Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (130) Surah: Soerat el-Araf (De verheven plaatsen)
وَلَقَدْ اَخَذْنَاۤ اٰلَ فِرْعَوْنَ بِالسِّنِیْنَ وَنَقْصٍ مِّنَ الثَّمَرٰتِ لَعَلَّهُمْ یَذَّكَّرُوْنَ ۟
සැබැවින්ම අපි ෆිර්අවුන්ගේ පැළැන්තිය නියඟයෙන් හා සාගින්නෙන් දඬුවමට ලක් කළෙමු. මහපොළොවේ බවභෝග හා අස්වැනු අඩු කරමින් අපි ඔවුන් පරීක්ෂාවට ලක් කළෙමු. එය, ඔවුනට පැමිණි දඬුවම ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අත්වූවක් බව ඔවුන් මෙනෙහි කොට, ඉන් උපදෙස් ලබා තමන් කළ වරද වෙනුවෙන් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැද ඔහු වෙත යොමු වනු පිණිසය.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• موقف السّحرة وإعلان إيمانهم بجرأة وصراحة يدلّ على أنّ الإنسان إذا تجرّد عن هواه، وأذعن للعقل والفكر السّليم بادر إلى الإيمان عند ظهور الأدلّة عليه.
හූනියම්කරුවන්ගේ ස්ථාවරය හා ඔවුන් ඉතා උනන්දුවෙන් හා ප්රසිද්ධියේම ඔවුන්ගේ විශ්වාසය දන්වා සිටීම, සැබැවින්ම මිනිසා තම ආශාවන්ගෙන් ඉවත් ව බුද්ධියට හා කල්පනාවට වැටුණු විට ඔහුට පැහැදිලි සාධක නිරාවරණය වන අවස්ථාවේ, දේව විශ්වාසය වෙත ඔහු යුහුසුළු ව පැමිණෙන බව පෙන්වා දෙයි.

• أهل الإيمان بالله واليوم الآخر هم أشدّ الناس حزمًا، وأكثرهم شجاعة وصبرًا في أوقات الأزمات والمحن والحروب.
අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් වනාහි, ජනයා අතර දැඩි විශ්වාසයෙන් පසුවන්නෝ ඔවුහුමය. එමෙන්ම අර්බූද, පීඩා සහ යුද්ධ කාල වලදී ඉතා ඉවසීමෙන් හා ධෛර්යයෙන් කටයුතු කරන්නේද ඔවුහුමය.

• المنتفعون من السّلطة يُحرِّضون ويُهيِّجون السلطان لمواجهة أهل الإيمان؛ لأن في بقاء السلطان بقاء لمصالحهم.
බලයෙන් ලාභ ලබන්නන්, දෙවියන් විශ්වාස කරන්නන් හා ඝට්ටනය කිරීමට, බලධාරීන්ව පොලඹවා උසි ගන්වති. ඊට හේතුව බලධාරීන්ගේ බලය පවතින විට ඔවුන්ගේ ප්රවර්තනය ද පවතින බැවිණි.

• من أسباب حبس الأمطار وغلاء الأسعار: الظلم والفساد.
වර්ෂාව නතර වීමටත් මිල ඉහළ යාමටත් අපරාධ හා දූෂණය හේතු වන්නේය.

 
Vertaling van de betekenissen Vers: (130) Surah: Soerat el-Araf (De verheven plaatsen)
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم - Index van vertaling

الترجمة السنهالية للمختصر في تفسير القرآن الكريم، صادر عن مركز تفسير للدراسات القرآنية.

Sluit