Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: رحمن   آیت:
مَرَجَ الْبَحْرَیْنِ یَلْتَقِیٰنِ ۟ۙ
ඔහු මුහුදු දෙක එකිනෙකට යාවන්නට හැරී ය.
عربي تفسیرونه:
بَیْنَهُمَا بَرْزَخٌ لَّا یَبْغِیٰنِ ۟ۚ
ඒ දෙක ඉක්මවා නො යන අයුරින් ඒ දෙක අතර බාධකයක් විය.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
یَخْرُجُ مِنْهُمَا اللُّؤْلُؤُ وَالْمَرْجَانُ ۟ۚ
ඒ දෙකින් මුතු හා පබළු මතු වෙයි.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
وَلَهُ الْجَوَارِ الْمُنْشَاٰتُ فِی الْبَحْرِ كَالْاَعْلَامِ ۟ۚ
තවද කඳු මෙන් මුහුදෙහි උසින් ගමන් කරනු ලබන යාත්‍රා ද ඔහුට ඇත.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟۠
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
كُلُّ مَنْ عَلَیْهَا فَانٍ ۟ۚۖ
ඒ (මහපොළොව) මත ඇති සියල්ල විනාශ වී යන්නක් ය.
عربي تفسیرونه:
وَّیَبْقٰی وَجْهُ رَبِّكَ ذُو الْجَلٰلِ وَالْاِكْرَامِ ۟ۚ
තවද තේජාන්විතභාවයෙන් හා ගෞරවාන්විතභාවයෙන් යුක්ත නුඹගේ පරමාධිපතිගේ මුහුණ නිත්‍යයව පවතී.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
یَسْـَٔلُهٗ مَنْ فِی السَّمٰوٰتِ وَالْاَرْضِ ؕ— كُلَّ یَوْمٍ هُوَ فِیْ شَاْنٍ ۟ۚ
අහස්හි හා මහපොළොවෙහි සිටින්නෝ (තම අවශ්‍යතාව) ඔහුගෙන් ඉල්ලා සිටිති. සෑම දිනකම ඔහු (තම) කටයුත්තෙහි නිරතව සිටියි.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
سَنَفْرُغُ لَكُمْ اَیُّهَ الثَّقَلٰنِ ۟ۚ
අහෝ (මිනිස් හා ජින්) දෙවර්ගයනි! අපි නුඹලා වෙනුවෙන් (විනිශ්චය සඳහා වූ කාලය) වෙන් කරන්නෙමු.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
یٰمَعْشَرَ الْجِنِّ وَالْاِنْسِ اِنِ اسْتَطَعْتُمْ اَنْ تَنْفُذُوْا مِنْ اَقْطَارِ السَّمٰوٰتِ وَالْاَرْضِ فَانْفُذُوْا ؕ— لَا تَنْفُذُوْنَ اِلَّا بِسُلْطٰنٍ ۟ۚ
අහෝ ජින් හා මිනිස් සමූහයනි! අහස් හා මහපොළොවේ සීමාවන්ගෙන් පලා යෑමට නුඹලා හැකියාව දරන්නේ නම් නුඹලා පලා යනු. මහා බලයකින් මිස නුඹලා පලා නොයනු ඇත.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
یُرْسَلُ عَلَیْكُمَا شُوَاظٌ مِّنْ نَّارٍ ۙ۬— وَّنُحَاسٌ فَلَا تَنْتَصِرٰنِ ۟ۚ
නුඹලා (අයහපත්) දෙවර්ගයට එරෙහිව ගිනි ජාලා හා දුමාරයක් එවනු ලැබේ. එවිට නුඹලා දෙවර්ගය උදව් නො ලබනු ඇත.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
فَاِذَا انْشَقَّتِ السَّمَآءُ فَكَانَتْ وَرْدَةً كَالدِّهَانِ ۟ۚ
එහෙයින් අහස පැළී ගිය විට එය තෙල් මෙන් රතු පැහැ ගැණෙනු ඇත.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
فَیَوْمَىِٕذٍ لَّا یُسْـَٔلُ عَنْ ذَنْۢبِهٖۤ اِنْسٌ وَّلَا جَآنٌّ ۟ۚ
එහෙයින් එදින මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ඔහුගේ පාපය ගැන විමසනු නො ලබයි.
عربي تفسیرونه:
فَبِاَیِّ اٰلَآءِ رَبِّكُمَا تُكَذِّبٰنِ ۟
එහෙයින් (මිනිස් හා ජින් යන) නුඹලා දෙවර්ගයේ පරමාධිපතිගේ කවර ආශිර්වාදයක් නුඹලා බොරු කරන්නෙහු ද?
عربي تفسیرونه:
یُعْرَفُ الْمُجْرِمُوْنَ بِسِیْمٰهُمْ فَیُؤْخَذُ بِالنَّوَاصِیْ وَالْاَقْدَامِ ۟ۚ
වැරදි කරුවෝ ඔවුන්ගේ සලකුණුවලින් හඳුනා ගනු ලබති. එවිට ඔවුහු ඉදිරි නළල් කෙස් රොද හා පාදවලින් ග්‍රහණය කරනු ලබති.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: رحمن
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول