د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبه * - د ژباړو فهرست (لړلیک)

PDF XML CSV Excel API
Please review the Terms and Policies

د معناګانو ژباړه سورت: نوح   آیت:

සූරා නූහ්

اِنَّاۤ اَرْسَلْنَا نُوْحًا اِلٰی قَوْمِهٖۤ اَنْ اَنْذِرْ قَوْمَكَ مِنْ قَبْلِ اَنْ یَّاْتِیَهُمْ عَذَابٌ اَلِیْمٌ ۟
වේදනීය දඬුවමක් ඔවුන් වෙත පැමිණීමට පෙර නුඹ නුඹේ ජනයාට අනතුරු අඟවනු යැයි (නියෝග කර) අපි නූහ් ඔහුගේ ජනයා වෙත සැබැවින් ම එව්වෙමු.
عربي تفسیرونه:
قَالَ یٰقَوْمِ اِنِّیْ لَكُمْ نَذِیْرٌ مُّبِیْنٌ ۟ۙ
“අහෝ මාගේ ජනයිනි! නියත වශයෙන් ම මම නුඹලා වෙනුවෙන් ප්‍රකට අනතුරු අඟවන්නෙකු වෙමි” යැයි ඔහු පැවසුවේ ය.
عربي تفسیرونه:
اَنِ اعْبُدُوا اللّٰهَ وَاتَّقُوْهُ وَاَطِیْعُوْنِ ۟ۙ
“නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මට අවනත වනු”
عربي تفسیرونه:
یَغْفِرْ لَكُمْ مِّنْ ذُنُوْبِكُمْ وَیُؤَخِّرْكُمْ اِلٰۤی اَجَلٍ مُّسَمًّی ؕ— اِنَّ اَجَلَ اللّٰهِ اِذَا جَآءَ لَا یُؤَخَّرُ ۘ— لَوْ كُنْتُمْ تَعْلَمُوْنَ ۟
“නුඹලාගේ පාපයන්ට ඔහු නුඹලාට සමාව දෙනු ඇත. නියමිත කාලයක් දක්වා නුඹලාව ඔහු ප්‍රමාද කරනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ්ගේ නිශ්චිත කාලය පැමිණි විට එය කල් දමනු නො ලැබේ. නුඹලා දැන සිටියාහු නම්.”
عربي تفسیرونه:
قَالَ رَبِّ اِنِّیْ دَعَوْتُ قَوْمِیْ لَیْلًا وَّنَهَارًا ۟ۙ
“මාගේ පරමාධිපතියාණනි! දිවා රාත්‍රියේ නියත වශයෙන් ම මම මාගේ ජනයාට ඇරයුම් කළෙමි” යැයි ඔහු පැවසී ය.
عربي تفسیرونه:
فَلَمْ یَزِدْهُمْ دُعَآءِیْۤ اِلَّا فِرَارًا ۟
“නමුත් මාගේ ඇරයුම පලා යෑම මිස වෙනත් කිසිවක් ඔවුනට අධික නො කළේ ය.”
عربي تفسیرونه:
وَاِنِّیْ كُلَّمَا دَعَوْتُهُمْ لِتَغْفِرَ لَهُمْ جَعَلُوْۤا اَصَابِعَهُمْ فِیْۤ اٰذَانِهِمْ وَاسْتَغْشَوْا ثِیَابَهُمْ وَاَصَرُّوْا وَاسْتَكْبَرُوا اسْتِكْبَارًا ۟ۚ
“තවද නුඹ ඔවුනට සමාව දෙනු පිණිස නියත වශයෙන් ම මම ඔවුනට ඇරයුම් කළ සෑම කල්හිම ඔවුහු අඛණ්ඩව ඔවුන්ගේ ඇඟිලි කන් තුළ ඔබා ගත්තෝ ය. තවද ඔවුන්ගේ ඇඳුමින් ඔවුහු වසා ගත්තෝ ය. තවද පාපකම්හි නිරත වූවෝ ය. තවද අහංකාරයෙන් උඩඟුකම් පෑහ.”
عربي تفسیرونه:
ثُمَّ اِنِّیْ دَعَوْتُهُمْ جِهَارًا ۟ۙ
“පසුව නියත වශයෙන් ම මම ඔවුනට විවෘතව ඇරයුම් කළෙමි.”
عربي تفسیرونه:
ثُمَّ اِنِّیْۤ اَعْلَنْتُ لَهُمْ وَاَسْرَرْتُ لَهُمْ اِسْرَارًا ۟ۙ
“පසුව නියත වශයෙන් ම මම ප්‍රසිද්ධියේ ඔවුනට දැනුම් දුනිමි. තවද රහසිගතවද ඔවුනට දැනුම් දුනිමි.”
عربي تفسیرونه:
فَقُلْتُ اسْتَغْفِرُوْا رَبَّكُمْ ۫— اِنَّهٗ كَانَ غَفَّارًا ۟ۙ
“එවිට නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. නියත වශයෙන් ම ඔහු අතික්ෂමාශීලීය යැයි මම පැවසුවෙමි.”
عربي تفسیرونه:
یُّرْسِلِ السَّمَآءَ عَلَیْكُمْ مِّدْرَارًا ۟ۙ
“ඔහු නුඹලා වෙත අහසින් (වැසි) නිරතුරුව එවනු ඇත.”
عربي تفسیرونه:
وَّیُمْدِدْكُمْ بِاَمْوَالٍ وَّبَنِیْنَ وَیَجْعَلْ لَّكُمْ جَنّٰتٍ وَّیَجْعَلْ لَّكُمْ اَنْهٰرًا ۟ؕ
“ධනය හා දරුවන් ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලා වෙනුවෙන් උයන් ඇති කරනු ඇත. තවද නුඹලා වෙනුවෙන් ගංගාවන් ද ඇති කරනු ඇත”.
عربي تفسیرونه:
مَا لَكُمْ لَا تَرْجُوْنَ لِلّٰهِ وَقَارًا ۟ۚ
“නුඹලාට කුමක් වී ද? අල්ලාහ්ට ගෞරවය කිරීමට නුඹලා අපේක්ෂා නො කරන්නෙහු ය.”
عربي تفسیرونه:
وَقَدْ خَلَقَكُمْ اَطْوَارًا ۟
“තවද සැබැවින් ම ඔහු නුඹලාව විවිධ අදියරයන්ගෙන් මැව්වේ ය.”
عربي تفسیرونه:
اَلَمْ تَرَوْا كَیْفَ خَلَقَ اللّٰهُ سَبْعَ سَمٰوٰتٍ طِبَاقًا ۟ۙ
“ස්ථර වශයෙන් අහස් හත අල්ලාහ් මවා ඇත්තේ කෙසේ දැ? යි නුඹලා නො දුටුවෙහු ද?”
عربي تفسیرونه:
وَّجَعَلَ الْقَمَرَ فِیْهِنَّ نُوْرًا وَّجَعَلَ الشَّمْسَ سِرَاجًا ۟
“තවද ඔහු එහි සඳු ආලෝකයක් බවට පත් කළේ ය. තවද හිරු පහනක් බවට පත් කළේ ය.”
عربي تفسیرونه:
وَاللّٰهُ اَنْۢبَتَكُمْ مِّنَ الْاَرْضِ نَبَاتًا ۟ۙ
“තවද අල්ලාහ් නුඹලාව මහපොළොවෙන් බිහි කර වැඩෙන්නට සැලැස්වී ය.”
عربي تفسیرونه:
ثُمَّ یُعِیْدُكُمْ فِیْهَا وَیُخْرِجُكُمْ اِخْرَاجًا ۟
“පසුව ඒ තුළට ඔහු නුඹලාව නැවතත් එවන්නේ ය. තවද නුඹලාව බැහැර කරමින් නික්මෙන්නට සලස්වන්නේ ය.”
عربي تفسیرونه:
وَاللّٰهُ جَعَلَ لَكُمُ الْاَرْضَ بِسَاطًا ۟ۙ
තවද නුඹලාට මහපොළොව ඇතිරිල්ලක් මෙන් අල්ලාහ් ඇති කළේ ය.
عربي تفسیرونه:
لِّتَسْلُكُوْا مِنْهَا سُبُلًا فِجَاجًا ۟۠
නුඹලා එහි විවෘත මංමාවත්වල ගමන් කිරීම පිණිස.
عربي تفسیرونه:
قَالَ نُوْحٌ رَّبِّ اِنَّهُمْ عَصَوْنِیْ وَاتَّبَعُوْا مَنْ لَّمْ یَزِدْهُ مَالُهٗ وَوَلَدُهٗۤ اِلَّا خَسَارًا ۟ۚ
“මාගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම ඔවුන් මට පිටුපෑවෝ ය. තවද තම ධනය හා තම දරුවන් අලාභය මිස වෙනෙකක් ඔහුට අධික නො කළ අය ඔවුහු අනුගමනය කළෝය” යැයි නූහ් පැවසී ය.
عربي تفسیرونه:
وَمَكَرُوْا مَكْرًا كُبَّارًا ۟ۚ
“තවද ඔවුහු මහත් කුමන්ත්‍රණයක් සැලසුම් කළෝ ය.”
عربي تفسیرونه:
وَقَالُوْا لَا تَذَرُنَّ اٰلِهَتَكُمْ وَلَا تَذَرُنَّ وَدًّا وَّلَا سُوَاعًا ۙ۬— وَّلَا یَغُوْثَ وَیَعُوْقَ وَنَسْرًا ۟ۚ
“තවද නුඹලාගේ දෙවියන් නුඹලා අත් නො හරිනු. තවද වද්, සුවාඃ, යගූස්, යඌක්, හා නස්ර් (වැනි පිළිම ද) නුඹලා අත් නො හරිනු යැයි ඔවුහු පැවසුවෝ ය.”
عربي تفسیرونه:
وَقَدْ اَضَلُّوْا كَثِیْرًا ۚ۬— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا ضَلٰلًا ۟
“තවද ඔවුහු බොහෝ දෙනා නොමග යැව්වෝ ය. අපරාධකරුවන්ට මුළාව මිස වෙනත් කිසිවක් ඔබ අධික නො කරනු මැනව!” යනුවෙන් ප්‍රාර්ථනා කළහ.
عربي تفسیرونه:
مِمَّا خَطِیْٓـٰٔتِهِمْ اُغْرِقُوْا فَاُدْخِلُوْا نَارًا ۙ۬— فَلَمْ یَجِدُوْا لَهُمْ مِّنْ دُوْنِ اللّٰهِ اَنْصَارًا ۟
ඔවුන්ගේ වැරදි ක්‍රියා හේතුවෙන් ඔවුහු ගිල්වනු ලැබුවෝ ය. පසුව නිරා ගින්නට ඇතුළත් කරනු ලැබුවෝ ය. ඔවුන් වෙනුවෙන් අල්ලාහ් හැර උදව්කරුවන් කිසිවෙකු හෝ ඔවුහු නො ලැබුවෝ ය.
عربي تفسیرونه:
وَقَالَ نُوْحٌ رَّبِّ لَا تَذَرْ عَلَی الْاَرْضِ مِنَ الْكٰفِرِیْنَ دَیَّارًا ۟
“මාගේ පරමාධිපතියාණනි! දේවත්වය ප්‍රතික්ෂේප කරන්නන් අතරින් මහපොළොව මත කිසිදු නිවසක් හෝ අත් නො හරිනු මැනව!” යැයි නූහ් පැවසී ය.
عربي تفسیرونه:
اِنَّكَ اِنْ تَذَرْهُمْ یُضِلُّوْا عِبَادَكَ وَلَا یَلِدُوْۤا اِلَّا فَاجِرًا كَفَّارًا ۟
“නියත වශයෙන් ම ඔබ ඔවුන් අතහැරියේ නම් ඔබේ ගැත්තන්ව ඔවුන් නොමග යවනු ඇත. තවද ඔවුන් ගුණමකු පාපතරයකු හැර බිහි නො කරනු ඇත.”
عربي تفسیرونه:
رَبِّ اغْفِرْ لِیْ وَلِوَالِدَیَّ وَلِمَنْ دَخَلَ بَیْتِیَ مُؤْمِنًا وَّلِلْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ ؕ— وَلَا تَزِدِ الظّٰلِمِیْنَ اِلَّا تَبَارًا ۟۠
“මාගේ පරමාධිපතියාණනි! මට හා මාගේ දෙමව්පියන්ටත් විශ්වාස කරන්නෙකු සේ මාගේ නිවසට ඇතුළත්වූවන්හටත් දේවත්වය විශ්වාස කරන්නන් හා විශ්වාස කරන්නියන් හටත් සමාව දෙනු මැනව! අපරාධකරුවන්හට විනාශය මිස වෙනකක් අධික නො කරනු මැනව!”
عربي تفسیرونه:
 
د معناګانو ژباړه سورت: نوح
د سورتونو فهرست (لړلیک) د مخ نمبر
 
د قرآن کریم د معناګانو ژباړه - سنهالي ژبه - د ژباړو فهرست (لړلیک)

په سنګالي ژبه د قرآن کریم د معناګانو ژباړه، دا ژباړه د مرکز رواد الترجمة لخوا د اسلام هاوس په همکارۍ ژباړل شوې ده ژباړل شوې.www.islamhouse.com

بندول