Check out the new design

ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ * - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ


ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲߬ߞߍ   ߟߝߊߙߌ ߘߏ߫:
اَفَسِحْرٌ هٰذَاۤ اَمْ اَنْتُمْ لَا تُبْصِرُوْنَ ۟
නුඹලා දෑසින් දකින මෙම දඬුවම හූනියකමක් ද? එසේ නැතිනම් නුඹලා දෑසින් නොදකින්නෙහු ද?
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِصْلَوْهَا فَاصْبِرُوْۤا اَوْ لَا تَصْبِرُوْا ۚ— سَوَآءٌ عَلَیْكُمْ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මෙම නිරා ගින්නේ උණුසම විඳිනු. එය විඳවනු. එහි උණුසුම විඳවීම මත ඉවසා සිටිනු. එසේ නැතහොත් නොඉවසනු. නුඹලා ඉවසුව ද නුඹලා නොඉවසුව ද එය එක සමානය. නුඹලා මෙලොව සිදු කරමින් සිටි පාපකම් හා දේව ප්රතික්ෂේපය සඳහා මිස එදින නුඹලාට ප්රතිවිපාක පිරිනමනු නොලැබේ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّنَعِیْمٍ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, ස්වර්ග උයන් නිමක් නැති අතිමහත් සුව පහසුකම් මධ්යයේ සිටිති.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فٰكِهِیْنَ بِمَاۤ اٰتٰىهُمْ رَبُّهُمْ ۚ— وَوَقٰىهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِیْمِ ۟
ආහාර පාන, විවාහ සම්බන්ධකම් වැනි අල්ලාහ් ඔවුනට පිරිනැමූ සුව වින්දනයන් පිළිබඳ සතුටු වෙති. ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් පතන සතුට ලබමින් හා ඔවුන් පිළිකුල් කරන දැයින් ආරක්ෂාව ලබමින් ඔවුහු ජය ලැබුවෝය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟ۙ
"නුඹලාග් සිත් ආශා කරන පරිදි සැපසේ නුඹලා අනුභව කරනු. පානය කරනු. නුඹලා අනුභව කරන දැයින් හා පානය කරන දැයින් කිසිදු උවදුරකට හෝ හානියකට නුඹලා බිය නොවනු. එය නුඹලා මෙලොවහි සිදු කළ නුඹලාගේ දැහැමි ක්රියාවන්ට ප්රතිඵලයක් වශයෙනි."
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
مُتَّكِـِٕیْنَ عَلٰی سُرُرٍ مَّصْفُوْفَةٍ ۚ— وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟
පැත්තෙන් පැත්තට එකිනෙක මුහුණලා තබන ලද අලංකාර හාංසි ඇඳන් මත ඔවුහු හාන්සි වී සිටිති. සුදුවන් විශාල ඇස් සහිත කාන්තාවන් අපි ඔවුනට සරණපාවා දෙන්නෙමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَالَّذِیْنَ اٰمَنُوْا وَاتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیْمَانٍ اَلْحَقْنَا بِهِمْ ذُرِّیَّتَهُمْ وَمَاۤ اَلَتْنٰهُمْ مِّنْ عَمَلِهِمْ مِّنْ شَیْءٍ ؕ— كُلُّ امْرِىۢ بِمَا كَسَبَ رَهِیْنٌ ۟
විශ්වාස කොට ඔවුන්ගේ දරුවන් ද එම විශ්වාසයේ ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි, ඔවුන්ගේ දරුවන්ගේ ක්රියාවන් ඔවුනට වාර්තා නොවුවද ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ නෙත් පිණිවන පරිදි අපි ඔවුන් සමග සෙන්දු කරවමු. ඔවුන්ගේ ක්රියාවන්හි කිසිදු කුසලක් අපි ඔවුනට අඩු නොකරමු. සෑම මිනිසෙකුම ඔහු උපයන පාප ක්රියාවන් හේතුවෙන් බැඳ තබනු ලැබේ. ඔහු වෙනත් කිසිවකු විසින් කළ කිසිදු ක්රියාවන් ඔහු වෙනුවට පවරනු නොලැබේ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَاَمْدَدْنٰهُمْ بِفَاكِهَةٍ وَّلَحْمٍ مِّمَّا یَشْتَهُوْنَ ۟
මෙම ස්වර්ග වාසීන්හට විවිධ පළතුරු අපි සපයන්නෙමු. එමෙන්ම ඔවුන් ප්රිය කරන මාංශ වර්ග ද සපයන්නෙමු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
یَتَنَازَعُوْنَ فِیْهَا كَاْسًا لَّا لَغْوٌ فِیْهَا وَلَا تَاْثِیْمٌ ۟
පැන්වලින් පිරුණු කුසලාන මගින් ප්රීතිය බෙදා ගනිති. එය පානය කිරීම තුළින් මෙලොවෙහි මත්භාවය හේතුවෙන් ඇතිවන්නාක් මෙන් ව්යාකූළ ප්රකාශ පාපක්රියා වැනි දෑ සිදු වන්නේ නැත.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَیَطُوْفُ عَلَیْهِمْ غِلْمَانٌ لَّهُمْ كَاَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُوْنٌ ۟
ඔවුන් වටා ගැටවර ළමුන් ගමන් කරමින් ඔවුනට ආවතේව කිරීම සඳහා බැඳී සිටිති. ඔවුන්ගේ ශරීරයේ පිරිසිදුකම හා සුදුවන් බව මුතු බෙල්ලා තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් පවතී.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَسَآءَلُوْنَ ۟
ස්වර්ගවාසීහූ, එකිනෙකා මුණ ගැසී ඔවුනොවුන්ගේ මෙලොව තත්ත්වයන් පිළිබඳ විමසා සිටිති.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قَالُوْۤا اِنَّا كُنَّا قَبْلُ فِیْۤ اَهْلِنَا مُشْفِقِیْنَ ۟
ඔවුන් එකිනෙකා පිළිතුරු දෙමින්: ‘සැබැවින්ම අපි මෙලොවෙහි අපගේ නිවැසියන් අතර අල්ලාහ්ගේ දඬුවමට බියෙන් පසුවූයෙමු’ යැයි පවසති.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَمَنَّ اللّٰهُ عَلَیْنَا وَوَقٰىنَا عَذَابَ السَّمُوْمِ ۟
එවිට අල්ලාහ් අප වෙත ඉස්ලාමය වෙත මඟ පෙන්වා උපකාර කළේය. බිහිසුණු උණුසුමෙන් යුත් දඬුවමින් අල්ලාහ් අප ආරක්ෂා කළේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوْهُ ؕ— اِنَّهٗ هُوَ الْبَرُّ الرَّحِیْمُ ۟۠
සැබැවින්ම අපි මෙලොව ජීවිතයේ ඔහු ව නමදිමින් සිටියෙමු. නිරා ගින්නේ දඩුවමින් ආරක්ෂා කරන මෙන් අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. සැබැවින්ම ඔහු තම ගැත්තන්හට කළ ප්රතිඥාවන් යහපත් ලෙස ඉටු කරන්නාය. ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔහු අප වෙත දැක්වූ කරුණාව හා උපකාරය තුළින් සැබැවින්ම ඔහු අප දේව විශ්වාසය වෙත මඟ පෙන්වීය. ස්වර්ගටය අප ඇතුළත් කළේය. නිරා ගින්නෙන් අප දුරස් කළේය.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
فَذَكِّرْ فَمَاۤ اَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَّلَا مَجْنُوْنٍ ۟ؕ
අහෝ දූතය! අල් කුර්ආනය මෙනෙහි කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කර ඇති දේව විශ්වාසය හා බුද්ධිය තුළින් නුඹ ජින්නුන්ගෙන් අදහස් ලබා දන්වා සිටින හූනියම් කරුවකු නොවේ. එමෙන්ම නුඹ උම්මත්තකයෙකු ද නොවේ.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
اَمْ یَقُوْلُوْنَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهٖ رَیْبَ الْمَنُوْنِ ۟
එසේ නැතහොත් මෙම බොරුකාරයෝ, ‘සැබැවින්ම මුහම්මද් දූතයකු නොවේ. ඔහු කවියෙකි. (කාලය ගෙවී යත්ම) මරණය ඔහු විනාශ කර දමා ඔහුගෙන් අප නිදහස ලබන්නට අපි අපේක්ෂා කරමු’ යැයි පවසන්නෝ ද?
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
قُلْ تَرَبَّصُوْا فَاِنِّیْ مَعَكُمْ مِّنَ الْمُتَرَبِّصِیْنَ ۟ؕ
අහෝ දූතය! ‘මාගේ මරණය නුඹලා බලාපොරොත්තු වනු. නුඹලා මා බොරු කළ හේතුවෙන් නුඹලාට අත් වන දඬුවම මම බලාපොරොත්තු වෙමි’ යැයි නුඹ ඔවුනට පවසනු.
ߊߙߊߓߎߞߊ߲ߡߊ ߞߘߐߦߌߘߊ ߟߎ߬:
ߟߝߊߙߌ ߟߎ߫ ߢߊ߬ߕߣߐ ߘߏ߫ ߞߐߜߍ ߣߌ߲߬ ߞߊ߲߬:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
•පියවරුන් හා දරුවන් අතර ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අඩු වුව ද ඔවුනට දක්වන ගෞරවයක් වශයෙන් පූර්ණ සතුට ලබන තෙක් ස්වර්ගයේ එකම ස්ථානයේ එකට රැස් කරනු ඇත.

• خمر الآخرة لا يترتب على شربها مكروه.
•මතුලොව පානය කරන මත්පැන් කිසිදු පිළිකුළක් ඇති කරන්නේ නැත.

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
•කවරෙකු තම පරමාධිපතිට බිය වූයේ ද, ඔහුගේ මතුලොව ජීවිතයෙහි ඔහු ඔහුව ආරක්ෂා කරනු ඇත.

 
ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌ߬ߘߊ߬ߟߌ ߝߐߘߊ ߘߏ߫: ߞߐ߲߬ߞߍ
ߝߐߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ ߞߐߜߍ ߝߙߍߕߍ
 
ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐ ߟߎ߬ ߘߟߊߡߌߘߊ - ߞߎ߬ߙߣߊ߬ ߞߟߊߒߞߋ ߞߘߐߦߌߘߊ ߛߊ߲ߤߊߟߌ߫ ߘߟߊߡߌߘߊ ߘߐ߫ - ߘߟߊߡߌߘߊ ߟߎ߫ ߦߌ߬ߘߊ߬ߥߟߊ

ߡߍ߲ ߝߘߊߣߍ߲߫ ߞߎ߬ߙߊ߬ߣߊ ߞߘߐߦߌߘߊ ߕߌߙߌ߲ߠߌ߲ ߝߊ߲ߓߊ ߟߊ߫

ߘߊߕߎ߲߯ߠߌ߲