Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አጥ ጡር   አንቀጽ:
اَفَسِحْرٌ هٰذَاۤ اَمْ اَنْتُمْ لَا تُبْصِرُوْنَ ۟
නුඹලා දෑසින් දකින මෙම දඬුවම හූනියකමක් ද? එසේ නැතිනම් නුඹලා දෑසින් නොදකින්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِصْلَوْهَا فَاصْبِرُوْۤا اَوْ لَا تَصْبِرُوْا ۚ— سَوَآءٌ عَلَیْكُمْ ؕ— اِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟
මෙම නිරා ගින්නේ උණුසම විඳිනු. එය විඳවනු. එහි උණුසුම විඳවීම මත ඉවසා සිටිනු. එසේ නැතහොත් නොඉවසනු. නුඹලා ඉවසුව ද නුඹලා නොඉවසුව ද එය එක සමානය. නුඹලා මෙලොව සිදු කරමින් සිටි පාපකම් හා දේව ප්රතික්ෂේපය සඳහා මිස එදින නුඹලාට ප්රතිවිපාක පිරිනමනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّ الْمُتَّقِیْنَ فِیْ جَنّٰتٍ وَّنَعِیْمٍ ۟ۙ
සැබැවින්ම ඔවුන්ගේ පරමාධිපතිට, ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් බැතිමත්ව කටයුතු කළවුන් වනාහි, ස්වර්ග උයන් නිමක් නැති අතිමහත් සුව පහසුකම් මධ්යයේ සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فٰكِهِیْنَ بِمَاۤ اٰتٰىهُمْ رَبُّهُمْ ۚ— وَوَقٰىهُمْ رَبُّهُمْ عَذَابَ الْجَحِیْمِ ۟
ආහාර පාන, විවාහ සම්බන්ධකම් වැනි අල්ලාහ් ඔවුනට පිරිනැමූ සුව වින්දනයන් පිළිබඳ සතුටු වෙති. ඔවුන්ගේ පරමාධිපති නිරයේ දඬුවමින් ඔවුන් ආරක්ෂා කළේය. ඔවුන් පතන සතුට ලබමින් හා ඔවුන් පිළිකුල් කරන දැයින් ආරක්ෂාව ලබමින් ඔවුහු ජය ලැබුවෝය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
كُلُوْا وَاشْرَبُوْا هَنِیْٓـًٔا بِمَا كُنْتُمْ تَعْمَلُوْنَ ۟ۙ
"නුඹලාග් සිත් ආශා කරන පරිදි සැපසේ නුඹලා අනුභව කරනු. පානය කරනු. නුඹලා අනුභව කරන දැයින් හා පානය කරන දැයින් කිසිදු උවදුරකට හෝ හානියකට නුඹලා බිය නොවනු. එය නුඹලා මෙලොවහි සිදු කළ නුඹලාගේ දැහැමි ක්රියාවන්ට ප්රතිඵලයක් වශයෙනි."
የአረብኛ ቁርኣን ማብራሪያ:
مُتَّكِـِٕیْنَ عَلٰی سُرُرٍ مَّصْفُوْفَةٍ ۚ— وَزَوَّجْنٰهُمْ بِحُوْرٍ عِیْنٍ ۟
පැත්තෙන් පැත්තට එකිනෙක මුහුණලා තබන ලද අලංකාර හාංසි ඇඳන් මත ඔවුහු හාන්සි වී සිටිති. සුදුවන් විශාල ඇස් සහිත කාන්තාවන් අපි ඔවුනට සරණපාවා දෙන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَالَّذِیْنَ اٰمَنُوْا وَاتَّبَعَتْهُمْ ذُرِّیَّتُهُمْ بِاِیْمَانٍ اَلْحَقْنَا بِهِمْ ذُرِّیَّتَهُمْ وَمَاۤ اَلَتْنٰهُمْ مِّنْ عَمَلِهِمْ مِّنْ شَیْءٍ ؕ— كُلُّ امْرِىۢ بِمَا كَسَبَ رَهِیْنٌ ۟
විශ්වාස කොට ඔවුන්ගේ දරුවන් ද එම විශ්වාසයේ ඔවුන්ව අනුගමනය කළවුන් වනාහි, ඔවුන්ගේ දරුවන්ගේ ක්රියාවන් ඔවුනට වාර්තා නොවුවද ඔවුන්ගේ දරුවන් ඔවුන්ගේ නෙත් පිණිවන පරිදි අපි ඔවුන් සමග සෙන්දු කරවමු. ඔවුන්ගේ ක්රියාවන්හි කිසිදු කුසලක් අපි ඔවුනට අඩු නොකරමු. සෑම මිනිසෙකුම ඔහු උපයන පාප ක්රියාවන් හේතුවෙන් බැඳ තබනු ලැබේ. ඔහු වෙනත් කිසිවකු විසින් කළ කිසිදු ක්රියාවන් ඔහු වෙනුවට පවරනු නොලැබේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَمْدَدْنٰهُمْ بِفَاكِهَةٍ وَّلَحْمٍ مِّمَّا یَشْتَهُوْنَ ۟
මෙම ස්වර්ග වාසීන්හට විවිධ පළතුරු අපි සපයන්නෙමු. එමෙන්ම ඔවුන් ප්රිය කරන මාංශ වර්ග ද සපයන්නෙමු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَتَنَازَعُوْنَ فِیْهَا كَاْسًا لَّا لَغْوٌ فِیْهَا وَلَا تَاْثِیْمٌ ۟
පැන්වලින් පිරුණු කුසලාන මගින් ප්රීතිය බෙදා ගනිති. එය පානය කිරීම තුළින් මෙලොවෙහි මත්භාවය හේතුවෙන් ඇතිවන්නාක් මෙන් ව්යාකූළ ප්රකාශ පාපක්රියා වැනි දෑ සිදු වන්නේ නැත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَیَطُوْفُ عَلَیْهِمْ غِلْمَانٌ لَّهُمْ كَاَنَّهُمْ لُؤْلُؤٌ مَّكْنُوْنٌ ۟
ඔවුන් වටා ගැටවර ළමුන් ගමන් කරමින් ඔවුනට ආවතේව කිරීම සඳහා බැඳී සිටිති. ඔවුන්ගේ ශරීරයේ පිරිසිදුකම හා සුදුවන් බව මුතු බෙල්ලා තුළ ආරක්ෂා කරන ලද මුතු මෙන් පවතී.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاَقْبَلَ بَعْضُهُمْ عَلٰی بَعْضٍ یَّتَسَآءَلُوْنَ ۟
ස්වර්ගවාසීහූ, එකිනෙකා මුණ ගැසී ඔවුනොවුන්ගේ මෙලොව තත්ත්වයන් පිළිබඳ විමසා සිටිති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
قَالُوْۤا اِنَّا كُنَّا قَبْلُ فِیْۤ اَهْلِنَا مُشْفِقِیْنَ ۟
ඔවුන් එකිනෙකා පිළිතුරු දෙමින්: ‘සැබැවින්ම අපි මෙලොවෙහි අපගේ නිවැසියන් අතර අල්ලාහ්ගේ දඬුවමට බියෙන් පසුවූයෙමු’ යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَمَنَّ اللّٰهُ عَلَیْنَا وَوَقٰىنَا عَذَابَ السَّمُوْمِ ۟
එවිට අල්ලාහ් අප වෙත ඉස්ලාමය වෙත මඟ පෙන්වා උපකාර කළේය. බිහිසුණු උණුසුමෙන් යුත් දඬුවමින් අල්ලාහ් අප ආරක්ෂා කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اِنَّا كُنَّا مِنْ قَبْلُ نَدْعُوْهُ ؕ— اِنَّهٗ هُوَ الْبَرُّ الرَّحِیْمُ ۟۠
සැබැවින්ම අපි මෙලොව ජීවිතයේ ඔහු ව නමදිමින් සිටියෙමු. නිරා ගින්නේ දඩුවමින් ආරක්ෂා කරන මෙන් අපි ඔහුගෙන් ඉල්ලා සිටියෙමු. සැබැවින්ම ඔහු තම ගැත්තන්හට කළ ප්රතිඥාවන් යහපත් ලෙස ඉටු කරන්නාය. ඔහු ඔවුන් කෙරෙහි මහා කාරුණිකය. ඔහු අප වෙත දැක්වූ කරුණාව හා උපකාරය තුළින් සැබැවින්ම ඔහු අප දේව විශ්වාසය වෙත මඟ පෙන්වීය. ස්වර්ගටය අප ඇතුළත් කළේය. නිරා ගින්නෙන් අප දුරස් කළේය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَكِّرْ فَمَاۤ اَنْتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَّلَا مَجْنُوْنٍ ۟ؕ
අහෝ දූතය! අල් කුර්ආනය මෙනෙහි කරනු. අල්ලාහ් නුඹට ආශිර්වාද කර ඇති දේව විශ්වාසය හා බුද්ධිය තුළින් නුඹ ජින්නුන්ගෙන් අදහස් ලබා දන්වා සිටින හූනියම් කරුවකු නොවේ. එමෙන්ම නුඹ උම්මත්තකයෙකු ද නොවේ.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یَقُوْلُوْنَ شَاعِرٌ نَّتَرَبَّصُ بِهٖ رَیْبَ الْمَنُوْنِ ۟
එසේ නැතහොත් මෙම බොරුකාරයෝ, ‘සැබැවින්ම මුහම්මද් දූතයකු නොවේ. ඔහු කවියෙකි. (කාලය ගෙවී යත්ම) මරණය ඔහු විනාශ කර දමා ඔහුගෙන් අප නිදහස ලබන්නට අපි අපේක්ෂා කරමු’ යැයි පවසන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
قُلْ تَرَبَّصُوْا فَاِنِّیْ مَعَكُمْ مِّنَ الْمُتَرَبِّصِیْنَ ۟ؕ
අහෝ දූතය! ‘මාගේ මරණය නුඹලා බලාපොරොත්තු වනු. නුඹලා මා බොරු කළ හේතුවෙන් නුඹලාට අත් වන දඬුවම මම බලාපොරොත්තු වෙමි’ යැයි නුඹ ඔවුනට පවසනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الجمع بين الآباء والأبناء في الجنة في منزلة واحدة وإن قصر عمل بعضهم إكرامًا لهم جميعًا حتى تتم الفرحة.
•පියවරුන් හා දරුවන් අතර ඔවුන්ගේ දැහැමි ක්රියාවන් අඩු වුව ද ඔවුනට දක්වන ගෞරවයක් වශයෙන් පූර්ණ සතුට ලබන තෙක් ස්වර්ගයේ එකම ස්ථානයේ එකට රැස් කරනු ඇත.

• خمر الآخرة لا يترتب على شربها مكروه.
•මතුලොව පානය කරන මත්පැන් කිසිදු පිළිකුළක් ඇති කරන්නේ නැත.

• من خاف من ربه في دنياه أمّنه في آخرته.
•කවරෙකු තම පරමාධිපතිට බිය වූයේ ද, ඔහුගේ මතුලොව ජීවිතයෙහි ඔහු ඔහුව ආරක්ෂා කරනු ඇත.

 
የይዘት ትርጉም ምዕራፍ: አጥ ጡር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት