Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (11) Surah: El-Maidah
یٰۤاَیُّهَا الَّذِیْنَ اٰمَنُوا اذْكُرُوْا نِعْمَتَ اللّٰهِ عَلَیْكُمْ اِذْ هَمَّ قَوْمٌ اَنْ یَّبْسُطُوْۤا اِلَیْكُمْ اَیْدِیَهُمْ فَكَفَّ اَیْدِیَهُمْ عَنْكُمْ ۚ— وَاتَّقُوا اللّٰهَ ؕ— وَعَلَی اللّٰهِ فَلْیَتَوَكَّلِ الْمُؤْمِنُوْنَ ۟۠
අහෝ විශ්වාස කළවුනි, ඔබව ග්රහණය කොට වියවුල් කිරීමට ඔබේ සතුරන් ඔබ වෙත අත දිගු හරින්නට අපේක්ෂා කළ අවස්ථාවේ ඔබේ සිත් තුළ ඒ ගැන බිය පහ කොට ආරක්ෂිත තත්ත්වයක් ඇති කරමින් ඔබ වෙත ඔහු කළ ආශිර්වාදය පිළිබඳ ඔබේ සිතින් හා මුවින් මෙනෙහි කරනු. එවිට අල්ලාහ් ඔවුන් ඔබෙන් වෙනතකට යොමු කොට ඔබව ඔවුන්ගෙන් ආරක්ෂා කළේය. ඔහුගේ නියෝග පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරනු. ඔවුන්ගේ මෙලොව හා ආගමික කටයුතු පිහිටු වීමේදී දේව විශ්වාසිකයෝ ස්ථාවර ව සිටිනුයේ අල්ලාහ් මත පමණය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• من عظيم إنعام الله عز وجل على النبي عليه الصلاة والسلام وأصحابه أن حماهم وكف عنهم أيدي أهل الكفر وضررهم.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට හා ඔහුගේ මිතුරන්හට අල්ලාහ් ආශිර්වාද කළ අතිමහත් ආශිර්වාදය වනුයේ දේව ප්රතික්ෂේපකයින්ගේ අත්වලින් හා ඔවුන්ගේ හානියෙන් ඔවුන් වළක්වා ඔවුනට ආරක්ෂාව සැලසීමයි.

• أن الإيمان بالرسل ونصرتهم وإقامة الصلاة وإيتاء الزكاة على الوجه المطلوب، سببٌ عظيم لحصول معية الله تعالى وحدوث أسباب النصرة والتمكين والمغفرة ودخول الجنة.
සැබැවින්ම දූතවරුන් පිළිබඳ විශ්වාසය ඔවුනට උපකාර කිරීම, සලාතය විධිමත් ව ඉටු කිරීම, විධිමත් ලෙස සකාත් පිරිනැමීම යනාදිය අල්ලාහ්ගේ උපකාරය ලබන්නටත් ජය හා අවකාශය ලබන්නට හේතු සාධක වනවාක් මෙන්ම සමාව හා ස්වර්ගයට පිවිසීමටත් හේතු සාධක වන්නේය.

• نقض المواثيق الملزمة بطاعة الرسل سبب لغلظة القلوب وقساوتها.
දූතවරුන්හට අවනත වන බවට ගනු ලැබූ ප්රතිඥාවන් කඩ කිරීම හදවතේ රළු හා දැඩි බවට හේතුවකි.

• ذم مسالك اليهود في تحريف ما أنزل الله إليهم من كتب سماوية.
යුදෙව්වන් තමන් වෙත පහළ කළ දේව පුස්තක විකෘති කිරීමෙහි ඔවුන් අනුගමනය කළ ආකාරය අපහාසයට ලක් කිරීම.

 
Vertaling van de betekenissen Vers: (11) Surah: El-Maidah
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit