Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: عنکبوت   آیت:
وَقَارُوْنَ وَفِرْعَوْنَ وَهَامٰنَ ۫— وَلَقَدْ جَآءَهُمْ مُّوْسٰی بِالْبَیِّنٰتِ فَاسْتَكْبَرُوْا فِی الْاَرْضِ وَمَا كَانُوْا سٰبِقِیْنَ ۟ۚ
තවද කාරූන් ෆිර්අවුන් හා හාමාන් ද (විනාශ කළෙමු.) සැබැවින් ම මූසා ඔවුන් වෙත පැහැදිලි සාධක ගෙන ආවේ ය. එහෙත් ඔවුන් මහපොළොවේ උඩඟුකම් පෑහ. තවද ඔවුන් ජයග්‍රාහකයන් නො වූහ.
عربي تفسیرونه:
فَكُلًّا اَخَذْنَا بِذَنْۢبِهٖ ۚ— فَمِنْهُمْ مَّنْ اَرْسَلْنَا عَلَیْهِ حَاصِبًا ۚ— وَمِنْهُمْ مَّنْ اَخَذَتْهُ الصَّیْحَةُ ۚ— وَمِنْهُمْ مَّنْ خَسَفْنَا بِهِ الْاَرْضَ ۚ— وَمِنْهُمْ مَّنْ اَغْرَقْنَا ۚ— وَمَا كَانَ اللّٰهُ لِیَظْلِمَهُمْ وَلٰكِنْ كَانُوْۤا اَنْفُسَهُمْ یَظْلِمُوْنَ ۟
එසේ සෑම සමූහයක් ම එහි පාපය හේතුවෙන් අපි ග්‍රහණය කළෙමු. ඒ අනුව ඔවුන් අතරින් අප ඒ(සමූහය) වෙත සැඩ සුළං එවූ අය ද වෙති. තවද ඔවුන් අතුරන් මහ හඬ එ(ම සමූහ)ය හසුකරගත් අය ද වෙති. තවද ඔවුන් අතරින් එ(ම සමූහ)ය මහපොළොවට ගිල් වූ අය ද වෙති. තවද ඔවුන් අතරින් අප ජලයේ ගිල්වූ අය ද වෙති. අල්ලාහ් ඔවුනට අපරාධ කිරීමට නො වීය. එහෙත් ඔවුහු ඔවුනට ම අපරාධ කර ගනිමින් සිටියෝ ය.
عربي تفسیرونه:
مَثَلُ الَّذِیْنَ اتَّخَذُوْا مِنْ دُوْنِ اللّٰهِ اَوْلِیَآءَ كَمَثَلِ الْعَنْكَبُوْتِ ۚ— اِتَّخَذَتْ بَیْتًا ؕ— وَاِنَّ اَوْهَنَ الْبُیُوْتِ لَبَیْتُ الْعَنْكَبُوْتِ ۘ— لَوْ كَانُوْا یَعْلَمُوْنَ ۟
අල්ලාහ් හැර භාරකරුවන් ලෙස ගත්තවුන්ගේ උපමාව නිවසක් තනා ගත් මකුළුවාගේ උපමාව මෙනි. නියත වශයෙන් ම නිවෙස් අතරින් වඩාත් දුර්වල වනුයේ මකුළුවාගේ නිවසයි. ඔවුන් දැන සිටියාහු නම්.
عربي تفسیرونه:
اِنَّ اللّٰهَ یَعْلَمُ مَا یَدْعُوْنَ مِنْ دُوْنِهٖ مِنْ شَیْءٍ ؕ— وَهُوَ الْعَزِیْزُ الْحَكِیْمُ ۟
නියත වශයෙන් ම ඔහු හැර දමා ඔවුන් කවර දෙයකින් ඇරයුම් කරන්නේ ද ඒ පිළිබඳව අල්ලාහ් දනී. තවද ඔහු සර්ව බලධාරී ය; මහා ප්‍රඥාවන්ත ය.
عربي تفسیرونه:
وَتِلْكَ الْاَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ ۚ— وَمَا یَعْقِلُهَاۤ اِلَّا الْعٰلِمُوْنَ ۟
තවද එම උපමාවන් අපි ජනයාට ගෙන හැර පාන්නෙමු. ප්‍රඥාව ඇත්තන් හැර වෙනත් කිසිවෙකු එය වටහා නො ගනියි.
عربي تفسیرونه:
خَلَقَ اللّٰهُ السَّمٰوٰتِ وَالْاَرْضَ بِالْحَقِّ ؕ— اِنَّ فِیْ ذٰلِكَ لَاٰیَةً لِّلْمُؤْمِنِیْنَ ۟۠
අල්ලාහ් අහස් සහ මහපොළොව සත්‍යයෙන් යුතුව මැව්වේ ය. නියත වශයෙන් ම දේවත්වය විශ්වාස කරන්නන්හට එහි සංඥාවක් ඇත.
عربي تفسیرونه:
اُتْلُ مَاۤ اُوْحِیَ اِلَیْكَ مِنَ الْكِتٰبِ وَاَقِمِ الصَّلٰوةَ ؕ— اِنَّ الصَّلٰوةَ تَنْهٰی عَنِ الْفَحْشَآءِ وَالْمُنْكَرِ ؕ— وَلَذِكْرُ اللّٰهِ اَكْبَرُ ؕ— وَاللّٰهُ یَعْلَمُ مَا تَصْنَعُوْنَ ۟
ධර්ම ග්‍රන්ථයෙන් ඔබ වෙත දන්වනු ලැබූ දෑ පාරායනය කරනු. තවද සලාතය විධිමත්ව ඉටු කරනු. නියත වශයෙන් ම සලාතය අශික්ෂිත දැයින් හා පිළිකුල් සහගත දැයින් වළක්වනු ඇත. තවද අල්ලාහ්ව මෙනෙහි කිරීම අතිමහත් ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ දනී.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: عنکبوت
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول