Check out the new design

د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: ملک   آیت:
وَاَسِرُّوْا قَوْلَكُمْ اَوِ اجْهَرُوْا بِهٖ ؕ— اِنَّهٗ عَلِیْمٌۢ بِذَاتِ الصُّدُوْرِ ۟
තවද නුඹලාගේ ප්‍රකාශයන් රහසිගතව කියනු. නැතහොත් එය හඬ නගා කියනු. නියත වශයෙන් ම ඔහු හදවත්හි ඇති දෑ පිළිබඳව සර්ව ඥානී ය.
عربي تفسیرونه:
اَلَا یَعْلَمُ مَنْ خَلَقَ ؕ— وَهُوَ اللَّطِیْفُ الْخَبِیْرُ ۟۠
(සියල්ල) මැවූ ඔහු නො දන්නේ ද? ඔහු සියුම් ඥානී ය; අභිඥානවන්ත ය.
عربي تفسیرونه:
هُوَ الَّذِیْ جَعَلَ لَكُمُ الْاَرْضَ ذَلُوْلًا فَامْشُوْا فِیْ مَنَاكِبِهَا وَكُلُوْا مِنْ رِّزْقِهٖ ؕ— وَاِلَیْهِ النُّشُوْرُ ۟
නුඹලාට මහපොළොව (ගමන් කිරීමට) පහසු අයුරින් සැකසුවේ ඔහු ය. එහෙයින් එහි පැතිකඩවල නුඹලා ගමන් කරනු. තවද ඔහුගේ පෝෂණයෙන් අනුභව කරනු. තවද ඔහු වෙතය නැවත නැගිටුවනු ලබනුයේ.
عربي تفسیرونه:
ءَاَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یَّخْسِفَ بِكُمُ الْاَرْضَ فَاِذَا هِیَ تَمُوْرُ ۟ۙ
අහසේ සිටින්නා මහපොළොවේ නුඹලාව ගිල් වීම ගැන නුඹලා නිර්භියව සිටින්නෙහු ද? එවිට එය කම්පනය වෙමින් පවතී.
عربي تفسیرونه:
اَمْ اَمِنْتُمْ مَّنْ فِی السَّمَآءِ اَنْ یُّرْسِلَ عَلَیْكُمْ حَاصِبًا ؕ— فَسَتَعْلَمُوْنَ كَیْفَ نَذِیْرِ ۟
එසේ නැතහොත් අහසෙහි සිටින්නා ගල් කුණාටුවක් නුඹලා වෙත එවීම ගැන නිර්භියව සිටින්නෙහු ද? එවිට මාගේ අනතුරු ඇඟවීම කෙසේ දැ? යි නුඹලා මතු දැන ගනු ඇත.
عربي تفسیرونه:
وَلَقَدْ كَذَّبَ الَّذِیْنَ مِنْ قَبْلِهِمْ فَكَیْفَ كَانَ نَكِیْرِ ۟
තවද සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝ ය. එවිට මාගේ උදහස කෙසේ වී ද?
عربي تفسیرونه:
اَوَلَمْ یَرَوْا اِلَی الطَّیْرِ فَوْقَهُمْ صٰٓفّٰتٍ وَّیَقْبِضْنَ ؕۘؔ— مَا یُمْسِكُهُنَّ اِلَّا الرَّحْمٰنُ ؕ— اِنَّهٗ بِكُلِّ شَیْءٍ بَصِیْرٌ ۟
ඔවුනට ඉහළින් පක්ෂීන් තම පියාපත් දිගු හරිමින් හා හකුළුවාලමින් පියාසර කිරීම ඔවුහු නුදුටුවෝ ද? උන් රඳවා තබනුයේ අපරිමිත දයාන්විතයාණන් මිස අන් කිසිවෙකු නො වෙයි. නියත වශයෙන් ම ඔහු සෑම දෙයක් පිළිබඳව සර්ව නිරීක්ෂක ය.
عربي تفسیرونه:
اَمَّنْ هٰذَا الَّذِیْ هُوَ جُنْدٌ لَّكُمْ یَنْصُرُكُمْ مِّنْ دُوْنِ الرَّحْمٰنِ ؕ— اِنِ الْكٰفِرُوْنَ اِلَّا فِیْ غُرُوْرٍ ۟ۚ
අපරිමිත දායන්විතයාණන් හැර නුඹලාට උදව් කරන නුඹලා සතු සේනාව කවරෙකු ද? දේවත්වය ප්‍රතික්ෂේප කරන්නෝ මුළාවෙහි මිස නැත.
عربي تفسیرونه:
اَمَّنْ هٰذَا الَّذِیْ یَرْزُقُكُمْ اِنْ اَمْسَكَ رِزْقَهٗ ۚ— بَلْ لَّجُّوْا فِیْ عُتُوٍّ وَّنُفُوْرٍ ۟
නැතහොත් ඔහුගේ පෝෂණය ඔහු නතර කළේ නම් නුඹලාට පෝෂණය සපයනුයේ කවරෙකු ද? නමුත් ඔවුහු සත්‍යයෙන් දුරස්ව සීමාව ඉක්මවීමෙහි හා (සත්‍යයෙන්) පලා යෑමෙහි එල්බගෙන සිටිති.
عربي تفسیرونه:
اَفَمَنْ یَّمْشِیْ مُكِبًّا عَلٰی وَجْهِهٖۤ اَهْدٰۤی اَمَّنْ یَّمْشِیْ سَوِیًّا عَلٰی صِرَاطٍ مُّسْتَقِیْمٍ ۟
තම මුහුණ මුණින් අතට වැටී ඇවිදින්නා ද එසේ නැතහොත් කෙළින් ඍජු මාර්ගය මත ඇවිදින්නා ද ඍජු මාර්ගයක සිටිනුයේ?
عربي تفسیرونه:
قُلْ هُوَ الَّذِیْۤ اَنْشَاَكُمْ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْاَبْصَارَ وَالْاَفْـِٕدَةَ ؕ— قَلِیْلًا مَّا تَشْكُرُوْنَ ۟
නුඹලා නිර්මාණය කොට නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටි ද හදවත් ද ඇති කළේ ඔහු ය. නුඹලා ගුණ ගරුක වනුයේ ස්වල්පයකි යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
قُلْ هُوَ الَّذِیْ ذَرَاَكُمْ فِی الْاَرْضِ وَاِلَیْهِ تُحْشَرُوْنَ ۟
නුඹලා මහපොළොවෙහි විසුරුවා හැරියේ ඔහු ය. තවද ඔහු වෙතය නුඹලා එක්රැස් කරනු ලබනුයේ යැයි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
وَیَقُوْلُوْنَ مَتٰی هٰذَا الْوَعْدُ اِنْ كُنْتُمْ صٰدِقِیْنَ ۟
තවද නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම පොරොන්දුව (ඉටු කරනු ලබනුයේ) කවදා දැ? යි ඔවුහු ප්‍රශ්න කරති.
عربي تفسیرونه:
قُلْ اِنَّمَا الْعِلْمُ عِنْدَ اللّٰهِ ۪— وَاِنَّمَاۤ اَنَا نَذِیْرٌ مُّبِیْنٌ ۟
(එයට) නියත වශයෙන් ම (මේ ගැන) දැනුම ඇත්තේ අල්ලාහ් වෙත ය. තවද නියත වශයෙන් ම මම පැහැදිලි අනතුරු අඟවන්නෙකු පමණකියි (නබිවරය!) නුඹ පවසනු.
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: ملک
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژباړه - د رواد الترجمة مرکز - د ژباړو فهرست (لړلیک)

دا ژباړه د مرکز رواد الترجمة ټیم لخوا د ربوہ د تبلیغ ټولنې او د اسلامي منځپانګې د خدماتو ټولنې په همکارۍ شوې.

بندول