Check out the new design

የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ * - የትርጉሞች ማዉጫ


የይዘት ትርጉም ምዕራፍ: አጥ ጡር   አንቀጽ:
اَمْ تَاْمُرُهُمْ اَحْلَامُهُمْ بِهٰذَاۤ اَمْ هُمْ قَوْمٌ طَاغُوْنَ ۟ۚ
එසේ නැතහොත් ඔවුන්ගේ බුද්ධිය, ‘සැබැවින්ම ඔහු හූනියම් කරුවෙකි. උම්මත්තකයෙකි’ යැයි පවසන මෙන් ඔවුන් අණ කරන්නේ ද? එක් පුද්ගලයෙකුට එකට තිබිය නොහැකි දෑ ඔවුන් එකට පවසති. ඔවුහු සීමාවන් උල්ලංඝණය කළ පිරිසකි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یَقُوْلُوْنَ تَقَوَّلَهٗ ۚ— بَلْ لَّا یُؤْمِنُوْنَ ۟ۚ
එසේ නැතහොත් ඔවුහු: ‘සැබැවින්ම මුහම්මද් මෙම කුර්ආනය ගොතා පවසා ඇත. ඔහු වෙත කිසිදු දේව පණිවිඩයක් පහළ වී නැතැයි පවසන්නෙහු ද?’ ඔහු එය ගෙතුවේ නැත. නමුත් ඔවුන් ඒ ගැන විශ්වාස කිරීමට උඩඟු වී ඔහු එය ගෙතුවේ යැයි පවසති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَلْیَاْتُوْا بِحَدِیْثٍ مِّثْلِهٖۤ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟ؕ
සැබැවින්ම ඔහු ගෙතූ බවට ඔවුන් සිදු කරන වාදයේ ඔවුන් සත්යවාදීහු නම් ඔහු එසේ ගොතන්නෙකු වී නම් ඒ හා සමන ප්රකාශයක් ඔවුන් ගෙන එත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ خُلِقُوْا مِنْ غَیْرِ شَیْءٍ اَمْ هُمُ الْخٰلِقُوْنَ ۟ؕ
මවන මැවුම් කරුවෙකුගෙන් තොරව ඔවුන් මවනු ලැබුවෝ ද? එසේ නැතිනම් ඔවුන් තමන්වම මැව්වෝ ද? මැවුම්කරුවෙකු නොමැතිව මැවීමක් ඇති වීමට ඉඩක් නැත. මැවීම් විසින් යමක් මවන්නට ද නොහැක. එසේ නම්, ඔවුන්ගේ මැවුම්කරුට ඔවුන් නොනමදිනුයේ මන් ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ خَلَقُوا السَّمٰوٰتِ وَالْاَرْضَ ۚ— بَلْ لَّا یُوْقِنُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අහස් හා මහපොළොව මැව්වේ ද? කෙසේ වෙතත් සැබැවින්ම අල්ලාහ් ඔවුන්ගේ මැවුම්කරු බව ඔවුහු විශ්වාස නොකරති. ඒ ගැන ඔවුන් තරයේ විශ්වාස කර සිටියේ නම් ඔවුන් ඔහුව පමණක් ඒකීයත්වයට පත් කරනු ඇත. ඔහුගේ දූතයාව විශ්වාස කරනු ඇත.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ عِنْدَهُمْ خَزَآىِٕنُ رَبِّكَ اَمْ هُمُ الْمُصَۜیْطِرُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අබියස නුඹේ පරමාධිපතිගේ පෝෂණ සම්පත් ගබඩාව තිබී ඔවුන් අභිමත කරන අයට එයින් පිරිනමන්නෝ ද? නබිත්වයට පත් කිරීමේ බලය ඔවුනට තිබී ඔවුන් අභිමත කරන අයට එය පිරිනමා ඔවුන් අභිමත කරන අයගෙන් එය වළක්වන්නෝ ද? ඔවුහු ඔවුන්ගේ අභිමතය පරිදි කටයුතු කරන ආධිපත්ය දරන්නන් වන්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُمْ سُلَّمٌ یَّسْتَمِعُوْنَ فِیْهِ ۚ— فَلْیَاْتِ مُسْتَمِعُهُمْ بِسُلْطٰنٍ مُّبِیْنٍ ۟ؕ
එසේ නැතහොත් ඔවුනට ඉණිමගක් තිබී, එමගින් අහසට නැග සැබැවින්ම ඔවුන් සත්ය මත සිටින බව දන්වා සිටින දේව ප්රකාශයට ඔවුන් සවන් දුන්නෝ ද? එසේ නම් එම දේව ප්රකාශයට සවන් දුන් අය පැමිණ සැබැවින්ම නුඹලා සත්ය මත සිටින බවට කළ වාදයෙහි නුඹලාව සහිතක කරමින් පැහැදිළි සාක්ෂි හා සාධකයක් ගෙන එත්වා!
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُ الْبَنٰتُ وَلَكُمُ الْبَنُوْنَ ۟ؕ
එසේ නැතහොත් නුඹලා පිළිකුල් කරන දූවරුන් උත්තරීතර සුවිශුද්ධයාණන් වෙනුවෙන් ආරෝපණය කොට නුඹලා ප්රිය කරන පිරිමි දරුවන් නුඹලා වෙනුවෙන් ආරෝපණය කරන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ تَسْـَٔلُهُمْ اَجْرًا فَهُمْ مِّنْ مَّغْرَمٍ مُّثْقَلُوْنَ ۟ؕ
අහෝ ධර්ම දූතය! එසේ නැතහොත් නුඹේ පරමාධිපති ගැන නුඹ ඔවුනට දන්වා සිටීම සඳහා යම් කිසි කුලියක් නුඹ පැතුවෙහි ද? ඒ හේතුවෙන් ඔවුන් ඉසිලිය නොහැකි බරක් උසුලමින් එම බරින් පෙළෙන්නෙහු ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ عِنْدَهُمُ الْغَیْبُ فَهُمْ یَكْتُبُوْنَ ۟ؕ
එසේ නැතහොත් ඔවුන් අබියස ගුප්ත දෑ පිළිබඳ දැනුම තිබී, ඔවුනට ගුප්ත දැයින් පෙනෙන දෑ මිනිසුන් වෙනුවෙන් ලියා තබා, තමන් අභිමත කරන පරිදි ඒවා ඔවුනට දන්වා සිටින්නෝ ද?
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ یُرِیْدُوْنَ كَیْدًا ؕ— فَالَّذِیْنَ كَفَرُوْا هُمُ الْمَكِیْدُوْنَ ۟ؕ
එසේ නැතහොත් නුඹට හෝ නුඹේ දහමට කුමන්ත්රණයක් කිරීමට මෙම බොරුකාර ප්රතික්ෂේපකයෝ අපේක්ෂා කරන්නෝ ද? දෙවියන් මත විශ්වාසය තබත්වා! කුමන්ත්රණයට භාජනය වන්නේ අල්ලාහ් හා ඔහුගේ දූතයා ප්රතික්ෂේප කළවුන් වන ඔවුන්මය. නුඹ නොවන්නෙහිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
اَمْ لَهُمْ اِلٰهٌ غَیْرُ اللّٰهِ ؕ— سُبْحٰنَ اللّٰهِ عَمَّا یُشْرِكُوْنَ ۟
අල්ලාහ් හැර සැබෑ ලෙසින් නැමදුමට පාත්රවන දෙවියෙකු ඔවුනට වෙත් ද? ඔහු වෙත ඔවුන් ආරෝපණය කරන හවුල්කරුවන්ගෙන් ඔහු පිවිතුරුය. සුවි ශුද්ධය. පෙර කී සියල්ල සිදු නොවන්නකි. ඒ කිසිදු තත්ත්වයක් පරිකල්පනය කළ නොහැකිය.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنْ یَّرَوْا كِسْفًا مِّنَ السَّمَآءِ سَاقِطًا یَّقُوْلُوْا سَحَابٌ مَّرْكُوْمٌ ۟
අහසින් වැටෙන කැබැල්ලක් ඔවුන් දුටුව ද ඒ ගැන ඔවුහු, සුපුරුදු පරිදි 'එකිනෙක බැඳුණු වළාකුළුක්’ යැයි පවසති. එහෙයින් ඔවුන් උපදෙස් නොලබති. විශ්වාස ද නොකරති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
فَذَرْهُمْ حَتّٰی یُلٰقُوْا یَوْمَهُمُ الَّذِیْ فِیْهِ یُصْعَقُوْنَ ۟ۙ
අහෝ දූතය! ඔවුන් එහි වේදනාවට ලක් කරනු ලබන ඔවුන්ගේ දිනය ඔවුන් හමුවන තෙක් ඔවුන්ගේ මුරණ්ඩකමෙහි හා ඔවුන්ගේ පිටුපෑමෙහි ඔවුන් සිටින්නට ඉඩ හරිනු. එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයයි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
یَوْمَ لَا یُغْنِیْ عَنْهُمْ كَیْدُهُمْ شَیْـًٔا وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟ؕ
ඔවුන්ගේ කුමන්ත්රණය ඔවුනට සුළුවෙන් හෝ වැඩියෙන් හෝ කිසිවකින් ප්රයෝජනවත් නොවන දිනයකි. දඬුවමින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ඔවුහු උදව් කරනු නොලබති.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاِنَّ لِلَّذِیْنَ ظَلَمُوْا عَذَابًا دُوْنَ ذٰلِكَ وَلٰكِنَّ اَكْثَرَهُمْ لَا یَعْلَمُوْنَ ۟
දෙවියන්ට ආදේශ කිරීම හා පාපකම් සිදු කිරීම තුළින් තමන්ටම අපරාධකර ගත් අපරාධකරුවන්හට සැබැවින්ම මතුලොව දඬුවමට පෙර දඬුවමක් ඇත. මෙලොවෙහි ඔවුන් ඝාතනය වීමෙන් හා සිරගත වීමෙන් දඬුවම් ලබන අතර මිණීවලෙහි එහි වේදනාවෙන් දඬුවම් ලබනු ඇත. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඔවුන් දේව ප්රතික්ෂේපය මත රැඳී සිටිනුයේ එබැවිණි.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَاصْبِرْ لِحُكْمِ رَبِّكَ فَاِنَّكَ بِاَعْیُنِنَا وَسَبِّحْ بِحَمْدِ رَبِّكَ حِیْنَ تَقُوْمُ ۟ۙ
අහෝ දූතය! නුඹේ පරමාධිපතිගේ තීන්දුව හා ඔහුගේ ආගමික නීතිය හමුවේ නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. සැබැවින්ම නුඹ සිටිනුයේ අපගේ අධීක්ෂණය හා ආරක්ෂාව යටතේය. නුඹේ නින්දෙන් නුඹ අවදි වන අවස්ථාවේ නුඹේ පරමාධිපතිගේ ප්රශංසාව තුළින් නුඔ ඔහු සුවිශුද්ධ කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
وَمِنَ الَّیْلِ فَسَبِّحْهُ وَاِدْبَارَ النُّجُوْمِ ۟۠
රාත්රියේ ද නුඹේ පරමාධිපති සුවිශුද්ධ කරනු. ඔහුට සලාත් ඉටු කරනු. දහවල ආරම්භයේ ආලෝකය හේතුවෙන් තාරකා මැකී යන වේලාවෙහි ෆජ්ර් සලාතය ඉටු කරනු.
የአረብኛ ቁርኣን ማብራሪያ:
ከአንቀጾቹ የምንማራቸዉ ቁም ነገሮች:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි.

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම.

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම.

 
የይዘት ትርጉም ምዕራፍ: አጥ ጡር
የምዕራፎች ማውጫ የገፅ ቁጥር
 
የቅዱስ ቁርዓን ይዘት ትርጉም - የቁርአን አጭር ማብራርያ ትርጉም በሲንሀልኛ ቋንቋ - የትርጉሞች ማዉጫ

ከቁርአን ተፍሲር ጥናት ማዕከል የተገኘ

መዝጋት