Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߞߎ߬ߦߊ߬ߟߊ ߟߎ߬   ߟߝߊߙߌ ߘߏ߫:
كَذَّبَتْ قَوْمُ لُوْطِ ١لْمُرْسَلِیْنَ ۟ۚۖ
ලූත්ගේ ජනයා ද ලූත් ව (එතුමා කෙරෙහි සාමය අත්වේවා!) බොරු කළ අවස්ථාවේ දහම් දූතවරුන් බොරු යැයි ඔවුහු පවසා සිටියෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِذْ قَالَ لَهُمْ اَخُوْهُمْ لُوْطٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි පරම්පරාවෙන් ඔවුන්ගේ සහෝදරයකු වූ ලූත් ඔවුන්ගෙන් විමසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවන ලද මෙන්ම ඔහු මට කවර කරුණක් දන්වා සිටියේ ද ඒ සම්බන්ධයෙන් ද විශ්වසනීය දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසුවනු. මම නුඹලාට කවර කරුණක් අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මම නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اَتَاْتُوْنَ الذُّكْرَانَ مِنَ الْعٰلَمِیْنَ ۟ۙ
ජනයා අතරින් පිරිමින් වෙත ඔවුන්ගේ පශ්චාත් භාගයෙන් ලිංගික අවශ්යතා සපුරා ගැනීමට පැමිණෙන්නෙහු ද?
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَتَذَرُوْنَ مَا خَلَقَ لَكُمْ رَبُّكُمْ مِّنْ اَزْوَاجِكُمْ ؕ— بَلْ اَنْتُمْ قَوْمٌ عٰدُوْنَ ۟
නුඹලාගේ ආශාවන් සංසිදුවා ගැනීම සඳහා අල්ලාහ් මවා ඇති නුඹලාගේ බිරියන්ගේ යෝනි මාර්ගය වෙත යෑම නුඹලා අතහැර දමන්නෙහු ද? මෙම පිළිකුල් සහගත විෂම ක්රියාවෙහි නිරතවෙමින් නුඹලා අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නන් වූහ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالُوْا لَىِٕنْ لَّمْ تَنْتَهِ یٰلُوْطُ لَتَكُوْنَنَّ مِنَ الْمُخْرَجِیْنَ ۟
"මෙම ක්රියාවෙන් වැළකී සිටින අපට නියෝග කිරීමෙන් හා එය පිළිකුල් කිරීමෙන් නුඹ නොවැළකුනෙහි නම් නුඹ හා නුඹ සමග වූවන් අපගේ දේශයෙන් අපි බැහැර කරනු ඇතැ"යි ඔහුගේ ජනයා ඔහුට පැවසුවෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالَ اِنِّیْ لِعَمَلِكُمْ مِّنَ الْقَالِیْنَ ۟ؕ
"සැබවින්ම මම නුඹලා සිදු කරන නුඹලාගේ මෙම ක්රියාව ගැන කෝපවන්නන් හා පිළිකුල් කරන්නන් අතරින් කෙනෙකු වෙමි" යැයි ලූත් ඔවුනට පවසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
رَبِّ نَجِّنِیْ وَاَهْلِیْ مِمَّا یَعْمَلُوْنَ ۟
තවදුරටත් එතුමා පරමාධිපතිට ප්රාර්ථනා කරමින් "මාගේ පරමාධිපතියාණනි! ඔවුන් සිදු කරමින් ආ ඔවුන්ගේ මේ පිළිකුල් සහගත ක්රියාව හේතුවෙන් ඔවුනට මතු අත්වන දඬුවමින් මා මුදවනු මැනව! මාගේ පවුල ද මුදවනු මැනව!" යැයි පැවසීය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَنَجَّیْنٰهُ وَاَهْلَهٗۤ اَجْمَعِیْنَ ۟ۙ
ඔහුගේ ප්රාර්ථනාවට අපි ප්රතිචාර දක්වමින් ඔහු හා ඔහුගේ පවුලේ සියලු දෙනා මුදවා ගත්තෙමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِلَّا عَجُوْزًا فِی الْغٰبِرِیْنَ ۟ۚ
ඔහුගේ දේව ප්රතික්ෂේපිත බිරිය හැර. ඇය විනාශ වී යන්නන් අතරට පත් වූවාය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ثُمَّ دَمَّرْنَا الْاٰخَرِیْنَ ۟ۚ
පසු ව ලූත් හා ඔහුගේ ජනයා ‘සදෝම්' නම් දේශයෙන් පිට ව ගිය පසු ව ඔහුගේ ජනයා අතර ඉතිරි වූ අය අපි දැඩි විනාශයකින් විනාශ කළෙමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَاَمْطَرْنَا عَلَیْهِمْ مَّطَرًا ۚ— فَسَآءَ مَطَرُ الْمُنْذَرِیْنَ ۟
වර්ෂාව පහළ කරනවාක් මෙන් අපි අහසින් ගල් වරුසාවක් ඔවුන් මත පහළ කළෙමු. අල්ලාහ්ගේ දඬුවම පිළිබඳ ලූත් තුමා අනතුරු අඟවා අවවාද කළ මොවුන් වෙත පහළ වූ වර්ෂාව අප්රසන්න විය. ඔවුන් කවර අශීලාචාර දෙයක් සිදු කළේ ද ඒ මත ඔවුන් අඛණ්ඩ ව නිරත ව සිටියෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً ؕ— وَمَا كَانَ اَكْثَرُهُمْ مُّؤْمِنِیْنَ ۟
සඳහන් කරනු ලැබූ අශීලාචාර ක්රියාව හේතුවෙන් ලූත්ගේ ජනයා මත පහළ වූ දඬුවම තුළ පාඩම් ලබන්නන්හට පාඩමක් ඇත. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවූවෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَاِنَّ رَبَّكَ لَهُوَ الْعَزِیْزُ الرَّحِیْمُ ۟۠
අහෝ දූතය! සැබවින් ඔබේ පරමාධිපති වනාහි, ඔහුම ය තම සතුරන්ට ප්රතිචාර දක්වන සර්ව බලධාරියාණන්. ඔහුගේ ගැත්තන් අතරින් කවරෙකු පාප ක්ෂමා ඇයද සිටින්නේ ද ඔවුන් කෙරෙහි ඔහු මහා කරුණාන්විතය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
كَذَّبَ اَصْحٰبُ لْـَٔیْكَةِ الْمُرْسَلِیْنَ ۟ۚۖ
ගහකොළ වලින් එතුනු ගම් වාසීහු ද ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් (අලයිහිස් සලාම්)ව බොරු කරමින් දහම් දූතවරුන් බොරු යැයි පවසා සිටියෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِذْ قَالَ لَهُمْ شُعَیْبٌ اَلَا تَتَّقُوْنَ ۟ۚ
එවිට, "අල්ලාහ්ට බියෙන් ඔහුට ආදේශ කිරීම අතහැර දමමින් ඔහුට බැතිමත් ව කටයුතු කළ යුතු නොවේදැ?"යි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅයිබ් ඔවුන්ගෙන් විමසා සිටියේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنِّیْ لَكُمْ رَسُوْلٌ اَمِیْنٌ ۟ۙ
"සැබවින්ම මම, නුඹලා වෙත අල්ලාහ් විසින් එවනු ලැබූ ඔහු මට කවර කරුණක් අණ කළේ ද ඒ සම්බන්ධයෙන් විශ්වසනීය වූ දූතයකු වෙමි. එයට වඩා අමතර යමක් එකතු නොකරමි. ඉන් කිසිවක් අඩු නොකරමි."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَاتَّقُوا اللّٰهَ وَاَطِیْعُوْنِ ۟ۚ
"අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ මතකයෙන් පසු වනු. නුඹලාට කවර කරුණක් මා අණ කළේ ද එමෙන්ම කවර කරුණකින් මා නුඹලා ව වැළැක්වූයේ ද එම විෂයයෙහි නුඹලා මට අවනත වනු."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَمَاۤ اَسْـَٔلُكُمْ عَلَیْهِ مِنْ اَجْرٍ ۚ— اِنْ اَجْرِیَ اِلَّا عَلٰی رَبِّ الْعٰلَمِیْنَ ۟ؕ
"මාගේ පරමාධිපති විසින් මා නුඹලාට දැනුම් දුන් දෑ වෙනුවෙන් මම කිසිදු කුලියක් නුඹලාගෙන් නොපතමි. සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් මත හැර වෙනත් කිසිවකු මත මාගේ තිළිණය නොමැත."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اَوْفُوا الْكَیْلَ وَلَا تَكُوْنُوْا مِنَ الْمُخْسِرِیْنَ ۟ۚ
නුඹලා ජනයා සමග වෙළඳාම් කරන අවස්ථාවේ නුඹලා ඔවුනට කිරුම් මිනුම් පූර්ණ ව මැන දෙනු. ජනයාට විකුණන විට කිරුම අඩු කරන්නන් අතරට නුඹලා පත් නොවනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَزِنُوْا بِالْقِسْطَاسِ الْمُسْتَقِیْمِ ۟ۚ
නුඹලා නොවන වෙනත් අය වෙනුවෙන් නුඹලා කිරන විට නිවැරදි තුලාවකින් කිරා දෙනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَلَا تَبْخَسُوا النَّاسَ اَشْیَآءَهُمْ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟ۚ
මිනිසුන්ගේ අයිතිවාසිකම් වල නුඹලා අඩුපාඩුකම් ඇති නොකරනු. පාපකම් සිදු කරමින් මහ පොළොවේ අධික ලෙස ප්රචණ්ඩ ක්රියාවන්හි නිරත නොවනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• اللواط شذوذ عن الفطرة ومنكر عظيم.
•සමලිංගිකත්වය යනු ස්වභාව ධර්මයාගෙන් වෙනස් වූ විෂමතාවක් මෙන්ම බරපතළ අශීලාචාර ක්රියාවකි.

• من الابتلاء للداعية أن يكون أهل بيته من أصحاب الكفر أو المعاصي.
• යහ මගට ඇරයුම් කරන්නෙකු සතු පරීක්ෂණයක් වන්නේ තම නිවැසියන් දේව ප්රතික්ෂෙපකයින් හෝ පාපකම් කරන්නන් අතරින් වීමය.

• العلاقات الأرضية ما لم يصحبها الإيمان، لا تنفع صاحبها إذا نزل العذاب.
•දේව විශ්වාසය හා නොබැඳුණු මහපොළෝ ජීවිතයේ සම්බන්ධතාව, දඬුවම පහළ වන විට එය සතු පුද්ගලයාට ප්රයෝජනවත් වන්නේ නැත.

• وجوب وفاء الكيل وحرمة التَّطْفِيف.
•කිරුම් මිනුම් පූර්ණ ව කිරා මැන දීමේ අනිවාර්යභාවය හා එහි වංචා කිරීමේ තහනම.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߛߞߎ߬ߦߊ߬ߟߊ ߟߎ߬
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲