Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: اسراء   آیت:
قُلْ كُوْنُوْا حِجَارَةً اَوْ حَدِیْدًا ۟ۙ
නුඹලා ගලක් හෝ යකඩයක් හෝ වනු යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
اَوْ خَلْقًا مِّمَّا یَكْبُرُ فِیْ صُدُوْرِكُمْ ۚ— فَسَیَقُوْلُوْنَ مَنْ یُّعِیْدُنَا ؕ— قُلِ الَّذِیْ فَطَرَكُمْ اَوَّلَ مَرَّةٍ ۚ— فَسَیُنْغِضُوْنَ اِلَیْكَ رُءُوْسَهُمْ وَیَقُوْلُوْنَ مَتٰی هُوَ ؕ— قُلْ عَسٰۤی اَنْ یَّكُوْنَ قَرِیْبًا ۟
නැතහොත් නුඹගේ සිත් තුළ විශාල ලෙස මවා ගන්නා දැයින් වූ මැවීමක් හෝ වනු. එවිට අපව නැවත ගෙන එනුයේ කවුරුන් දැ? යි ඔවුහු විමසනු ඇත. නුඹලාව මුල් වරට මැවූ අය වේ යැයි නුඹ පවසනු. එවිට නුඹ වෙත ඔවුන්ගේ හිස් සොලවා එය කවදා දැ? යි විමසා සිටිති. එය සමීපයෙන් විය හැකැයි නුඹ පවසනු.
عربي تفسیرونه:
یَوْمَ یَدْعُوْكُمْ فَتَسْتَجِیْبُوْنَ بِحَمْدِهٖ وَتَظُنُّوْنَ اِنْ لَّبِثْتُمْ اِلَّا قَلِیْلًا ۟۠
ඔහු නුඹලාව කැඳ වන දින නුඹලා ඔහුගේ ප්‍රශංසාව තුළින් ප්‍රතිචාර දක්වනු ඇත. තවද ස්වල්ප කාලයක් මිස (මෙලොවෙහි) නුඹලා රැඳී නො සිටි බව නුඹලා සිතනු ඇත.
عربي تفسیرونه:
وَقُلْ لِّعِبَادِیْ یَقُوْلُوا الَّتِیْ هِیَ اَحْسَنُ ؕ— اِنَّ الشَّیْطٰنَ یَنْزَغُ بَیْنَهُمْ ؕ— اِنَّ الشَّیْطٰنَ كَانَ لِلْاِنْسَانِ عَدُوًّا مُّبِیْنًا ۟
තවද වඩාත් අලංකාර දෑ පවසන්නැයි මාගේ ගැත්තන්හට (නබිවරය!) නුඹ පවසනු. නියත වශයෙන් ම ෂෙයිතාන් ඔවුන් අතර බෙදුම් ඇති කරයි. නියත වශයෙන් ම ෂෙයිතාන් මිනිසාට ප්‍රකට සතුරෙකු විය.
عربي تفسیرونه:
رَبُّكُمْ اَعْلَمُ بِكُمْ ؕ— اِنْ یَّشَاْ یَرْحَمْكُمْ اَوْ اِنْ یَّشَاْ یُعَذِّبْكُمْ ؕ— وَمَاۤ اَرْسَلْنٰكَ عَلَیْهِمْ وَكِیْلًا ۟
නුඹලා පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතියා ය. ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට කරුණාව දක්වනු ඇත. නැතහොත් ඔහු අභිමත කරන්නේ නම් නුඹලාට ඔහු දඬුවම් කරනු ඇත. තවද ඔවුන් වෙත භාරකරුවකු ලෙස අපි නුඹ නො එව්වෙමු.
عربي تفسیرونه:
وَرَبُّكَ اَعْلَمُ بِمَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِیّٖنَ عَلٰی بَعْضٍ وَّاٰتَیْنَا دَاوٗدَ زَبُوْرًا ۟
තවද අහස්හි හා මහපොළොවේ සිටින අය පිළිබඳව මැනවින් දන්නා නුඹගේ පරමාධිපති ය. නබිවරුන්ගෙන් ඇතැමෙකුට වඩා ඇතැමෙකුව සැබැවින් ම අපි උසස් කළෙමු. තවද අපි දාවූද්ට සබූර් (ග්‍රන්ථය) පිරිනැමුවෙමු.
عربي تفسیرونه:
قُلِ ادْعُوا الَّذِیْنَ زَعَمْتُمْ مِّنْ دُوْنِهٖ فَلَا یَمْلِكُوْنَ كَشْفَ الضُّرِّ عَنْكُمْ وَلَا تَحْوِیْلًا ۟
ඔහු හැර දමා නුඹලා විශ්වාස කරමින් සිටි අයව අයැදිනු. එහෙත් නුඹලාගෙන් පීඩා ඉවත් කිරීමට හෝ (එය වෙනතකට) හැරවීමට හෝ ඔවුහු බලය නො දරති, යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
اُولٰٓىِٕكَ الَّذِیْنَ یَدْعُوْنَ یَبْتَغُوْنَ اِلٰی رَبِّهِمُ الْوَسِیْلَةَ اَیُّهُمْ اَقْرَبُ وَیَرْجُوْنَ رَحْمَتَهٗ وَیَخَافُوْنَ عَذَابَهٗ ؕ— اِنَّ عَذَابَ رَبِّكَ كَانَ مَحْذُوْرًا ۟
ඔවුන් කවරෙකුට අයැද සිටින්නේද එවැන්නන් වනාහි, ඔවුන්ගෙන් වඩාත් සමීප වූවන් ඔවුන්ගේ පරමාධිපති වෙත මං සොයති. තවද ඔහුගේ කරුණාව බලාපොරොත්තු වෙති. තවද ඔහුගේ දඬුවමට බිය වෙති. නියත වශයෙන් ම නුඹගේ පරමාධිපතිගේ දඬුවම ප්‍රවේශම් විය යුත්තකි.
عربي تفسیرونه:
وَاِنْ مِّنْ قَرْیَةٍ اِلَّا نَحْنُ مُهْلِكُوْهَا قَبْلَ یَوْمِ الْقِیٰمَةِ اَوْ مُعَذِّبُوْهَا عَذَابًا شَدِیْدًا ؕ— كَانَ ذٰلِكَ فِی الْكِتٰبِ مَسْطُوْرًا ۟
තවද (අපරාධ කරමින් සිටි) කිසියම් ගම්මානයක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනට පෙර එය අපි විනාශ කරන්නන් ලෙස හෝ එයට දැඩි දඬුවමකින් දඬුවම් කරන්නන් ලෙස මිස අපි නො සිටියෙමු. එය ලේඛනයේ සටහන් කරනු ලබන්නක් විය.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: اسراء
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول