Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: بقره   آیت:
وَاِذْ قُلْنَا ادْخُلُوْا هٰذِهِ الْقَرْیَةَ فَكُلُوْا مِنْهَا حَیْثُ شِئْتُمْ رَغَدًا وَّادْخُلُوا الْبَابَ سُجَّدًا وَّقُوْلُوْا حِطَّةٌ نَّغْفِرْ لَكُمْ خَطٰیٰكُمْ ؕ— وَسَنَزِیْدُ الْمُحْسِنِیْنَ ۟
"නුඹලා මෙම නගරයට පිවිසෙනු. එහි ඇති දැයින් කැමති දෑ කැමති තැනක අනුභව කරනු. සිරස නමමින් දොරටුවෙන් ඇතුළු වනු. 'හිත්තතුන්' (අපට සමාව දෙනු මැනව) යැයි පවසනු. නුඹලාගේ වැරදිවලට අපි සමාව දෙන්නෙමු. යහ වැඩ කළවුන්ට අපි අධික කරන්නෙමු," යැයි අප පැවසූ අවස්ථාව සිහිපත් කරනු.
عربي تفسیرونه:
فَبَدَّلَ الَّذِیْنَ ظَلَمُوْا قَوْلًا غَیْرَ الَّذِیْ قِیْلَ لَهُمْ فَاَنْزَلْنَا عَلَی الَّذِیْنَ ظَلَمُوْا رِجْزًا مِّنَ السَّمَآءِ بِمَا كَانُوْا یَفْسُقُوْنَ ۟۠
එවිට අපරාධ කළවුන් ඔවුනට පවසනු ලැබූ දෑ නො වන වෙනත් වදනක් වෙනස්කර පැවසූහ. එවිට අපරාධ කළවුන්ට ඔවුන් කලහකම් කරමින් සිටි හේතුවෙන් අහසින් ව්‍යසනයක් අපි පහළ කළෙමු.
عربي تفسیرونه:
وَاِذِ اسْتَسْقٰی مُوْسٰی لِقَوْمِهٖ فَقُلْنَا اضْرِبْ بِّعَصَاكَ الْحَجَرَ ؕ— فَانْفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَیْنًا ؕ— قَدْ عَلِمَ كُلُّ اُنَاسٍ مَّشْرَبَهُمْ ؕ— كُلُوْا وَاشْرَبُوْا مِنْ رِّزْقِ اللّٰهِ وَلَا تَعْثَوْا فِی الْاَرْضِ مُفْسِدِیْنَ ۟
තවද මූසා තම ජනයා වෙනුවෙන් ජලය පැතූ අවස්ථාව සිහිපත් කරනු. එවිට නුඹ නුඹගේ සැරයටියෙන් ගලට ගසනු යැයි අපි පැවසුවෙමු. එවිට උල්පත් දොළොසක් එයින් පිපිරී මතු විය. සෑම ජන සමූහයක් ම ඔවුන් පානය කළ යුතු ස්ථානය දැන ගත්හ. නුඹලා අල්ලාහ් පිරිනැමූ පෝෂණයෙන් අනුභව කරනු. තවද පානය කරනු. කලහ කරන්නන් ලෙස මහපොළොවේ සීමාව ඉක්මවා නො සැරිසරනු.
عربي تفسیرونه:
وَاِذْ قُلْتُمْ یٰمُوْسٰی لَنْ نَّصْبِرَ عَلٰی طَعَامٍ وَّاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ یُخْرِجْ لَنَا مِمَّا تُنْۢبِتُ الْاَرْضُ مِنْ بَقْلِهَا وَقِثَّآىِٕهَا وَفُوْمِهَا وَعَدَسِهَا وَبَصَلِهَا ؕ— قَالَ اَتَسْتَبْدِلُوْنَ الَّذِیْ هُوَ اَدْنٰی بِالَّذِیْ هُوَ خَیْرٌ ؕ— اِهْبِطُوْا مِصْرًا فَاِنَّ لَكُمْ مَّا سَاَلْتُمْ ؕ— وَضُرِبَتْ عَلَیْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآءُوْ بِغَضَبٍ مِّنَ اللّٰهِ ؕ— ذٰلِكَ بِاَنَّهُمْ كَانُوْا یَكْفُرُوْنَ بِاٰیٰتِ اللّٰهِ وَیَقْتُلُوْنَ النَّبِیّٖنَ بِغَیْرِ الْحَقِّ ؕ— ذٰلِكَ بِمَا عَصَوْا وَّكَانُوْا یَعْتَدُوْنَ ۟۠
"අහෝ මූසා! අපට එක ම (ආකාරයේ) ආහාරයක් මත පමණක් ඉවසා සිටිය නොහැකි ය. එබැවින් අපට මහපොළොවෙන් හට ගැන් වන පලා වර්ග, කැකිරි, සුදු ලූනු, පරිප්පු හා ලූනු වැනි දෑ අප වෙනුවෙන් මතු කරන්නැ යි නුඹගේ පරමාධිපතිගෙන් අයැද සිටිනු" යැයි නුඹලා පැවසූ අවස්ථාව සිහිපත් කරනු. ඔහු මෙසේ කී ය. "කවර දෙයක් ශ්‍රේෂ්ඨ ද, ඒ වෙනුවට කවර දෙයක් පහත් ද එය මාරු කර දෙන මෙන් නුඹලා පතන්නෙහු ද? නුඹලා නගරයකට ගොඩ බසිනු. එවිට නුඹලා ඉල්ලන දෑ නුඹලාට හිමි වේ." තවද ඔවුන් වෙත අවමානය ද දිළිඳුකම ද වෙළා ගනු ලැබී ය. ඔවුහු අල්ලාහ්ගේ කෝපයට ලක් වූහ. මෙය ඔවුන් අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරමින් සිටි හා යුක්තියෙන් තොරව නබිවරුන්ව ඝාතනය කරමින් සිටි හේතුවෙනි. එය ඔවුන් පිටු පා සීමාව ඉක්මවා යමින් සිටි හේතුවෙනි.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: بقره
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول