අල්ලාහ්ය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• العفو والتجاوز عن الظالم إذا لم يُظهر الفساد في الأرض، ويَعْتَدِ على حدود الله؛ خلق فاضل أمر الله به المؤمنين إن غلب على ظنهم العاقبة الحسنة.
•අපරාධකරුවා මහපොළොවේ කලහකම් මතු නොකළේ නම් ඔහු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා නොගියේ නම් ඔහුට සමාව දීම හා නොසලකා හැරීම දේව විශ්වාසීන්ට අල්ලාහ් අණ කළ උතුම් ගුණාංගයකි. එය ඔවුන් යහපත් අවසානයක් යැයි ඔවුනට පෙනී ගිය විටය.

• وجوب اتباع الشرع والبعد عن اتباع أهواء البشر.
•ආගමික පිළිවෙත අනුගමනය කිරීමේ හා මිනිස් ආශාවන් අනුගමනය කිරීමෙන් දුරස් වීමේ අනිවාර්යයභාවය.

• كما لا يستوي المؤمنون والكافرون في الصفات، فلا يستوون في الجزاء.
•දේව විශ්වාසියා හා දේව ප්රතික්ෂේපකයා ගුණාංග අතරින් සමාන නොවන්නාක් මෙන්ම ප්රතිඵලවලද ඔවුන් සමාන නොවෙති.

• خلق الله السماوات والأرض وفق حكمة بالغة يجهلها الماديون الملحدون.
•අල්ලාහ් අහස් හා මහපොළොව මවා ඇත්තේ ගැඹුරු ප්රඥාවකට අනුවය. භෞතිකවාදීහු හා අදේවවාදීහු ඒ ගැන නොදනිති.

 
Vertaling van de betekenissen Vers: (19) Surah: Al-Djaasi'jah
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit