Check out the new design

Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. * - Index van vertaling


Vertaling van de betekenissen Vers: (147) Surah: el-Araf
وَالَّذِیْنَ كَذَّبُوْا بِاٰیٰتِنَا وَلِقَآءِ الْاٰخِرَةِ حَبِطَتْ اَعْمَالُهُمْ ؕ— هَلْ یُجْزَوْنَ اِلَّا مَا كَانُوْا یَعْمَلُوْنَ ۟۠
අපගේ දූතවරුන් සත්ය බව පෙන්වා දෙන අපගේ සංඥාවන් බොරු කොට, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ්ගේ හමුව බොරු කළවුන් වනාහි, ඔවුන්ගේ ක්රියාවන් අවනතවීමේ වර්ගයට අයත්ව තිබිය දී ඒවා නිෂ්ඵල විය. විශ්වාසය යන කොන්දේසිය එහි නොමැති බැවින් ඒවා සඳහා කුසල් හිමිවන්නේ නැත. ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කරමින් හා ඔහුට ආදේශ තබමින් කටයතු කළ දෑට සරිලන ප්රතිවිපාක, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පිරිනමනු ලබති. එහි ප්රතිවිපාකය වනුයේ නිරා ගින්නේ සදාතනිකභාවයයි.
Arabische uitleg van de Qur'an:
Voordelen van de verzen op deze pagina:
• على العبد أن يكون من المُظْهِرين لإحسان الله وفضله عليه، فإن الشكر مقرون بالمزيد.
අල්ලාහ් තම ගැත්තා වෙත දක්වන කරුණාව හා ඔහුගේ භාග්යය විදහා දක්වන්නන් අතුරින් කෙනෙකු ලෙස ගැත්තා විය යුතුය. සැබැවින්ම කෘතඥතාව බැඳී ඇත්තේ අමතර දෑ කිරීම තුළිනි.

• على العبد الأخذ بالأحسن في الأقوال والأفعال.
ක්රියාවන් හා ප්රකාශයන්හි වඩාත් යහපත් දෑ පිළිපැදීම ගැත්තාට පැවරෙන වගකීමකි.

• يجب تلقي الشريعة بحزم وجد وعزم على الطاعة وتنفيذ ما ورد فيها من الصلاح والإصلاح ومنع الفساد والإفساد.
ෂරීආ හෙවත් ආගමික නීති පිළිගත යුත්තේ කැපවීමෙන්, ස්ථාවරත්වයෙන්, අවනත වීමේ අධිෂ්ඨානයෙන් යහපත හා ප්රතිසංස්කරණ ක්රියාවලිය ඇති දෑ ක්රියාත්මක කිරීමෙන් සහ දූෂණය හා ප්රචණ්ඩත්වය වැළැක්වීමෙනි.

• على العبد إذا أخطأ أو قصَّر في حق ربه أن يعترف بعظيم الجُرْم الذي أقدم عليه، وأنه لا ملجأ من الله في إقالة عثرته إلا إليه.
ගැත්තෙකු තම පරමාධිපතිට කළ යුතු යුතුකම්වල වරදක් හෝ අඩුවක් සිදු කළ විට, ඔහුට විරුද්ධව ඔහු කළ විශාල අපරාධය පිළිගත යුතු අතර, ඔහු කළ පාපයෙන් ගැලවීම සඳහා අල්ලාහ්ගෙන් තොර වෙනත් රැකවරණයක් නැත.

 
Vertaling van de betekenissen Vers: (147) Surah: el-Araf
Surah's Index Pagina nummer
 
Vertaling van de betekenissen Edele Qur'an - Sinhala vertaling van de samenvatting van de tafsier van de Heilige Koran. - Index van vertaling

Uitgegeven door het Tafsier Centrum voor Koranstudies.

Sluit