Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: نحل   آیت:
لِیَكْفُرُوْا بِمَاۤ اٰتَیْنٰهُمْ ؕ— فَتَمَتَّعُوْا ۫— فَسَوْفَ تَعْلَمُوْنَ ۟
අපි ඔවුනට පිරිනැමූ දෑ ඔවුන් ප්‍රතික්ෂේප කරනු පිණිස ය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. නුඹලා මතු දැන ගනු ඇත.
عربي تفسیرونه:
وَیَجْعَلُوْنَ لِمَا لَا یَعْلَمُوْنَ نَصِیْبًا مِّمَّا رَزَقْنٰهُمْ ؕ— تَاللّٰهِ لَتُسْـَٔلُنَّ عَمَّا كُنْتُمْ تَفْتَرُوْنَ ۟
තවද අපි ඔවුනට පෝෂණය කළ දැයින් කොටසක් ඔවුන් නො දන්නා දෑට තබති. අල්ලාහ් මත දිවුරමින් නුඹලා ගොතමින් සිටි දෑ පිළිබඳව නියත වශයෙන් ම නුඹලා විමසනු ලබනු ඇත.
عربي تفسیرونه:
وَیَجْعَلُوْنَ لِلّٰهِ الْبَنٰتِ سُبْحٰنَهٗ ۙ— وَلَهُمْ مَّا یَشْتَهُوْنَ ۟
තවද අල්ලාහ්ට දූවරුන් පත් කොට ඔවුනට ඔවුන් ප්‍රිය කරන දෑ (පුතුන්) පත් කර ගනිති. (ඔවුන් සිතන දැයින්) ඔහු සුවිශුද්ධ ය.
عربي تفسیرونه:
وَاِذَا بُشِّرَ اَحَدُهُمْ بِالْاُ ظَلَّ وَجْهُهٗ مُسْوَدًّا وَّهُوَ كَظِیْمٌ ۟ۚ
තවද ඔවුන්ගෙන් එක් අයකුට ගැහැනු දරුවකු පිළිබඳ ශුභාරංචි දන්වනු ලැබුවේ නම් ඔහු කෝපයට පත්වෙමින් ඔහුගේ මුහුණ කළු පැහැ වනු ඇත.
عربي تفسیرونه:
یَتَوَارٰی مِنَ الْقَوْمِ مِنْ سُوْٓءِ مَا بُشِّرَ بِهٖ ؕ— اَیُمْسِكُهٗ عَلٰی هُوْنٍ اَمْ یَدُسُّهٗ فِی التُّرَابِ ؕ— اَلَا سَآءَ مَا یَحْكُمُوْنَ ۟
කවර දෙයක් පිළිබඳව ඔහුට ශුභාරංචි දෙනු ලැබුවේ ද එහි නපුර හේතුවෙන් එය අවමානය සමඟ රඳවා තබා ගන්නේ ද එසේ නැතහොත් වැල්ලෙහි සඟවන්නේ දැ? යි සිතා ජනයාගෙන් ඔහු සැඟවෙන්නට බලයි. දැන ගනු! ඔවුන් තීන්දු කරන දෑ නපුරු විය.
عربي تفسیرونه:
لِلَّذِیْنَ لَا یُؤْمِنُوْنَ بِالْاٰخِرَةِ مَثَلُ السَّوْءِ ۚ— وَلِلّٰهِ الْمَثَلُ الْاَعْلٰی ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟۠
මතු ලොව පිළිබඳ විශ්වාස නො කළවුනට ඇත්තේ නපුරු උදාහරණයකි. අල්ලාහ්ට ඇත්තේ උසස් උදාහරණයකි. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
عربي تفسیرونه:
وَلَوْ یُؤَاخِذُ اللّٰهُ النَّاسَ بِظُلْمِهِمْ مَّا تَرَكَ عَلَیْهَا مِنْ دَآبَّةٍ وَّلٰكِنْ یُّؤَخِّرُهُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ۚ— فَاِذَا جَآءَ اَجَلُهُمْ لَا یَسْتَاْخِرُوْنَ سَاعَةً وَّلَا یَسْتَقْدِمُوْنَ ۟
තවද ජනයාගේ අපරාධ හේතුවෙන් අල්ලාහ් ඔවුන් ග්‍රහණය කරන්නේ නම් ඒ මත කිසිදු ප්‍රාණියෙක් ඔහු අත් හැර නො දමන්නට තිබුණි. එනමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන්ව ප්‍රමාද කරයි. ඔවුන්ගේ කාලය පැමිණි විට මොහොතක් හෝ ඔවුන් ප්‍රමාද නො වන අතර ඔවුන් ඉක්මන් ද නො වනු ඇත.
عربي تفسیرونه:
وَیَجْعَلُوْنَ لِلّٰهِ مَا یَكْرَهُوْنَ وَتَصِفُ اَلْسِنَتُهُمُ الْكَذِبَ اَنَّ لَهُمُ الْحُسْنٰی ؕ— لَا جَرَمَ اَنَّ لَهُمُ النَّارَ وَاَنَّهُمْ مُّفْرَطُوْنَ ۟
තවද ඔවුන් පිළිකුල් කරන දෑ අල්ලාහ්ට තබති. නියත වශයෙන් ම තමන්ට යහපත හිමි යැයි ඔවුන්ගේ දිවවල් බොරුව වර්ණනා කරති. නියත වශයෙන් ම ඔවුනට (නිරා) ගින්න ඇති බවටත් නියත වශයෙන් ම ඔවුන් (නිරා ගින්නෙහි) ප්‍රමුඛත්වය දෙනු ලැබූවන් බවටත් කිසිදු සැකයක් නොමැත.
عربي تفسیرونه:
تَاللّٰهِ لَقَدْ اَرْسَلْنَاۤ اِلٰۤی اُمَمٍ مِّنْ قَبْلِكَ فَزَیَّنَ لَهُمُ الشَّیْطٰنُ اَعْمَالَهُمْ فَهُوَ وَلِیُّهُمُ الْیَوْمَ وَلَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
අල්ලාහ් මත දිවුරමින්. නුඹට පෙර සිටම, සැබැවින් ම අපි සමූහයන් වෙත ධර්ම දූතයින් එව්වෙමු. එහෙත් ෂෙයිතාන් ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුන්ට අලංකාරවත් කළේ ය. එහෙයින් අද දින ඔවුන්ගේ භාරකරු ඔහු ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.
عربي تفسیرونه:
وَمَاۤ اَنْزَلْنَا عَلَیْكَ الْكِتٰبَ اِلَّا لِتُبَیِّنَ لَهُمُ الَّذِی اخْتَلَفُوْا فِیْهِ ۙ— وَهُدًی وَّرَحْمَةً لِّقَوْمٍ یُّؤْمِنُوْنَ ۟
තවද කවර දෙයක ඔවුන් මත ගැටුම් ඇති කර ගත්තේ ද එය ඔවුනට නුඹ පැහැදිලි කරනු පිණිස ද දේවත්වය විශ්වාස කරන ජනයාට මග පෙන්වීමක් හා ආශිර්වාදයක් වනු පිණිස ද මිස අපි නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ නො කළෙමු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: نحل
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول