Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߞߎ߬ߦߊ߬ߟߊ ߟߎ߬   ߟߝߊߙߌ ߘߏ߫:
قَالَ فَعَلْتُهَاۤ اِذًا وَّاَنَا مِنَ الضَّآلِّیْنَ ۟ؕ
මූසා (අලයිහිස් සලාම්) තුමා එය පිළිගනිමින් ෆිර්අවුන්ට, "මා වෙත දේව පණිවුඩ පැමිණීමට පෙර මා අඥානයින් අතරින් සිටියදී මම එම මිනිසා ව ඝාතනය කළෙමි" යැයි පවසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَفَرَرْتُ مِنْكُمْ لَمَّا خِفْتُكُمْ فَوَهَبَ لِیْ رَبِّیْ حُكْمًا وَّجَعَلَنِیْ مِنَ الْمُرْسَلِیْنَ ۟
ඔහු ව ඝාතනය කිරීමෙන් පසු ව නුඹලා මා ඝාතනය කරනු ඇතැයි යන බියෙන් මද්යන් නම් ගම්මානය වෙත නුඹලාගෙන් වෙන් ව මම පලා ගියෙමි. එවිට මාගේ පරමාධිපති මට ප්රඥාව පිරිනැමීය. ජනයා වෙත එවනු ලැබූවන් අතරින් මා ද දූතයකු බවට ඔහු මා පත් කළේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَتِلْكَ نِعْمَةٌ تَمُنُّهَا عَلَیَّ اَنْ عَبَّدْتَّ بَنِیْۤ اِسْرَآءِیْلَ ۟ؕ
නුඹ වහල්භාවයට ගත් ඉස්රාඊල් දරුවන් සමග මාද වහල්භාවයට නොගෙන නුඹ මා හදා වඩාගත් සිදුවීම සැබෑ ලෙසින්ම නුඹ මට පිරිනැමූ භාග්යයකි. නමුත් එය නුඹට කරන ඇරයුමෙන් මා වළක්වන්නේ නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ فِرْعَوْنُ وَمَا رَبُّ الْعٰلَمِیْنَ ۟
"සැබවින්ම නුඹ ඔහුගේ දූතයා යැයි විශ්වාස කරන, සියලු මැවීම්හි පරමාධිපති කවුරුන්දැ?"යි ෆිර්අවුන් මූසා (අලයිහිස් සලාම්) තුමාගෙන් විමසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ رَبُّ السَّمٰوٰتِ وَالْاَرْضِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ مُّوْقِنِیْنَ ۟
ෆිර්අවුන්ට පිළිතුරු වශයෙන් මූසා (අලයිහිස් සලාම්) තුමා, "සියලු මැවීම්හි පරමාධිපති වන ඔහු අහස්හි පරමාධිපතිය. මහ පොළොවේ පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. සැබවින් ඔහු ඔවුන්ගේ පරමාධිපති බව නුඹලා විශ්වාස කර සිටියෙහු නම් නුඹලා ඔහුට පමණක් නැමදුම් කරනු" යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ لِمَنْ حَوْلَهٗۤ اَلَا تَسْتَمِعُوْنَ ۟
ෆිර්අවුන් ඔහු අවට සිටින ඔහුගේ පිරිසේ නායකයින්හට, "මූසාගේ පිළිතුරට හා එහි ඇති බොරු විශ්වාසයට නුඹලා සවන් දිය යුතු නොවේදැ?යි!" පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ رَبُّكُمْ وَرَبُّ اٰبَآىِٕكُمُ الْاَوَّلِیْنَ ۟
මූසා තුමා ඔවුනට, "නුඹලාගේ පරමාධිපති හා නුඹලාගේ පෙර මුතුන්මිත්තන්ගේ පරමාධිපති අල්ලාහ්ය." යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ اِنَّ رَسُوْلَكُمُ الَّذِیْۤ اُرْسِلَ اِلَیْكُمْ لَمَجْنُوْنٌ ۟
ෆිර්අවුන්, "සැබවින්ම නුඹලා වෙත එවනු ලැබූ දූතයා යැයි විශ්වාස කරමින් සිටින්නා උම්මත්තකයෙකි. පිළිතුරු දිය යුත්තේ කෙසේදැ යි ඔහු නොදනී. එමෙන්ම වැටහීමක් නැති දෑ ඔහු කතා කරයි" යනුවෙන් පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ رَبُّ الْمَشْرِقِ وَالْمَغْرِبِ وَمَا بَیْنَهُمَا ؕ— اِنْ كُنْتُمْ تَعْقِلُوْنَ ۟
එයට මූසා, "මා කවර අයකු වෙත නුඹලා ව ඇරයුම් කරන්නේ ද ඔහු අල්ලාහ්ය. ඔහු නැගෙනහිරෙහි පරමාධිපතිය. බටහිරෙහි පරමාධිපතිය. ඒ දෙක අතර ඇති දෑ හි පරමාධිපතිය. නුඹලාට බුද්ධිය ඇත්නම් ඒ ගැන බුද්ධිමත් ව සිතා බලනු." යැයි කීවේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ لَىِٕنِ اتَّخَذْتَ اِلٰهًا غَیْرِیْ لَاَجْعَلَنَّكَ مِنَ الْمَسْجُوْنِیْنَ ۟
ෆිර්අවුන් ඔහු සමග වාද කිරීමට නොහැකි වූ පසු ඔහු මූසාට, "මා හැර වෙනත් දෙවියෙකු නුඹ නැමදුමට ගත්තෙහි නම් සැබවින්ම මම නුඹ ව සිරකරුවන් අතරට පත් කරමි" යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ اَوَلَوْ جِئْتُكَ بِشَیْءٍ مُّبِیْنٍ ۟ۚ
මූසා, "අල්ලාහ් වෙතින් මා කවර කරුණක් ගෙන ආවේ ද, එහි මාගේ සත්යතාව පැහැදිලි කරන යමක් නුඹ වෙත මා ගෙන ආව ද, නුඹ මා සිරකරුවන් අතරට පත් කරන්නෙහිද" යි ෆිර්අවුන්ගෙන් විමසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ فَاْتِ بِهٖۤ اِنْ كُنْتَ مِنَ الصّٰدِقِیْنَ ۟
‘නුඹ වාද කරන දෑ හි නුඹ සත්යවාදීන් අතර කෙනෙකු වී නම්, නුඹේ සත්යතාව පෙන්වා දෙන නුඹ මෙනෙහි කළ කරුණ ගෙන එනු.’ යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَاَلْقٰی عَصَاهُ فَاِذَا هِیَ ثُعْبَانٌ مُّبِیْنٌ ۟ۚۖ
එවිට මූසා ඔහුගේ සැරයටිය බිම හෙළුවේය. එවිට ක්ෂණික ව දෑසට පැහැදිලි ව පෙනෙන සර්පයකු බවට එය වෙනස් විය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَّنَزَعَ یَدَهٗ فَاِذَا هِیَ بَیْضَآءُ لِلنّٰظِرِیْنَ ۟۠
තවද ඔහු ඔහුගේ සුදුවන් නොවූ අත සාක්කුවට දැමුවේය. සුදු කබර රොගයේ සුදු වර්ණය මෙන් නොව දීප්තිමත් බැබළෙන සුදු වර්ණයකින් යුතු ව ඔහු එය එළියට ගත්තේය. නරඹන්නන් එය එලෙස නැරඹුවෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ لِلْمَلَاِ حَوْلَهٗۤ اِنَّ هٰذَا لَسٰحِرٌ عَلِیْمٌ ۟ۙ
ෆිර්අවුන් ඔහු අවට සිටි ඔහුගේ සමූහයා අතරින් වූ නායකයින්හට, "සැබවින්ම මෙම මිනිසා හූනියම් පිළිබඳ මනා දැනුමක් ඇති මායාකාරයෙකි" යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
یُّرِیْدُ اَنْ یُّخْرِجَكُمْ مِّنْ اَرْضِكُمْ بِسِحْرِهٖ ۖۗ— فَمَاذَا تَاْمُرُوْنَ ۟
"ඔහුගේ මායාවෙන් ඔහු නුඹලා ව නුඹලාගේ භූමියෙන් නෙරපා හරින්නට අපේක්ෂා කරයි. ඔහු විෂයයෙහි අපි ඔහු ව හසු කර ගැනීම ගැන නුඹලාගේ අදහස කුමක්ද?"
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالُوْۤا اَرْجِهْ وَاَخَاهُ وَابْعَثْ فِی الْمَدَآىِٕنِ حٰشِرِیْنَ ۟ۙ
ඔවුහු ඔහුට මෙසේ පවසා සිටියහ. "ඔහුට කල් දෙනු. ඔහුගේ සහෝදරයාටද කල් දෙනු. ඔවුන් දෙදෙනාට දඬුවම් කිරීමට ඔබ ඉක්මන් නොවනු. මායාකරුවන් එක්රැස් කරන්නන් ඔබ මිසරයේ නගර වලට එවනු."යැයි ඔවුහු පැවසුහ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
یَاْتُوْكَ بِكُلِّ سَحَّارٍ عَلِیْمٍ ۟
"හූනියම් පිළිබඳ මැනවින් දන්නා සෑම මායාකරුවකුම ඔවුන් ඔබ වෙත රැගෙන එනු ඇත."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَجُمِعَ السَّحَرَةُ لِمِیْقَاتِ یَوْمٍ مَّعْلُوْمٍ ۟ۙ
නියමිත වේලාවක නියමිත ස්ථානයක මූසා (අලයිහිස් සලාම්) තුමා සමග තරඟ වදින්නට ෆිර්අවුන් ඔහුගේ මායාකාර හූනියම්කරුවන් එක්රැස් කළෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَّقِیْلَ لِلنَّاسِ هَلْ اَنْتُمْ مُّجْتَمِعُوْنَ ۟ۙ
"ජය ලබනුයේ මූසා ද එසේ නැතහොත් එම මායාකරුවන් දැ යි නුඹලා දැක බලා ගනු පිණිස නුඹලාත් එක්රැස් වන්නෙහුදැ?"යි ජනයාගෙන් විමසන ලදී.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• أخطاء الداعية السابقة والنعم التي عليه لا تعني عدم دعوته لمن أخطأ بحقه أو أنعم عليه.
• යහ මග පෙන්වන්නා කලින් සිදු කළ වැරදි හෝ ඔහු වෙත තිබූ ආශිර්වාදයන් හෝ සත්යයෙන් පෙරළුණු හෝ ආශිර්වාද කර ඇති අයට ඇරයුම් නොකර සිටීමට හේතු කාරකයක් නොවන්නේය.

• اتخاذ الأسباب للحماية من العدو لا ينافي الإيمان والتوكل على الله.
•සතුරාගෙන් ආරක්ෂා වීම සඳහා අවශ්ය හේතු සාධක සූදානම් කර ගැනීම දේව විශ්වාසය හෝ අල්ලාහ් වෙත තබා ඇති පැවරුම නැති කර දමන්නේ නැත.

• دلالة مخلوقات الله على ربوبيته ووحدانيته.
•අල්ලාහ්ගේ මැවීම් ඔහුගේ ඒකීයත්වය හා ඔහුගේ පරිපාලනත්වය පෙන්වා දෙයි.

• ضعف الحجة سبب من أسباب ممارسة العنف.
•තර්කයේ දී බෙලහීනත්වය ප්රචණ්ඩත්වය ක්රියාවට නැංවීමට එක් හේතුවකි.

• إثارة العامة ضد أهل الدين أسلوب الطغاة.
•ආගමික ජනයාට විරුද්ධ ව පොදු ජනයා පොලඹවීම අපරාධකරුවන්ගේ ක්රියාමාර්ග වේ.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߞߎ߬ߦߊ߬ߟߊ ߟߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲