Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲߬ߞߍ   ߟߝߊߙߌ ߘߏ߫:

අත් තූර්

ߝߐߘߊ ߟߊߢߌߣߌ߲ ߘߏ߫:
الحجج والبراهين لرد شبهات المكذبين للنبي صلى الله عليه وسلم.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් බොරුකරමින් සිටියවුන්ගේ සැකයට ප්රතිචාර දැක්වීම සඳහා ඉදිරිපත් කෙරෙන සාක්ෂි හා සාධක.

وَالطُّوْرِ ۟ۙ
මූසා (අලයිහිස් සලාම්) තුමා අල්ලාහ් සමග කතා කළ තූර් නම් කන්ද මත අල්ලාහ් දිවුරා සිටියි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَكِتٰبٍ مَّسْطُوْرٍ ۟ۙ
ලියන ලද පේළි සහිත පුස්තකය මත දිවුරා සිටිමින්.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فِیْ رَقٍّ مَّنْشُوْرٍ ۟ۙ
පහළ කරනු ලැබූ පුස්තක මෙන් දිගු හරින ලද කොළවල විය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَّالْبَیْتِ الْمَعْمُوْرِ ۟ۙ
අල්ලාහ්ට නැමදුම් කරමින් අහස්හි මලක්වරුන් නඩත්තු කරන නිවස මත දිවුරා සිටිමින්.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَالسَّقْفِ الْمَرْفُوْعِ ۟ۙ
මහපොළොවේ වියන වූ ඉහළට ඔසවන ලද අහස මත දිවුරා සිටිමින්.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَالْبَحْرِ الْمَسْجُوْرِ ۟ۙ
ජලයෙන් පිරුණු සාගරය මත දිවුරා සිටිමින්.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنَّ عَذَابَ رَبِّكَ لَوَاقِعٌ ۟ۙ
අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපතිගේ දඬුවම කිසිදු සැකයකින් තොරව දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අත්වනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
مَّا لَهٗ مِنْ دَافِعٍ ۟ۙ
ඔවුන්ගෙන් එම දඬුවම වළක්වන එමෙන්ම ඔවුනට ඇති වන එම ව්යසනයෙන් ඔවුන්ව මුදවා ගන්නා කිසිවකු නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
یَّوْمَ تَمُوْرُ السَّمَآءُ مَوْرًا ۟
එදින අහස තදින් කම්පනය වන දිනයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලැබීම සනිටුහන් කරමින් එය චලනය වෙයි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَّتَسِیْرُ الْجِبَالُ سَیْرًا ۟ؕ
කඳු තිබී තැනින් විතැන් වී ගමන් කරනු ඇත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَوَیْلٌ یَّوْمَىِٕذٍ لِّلْمُكَذِّبِیْنَ ۟ۙ
දෙවියන් ප්රතික්ෂේප කරන්නන් හට අල්ලාහ් කවර දඬුවමක් ප්රතිඥා දුන්නේ ද එය බොරු කළවුනට එදින විනාශයයි. ඛේදයයි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
الَّذِیْنَ هُمْ فِیْ خَوْضٍ یَّلْعَبُوْنَ ۟ۘ
ඔවුන් ව්යාජ දෑහි ගිලී විහිළු කරමින් සිටියි. නැවත නැගිටුවනු ලැබීම හෝ අවදි කරනු ලැබීම ගැන නොතකයි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
یَوْمَ یُدَعُّوْنَ اِلٰی نَارِ جَهَنَّمَ دَعًّا ۟ؕ
ඉතා බිහිසුණු හා ප්රචණ්ඩකාරී ලෙස නිරා ගින්න වෙත ඔවුන් හෙළනු ලබන දිනයකි.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
هٰذِهِ النَّارُ الَّتِیْ كُنْتُمْ بِهَا تُكَذِّبُوْنَ ۟
ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලාගේ දූතවරුන් නුඹලාව බිය වද්දන අවස්ථාවේ නුඹලා කවර කරුණක් බොරු කරමින් සිටියේ ද එම නිරා ගින්නය මෙය’ යැයි පවසනු ලැබේ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الكفر ملة واحدة وإن اختلفت وسائله وتنوع أهله ومكانه وزمانه.
•දේව ප්රතික්ෂේපය වනාහි එහි මාධ්යයන් විවිධ වුව ද එහි උදවිය, එහි ස්ථානය හා එහි කාලය විවිධ වුව ද එහි පිළිවෙත එකමය.

• شهادة الله لرسوله صلى الله عليه وسلم بتبليغ الرسالة.
•දූත පණිවිඩය ප්රචාරය කිරීම සම්බන්ධයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සඳහා වන අල්ලාහ්ගේ සහතිකය.

• الحكمة من خلق الجن والإنس تحقيق عبادة الله بكل مظاهرها.
•ජින් වර්ගයා හා මානව වර්ගයා මැවීමේ ප්රඥාව වනුයේ හෙළි කරන ලද සියලු දෑ තුළින් අල්ලාහ්ට නැමදුම් කිරීම තහවරු කිරීමය.

• سوف تتغير أحوال الكون يوم القيامة.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විශ්වයේ ස්වභාවයන් වෙනස් වනු ඇත.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲߬ߞߍ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲